මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MMC) සම්බන්ධයෙන් සොයා බැලීමට වත්මන් රජය විසින් පත්කරන ලද

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ සභාපතිත්වයෙන් යුතු "විශේෂඳ කමිටුවේ" අවසන් වාර්තාවේ තවත් බරපතල දුස්තොරතුරු රැසක් අඩංගු වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම වාර්තාවේ තිබු බරපතල දෝෂ රැසක් ''MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ-නීතිපති ගෙන් සහතිකයක් '' යන ශීර්ෂයෙන් යුතුව theleader.lk මිට ඉහත දී වාර්තා කළේය.

මේවනවිට අනාවරණය වී ඇති තවත් දුස්තොරතුරු කිහිපයක් මෙසේය.

(01)   ''MCC ගිවිසුම අත්සන් කළහොත් සෝෆා සහ ඇක්සා ගිවිසුම්වලට අදාළ කරුණු බලාත්මක කළ හැකිය.''

MCC ගිවිසුම අත්සන් කළහොත් සෝෆා සහ ඇක්සා ගිවිසුම්වල කරුණු බලාත්මක කළ හැකි බව ගුණරුවන් වාර්තාවේ 12 වතාවක් සඳහන් වේ. 

මෙය මුළුමනින් ම දුස්තොරතුරක් වන අතර MCC ගිවිසුමේ පැහැදිලිව සඳහන් කොට ඇත්තේ මෙම ප්‍රදානය කිසිඳු ලෙසකින් හමුදාමය අරමුණක් වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව භාවිත කළ නොහැකි බවය. 

MCC ගිවිසුමේ කිසිඳු තැනක ඇක්සා හෝ සෝෆා ගිවිසුම් ගැන සඳහන් නොවේ. 

MCC ගිවිසුමේ කිසිඳු තැනක ඇක්සා හෝ සෝෆා ගිවිසුම් ගැන සඳහන් නොවේ.  එමෙන් ම ඇක්සා ගිවිසුම ශ්‍රී ලංකාව විසින් මුලින් ම අත්සන් කළේ 2007 වසරේ වන අතර  සෝෆා ගිවිසුම අත්සන් කළේ 1995 වසරේ ය.  එනම් එම්.සී.සී වැඩසටහන හඳුන්වා දීමට දශකයකට  පෙර ය.

එමෙන් ම ඇක්සා ගිවිසුම ශ්‍රී ලංකාව විසින් මුලින් ම අත්සන් කළේ 2007 වසරේ වන අතර සෝෆා ගිවිසුම අත්සන් කළේ 1995 වසරේ ය. එනම් MCC  වැඩසටහන හඳුන්වා දීමට දශකයකට  පෙර ය. 

එම නිසා මෙම "කුමන්ත්‍රණ භීතිකාවට" කිසිදු පදනමක් නොමැත.

(02) ''මෙම ප්‍රදානය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා රජයේ පාලනයකින් තොරව ඇමෙරිකානු අභිලාෂවලට අනුකූලව ය.''

එම්.සී.සී ගිවිසුම අත්සන් කළහොත් එම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලාංකික කළමනාකරණ ඒකකයකින් වන අතර එහි කටයුතු අධීක්ෂණය කරන්නේ රජයේ අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සැදුම්ලත්  ශ්‍රී ලාංකික අධ්‍යක්ෂ මණ්ඩලයකට වේ. 

ශ්‍රී ලංකාරජය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිතයා වන්නේ මුදල් ඇමතිවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ ය.

(03)  ''කොළඹ - ත්‍රිකුණාමලය ආර්ථික කොරිඩෝව එම්.සී.සී ගිවිසුම මගින් ඉඩම් මංකොල්ල කෑම සඳහා යෝජනා කරන ලද්දක් වන අතර එය  ශ්‍රී ලංකා රජයේ අදහසක් නොවේ.''

මෙම ආර්ථික කොරිඩෝව පිළිබඳ අදහස එම්.සී.සී ගිවිසුම විසින් හඳුන්වා දෙන ලද එකක් නොවේ. 

මෙය මහාචාර්ය විලී මෙන්ඩිස් විසින් 1980 දශකයේ මුලින් ම ඉදිරිපත් කරන ලද අදහසක් වන අතර මේ සම්බන්ධයෙන් 2019 සැප්තැම්බර් 25 වැනිදා 
'සිලෝන් ටුඩේ' පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කළ නාගරික සංවර්ධන අධිකාරියේ එවකට සභාපති ජගත් මුණසිංහ තහවුරු කළේ එය 
ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද සංකල්පයක් සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් 2000 වසරේ සිට  
වැඩිදියුණු කරන ලද අදහසක්  බව ය. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති විද්වතුන්, වෘත්තිකයන්, තොරතුරු නිරවද්‍යතා පර්යේෂකයන් සහ විශේෂඥයන් පුන පුනා සඳහන් කරන්නේ 
එය ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් මිස ඉඩම් මංකොල්ල කෑම සඳහා MCC ගිවිසුම විසින් කරන ලද යෝජනාවක් නොවන බව ය. 

''මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති විද්වතුන්, 
වෘත්තිකයන්, තොරතුරු නිරවද්‍යතා පර්යේෂකයන්  සහ 
විශේෂඥයන් පුන පුනා සඳහන් කරන්නේ 
එය ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් මිස ඉඩම් මංකොල්ල කෑම සඳහා 
MCC ගිවිසුම විසින් කරන ලද යෝජනාවක් නොවන බව ය. ''

 (04)  ''MCC මගින් යෝජිත ව්‍යාපෘති ශ්‍රී ලංකා රජය විසින් හඳුනා ගන්නා ලද ඒවා නොව එම්.සී.සී කාර්යාලය හෝ හාවඩ්  විශ්වවිද්‍යාලය විසින් හඳුනා ගන්නා ලද ඒවා ය.''

මෙය ද පදනම් විරහිත, අසත්‍ය ප්‍රකාශයකි. පසුගිය රජය සමයේ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය සහ හාවඩ් විශ්ව විද්‍යාලය මේ සඳහා පර්යේෂණ මෙහෙයවූ අතර මීට අදාළ සියලුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන ගණනාවක් මේ ක්‍රියාවලියට දායක කරගන්නා ලදී. 

''මෙය ද පදනම් විරහිත, අසත්‍ය ප්‍රකාශයකි. 
පසුගිය රජය සමයේ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර  වෙළඳ කටයුතු අමාත්‍යංශය සහ හාවඩ් විශ්ව විද්‍යාලය මේ සඳහා 
පර්යේෂණ මෙහෙයවූ අතර මීට අදාළ සියලුම රාජ්‍ය ආයතන සහ
පෞද්ගලික අංශයේ ආයතන ගණනාවක් මේ ක්‍රියාවලියට දායක කරගන්නා ලදී.''

නව රජය බලයට පැමිණි පසු අවස්ථා කිහිපයකදීම ජනාධිපති, අගමැති ඇතුළු රජයේ ප්‍රධානීන් රථවාහන තදබදය අඩු කිරීම, 
බස් ප්‍රවාහනය දියුණු කිරීම, විද්‍යුත් ඉඩම්ලේඛනය සැකසීමේ කටයුතු කඩිනම් කිරීම සහ ශ්‍රී ලාංකිකයන්ට ඉඩම් හිමිකම් 
ඔප්පු ලබාදීම සඳහා වූ වැඩපිළිවෙලක අවශ්‍යතාව පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කොට තිබේ. 

රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව වූ 'සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනේ ද මෙම කාර්යයන් ප්‍රමුඛතා වශයෙන් හඳුනාගෙන තිබේ. 

(05) MCC ගිවිසුම විනිවිදභාවයෙන් තොරය 

2020 වසර සඳහා වූ ලෝක ආධාර පාරදෘශ්‍යතා දර්ශකයේ (2020 Aid Transparency Index) පළමු ස්ථානය දිනාගෙන ඇති ද්වි-පාර්ශ්වීය ආධාර වැඩසටහන වන්නේඑම්.සී.සී වැඩසටහනයි. 

චීනයට හිමිවන්නේ මෙහි අවසන් ස්ථානයයි. අන් ආධාර වැඩසටහන් මෙන් නොව ලොව පුරා ක්‍රියාත්මක MCC වැඩසටහන් 37ට අදාළ සියලුම ගිවිසුම් සහ ඒවාගේ ප්‍රතිඵල දර්ශක සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කොට ඇත. 

එමෙන් ම ශ්‍රී ලංකාවේ යෝජිත වැඩසටහනට අදාළ ගිවිසුම 2019 වසරේ ඔක්තොම්බර් මාසයේ සිට ප්‍රසිද්ධ කොට ඇති අතර 2016 සහ 2019 
අතර කාල සීමාවේ දී සිය ගණනක් ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන්, ප්‍රමුඛ ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ සිවිල් සමාජ නියෝජිතයන්ගේ අදහස් විමසීමට ශ්‍රී ලංකා රජය සහ එම්.සී.සී.කාර්යාලය කටයුතු කළේ ය. 

අනෙක් ආධාර වැඩසටහන් මෙන් නොව මෙය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ද අවශ්‍ය ය.

WhatsApp Image 2020 09 09 at 10.10.25 AM

සබැඳි පුවත් :

‘ගුණරුවන් කමිටුව’ කියන්නේ පට්ට බොරු : 'MCC ආධාරය මුලින්ම ඉල්ලුවේ මහින්දගේ ආණ්ඩුවයි' -ඇමරිකාව කියයි  

MCC : ගුණරුවන්ගේ කතාව අසත්‍යක් - ශ්‍රී ලංකාවට මෙතෙක් කිසිඳු මුදලක් මුදාහැර නැහැ!  

'MCC ගිවිසුමට අනුමැතිය දුන්නේ නැහැ' -නීතිපති කියයි : ලැබී ඇත්තේ නිර්දේශයක්!  

MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ - නීතිපති ගෙන් සහතිකයක්  

'මහින්ද MCC එකට එකඟ වුනා, සාකච්ඡා කළේ කබ්රාල්' - 'විකිලික්ස්' කේබලයෙන් එලියට ආ රහසක්!  

 ජාත්‍යන්තර එකඟතා කඩකරන්න බැහැ - MCC ගැන අසද්දී ඇමති බන්ධුල කියයි 

මංගල MCC ගිවිසුමේ ඇත්ත නැත්ත හෙළිකරයි (VIDEO)

කසාඳ බඳින්න කලින් මනමාලි ගැන හෙව්වා ගිවිසුමෙන් ඉවත්වෙන්න කිසිඳු බාධාවක් නැහැ (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්