අත් අඩංගුවේ සිටියදී සිදුවූ සිය පුතුගේ මරණය ඝාතනයක් බවට සැක පළ කරන මවුපියන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා කළ

පැමිණිල්ලක විභාගය ආරම්භ කර තිබේ.

සිරගෙදරින් පැන යාමට තැත් කිරීමේදී ඇද වැටී මියගිය බවට බලධාරීන් පවසන තම පුතු කුසගින්නේ සිටියදී වධහිංසා පමුණුවා ඝාතනය කර ඇති  බවට ජුනි 1 දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර තිබුනේ  මහර බන්ධනාගාරයේ සිටියදී මැයි 3 දින මිය ගිය කාවින්ද ඉසුරුගේ පියා වන සුමනදාස තිසේරා විසිනි.

තරුණ රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය නිවේදනය කර තිබුනේ මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පළායාමට උත්සාහ කිරීමේදී සිදු වූ අනතුරකින් ඔහු  මිය ගොස් ඇති බවයි.

කඹයක ආධාරයෙන් පැන පළායාමට උත්සාහ කිරීමේදී ඔහු තාප්පයෙන් ඇද වැටී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න එවකට සඳහන් කර තිබුනි.

කුසගින්නේ සිටි තරුණ රැඳවියාට වධහිංසා පමුණුවා ඝාතනය කළ බවට දෙමාපියන් මෙන්ම සිරකාර අයිතිවාසිකම් සඳහා වන සංවිධානද චෝදනා කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ටයි.

''කුසගින්නේ සිටි තරුණ රැඳවියාට වධහිංසා පමුණුවා ඝාතනය කළ බවට දෙමාපියන් මෙන්ම සිරකාර අයිතිවාසිකම් සඳහා වන සංවිධානද චෝදනා කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ටයි.''

පැමිනිල්ල විභාග කිරිමේ අවස්ථාවට  ප්‍රකාශයක් ලබා දීම සදහා පැමිණ සිටි පියා තමන්ට සාධාරණයක් වෙනු ඇතැයි විශ්වාසය පල කරයි.

"පුතාගේ මරණය ගැන සැක හින්දා තමයි මේකට පැමිනිලි කළෙත්. ඒ හින්දා මට සාධාරණයක් වෙයි කියලා හිතෙනවා මේ මානව හිමිකම් කොමිසමේ නඩුව අවසන් වෙලා, " යි සුමනදාස තිසේරා සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා මාධ්‍යවේදින් හා කියා සිටියේය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා  මාධ්‍ය වෙත කියා සිටියේ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වන මහර බන්ධනාගාරයේ  ජේලර්වරුන්, නියාමකවරුන් ඇතුලු පිරිසක් අද දින මානව හිමිකම් කොමිසම වෙත කැදවා තිබු බවයි.

 

ගවයන්ට දක්වන කරුණාව :

Senaka Sudeshකාවින්ද ඉසුරුගේ මරණය සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින හෙයින් මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත් වී යුක්තිය සහ සාධාරණත්වය ඉටු කර දෙන තමන් කොමිසමෙන් ඉල්ලා සිටි බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මාධ්‍ය වෙත කියා සිටියේ ගව ඝාතනය සම්බන්ධයෙන් රජය දක්වන උනන්දුව මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නොමැතිවීම ඉතාමත්ම කණගාටුදායක තත්වයක් බවයි.

"මොකද අද ඒ බන්ධනාගාර වධකාගාර ලෙස තමයි දකින්න වෙලා තියෙන්නේ අපිට. මොකද හිතු හැටියේ මිනිස්සුන්ට ගහනවා. හිතු හැටියේ මිනිස්සුන්ව මරණවා."

එම තත්වය බන්ධනාගාර තුළ පමණක් නොව පොලිස් අත්අඩංගුවේ සිටින රැදවියන්ටත් අද මුහුණ දීමට සිදුවී ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

 

සාක්කි වසන් කිරීමේ චෝදනා:

පොලුවලින් තලා බන්ධනාගාර නිලධාරින් විසින් කාවින්ද ඉසුරු මරා දමන ලද බවට අධිකරණය හමුවේ  අනාවරණය කර ඇති ඇසින් දුටු සාක්ෂියක් යට ගැසීමට උත්සාහ කරන බවටද බන්ධනාගාර නිලධාරීන් වෙත චෝදනා එල්ල වී තිබේ.

''පොලුවලින් තලා බන්ධනාගාර නිලධාරින් විසින් කාවින්ද ඉසුරු මරා දමන ලද බවට අධිකරණය හමුවේ  අනාවරණය කර ඇති ඇසින් දුටු සාක්ෂියක් යට ගැසීමට උත්සාහ කරන බවටද බන්ධනාගාර නිලධාරීන් වෙත චෝදනා එල්ල වී තිබේ.''

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව  චෝදනා කරන්නේ මහර බන්ධනාගරයේ නිලධාරින් විසින් කාවින්ද ඉසුරු තරුණ රැදවියාට පහරදී මරා දැමීමෙන් පසු  සිද්ධිය  ඇසින් දුටු බවට විවෘත අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇති රැඳවියා පොලොන්නරුව බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට බලධාරින් කටයුතු කර ඇති බවයි.

එම කමිටුවේ සභාපති  නීතිඥ සේනක පෙරේරා පසුගිය ජුනි මාසයේදී  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) වෙත පවසා තිබුණේ එම රැඳවියා වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවීමට බලධාරින් ක්‍රියා කර ඇත්තේ  මෙම අපරාධය යටපත් කිරීමේ අරමුණින්ම බවයි.

 "කවිඳුට මහර බන්ධනාගාරයේ නිලධාරින් පොලුවලින් ගහනවා දැක්ක රැඳවියාගෙන් ඒ සම්බන්ධව දිවුරුම් පෙත්සමක් ලබා ගන්න මම පොලොන්නරුව බන්ධනාගාරයට ගියාම ඒ බන්ධනාගාරයේ නිලධාරින් මට කිවුවා ඉහළින් ඕඩරයක් ඇවිත් තියෙනවා ඒ නිසා දිවුරුම් පෙත්සමක් ගන්න ඒ රැඳවියාව හමුවෙන්න ඉඩ දෙන්න බැහැ කියලා.”

ඊට පසු ඔහු රැඳවියාගෙන් ප්‍රකාශයක් ගැනීමට අවසර ලබා ඇත්තේ  වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමෙන් අනතුරුවයි. සාක්ෂියේ වැදගත්කම  සලකා සාක්ෂිකාර රැඳවියාට සියළු ආරක්ෂාව සපයන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවද නීතිඥ සේනක පෙරේරා JDS වෙත වැඩි දුරටත් පවසා තිබේ.

''වත්තල මහේස්ත්‍රාත්, බුද්ධික සී රාගල  හමුවේ සාක්ෂි දෙමින් සිද්ධිය සියැසින් දුටු රැඳවියා පවසා ඇත්තේ මියගිය කවිඳු ඉසුරු තිසේරාට මහර බන්ධනාගරයේ ජේලර්වරුන් කිහිප දෙනකු විසින් "තේ පොල්ල" නමින් හඳුන්වන දිගු පොලුවලින් පහර දීමෙන් පසුව ඔහු මිය ගිය බවයි.''

ඉන් අනතුරුව ජුනි 19 සිකුරාදා, වත්තල මහේස්ත්‍රාත්, බුද්ධික සී රාගල  හමුවේ සාක්ෂි දෙමින් සිද්ධිය සියැසින් දුටු රැඳවියා පවසා ඇත්තේ මියගිය කවිඳු ඉසුරු තිසේරාට මහර බන්ධනාගරයේ ජේලර්වරුන් කිහිප දෙනකු විසින් "තේ පොල්ල" නමින් හඳුන්වන දිගු පොලුවලින් පහර දීමෙන් පසුව ඔහු මිය ගිය බවයි.

සබැඳි පුවත් :

මහර හිරගෙදර කාවින්ද ඉසුරුගේ මරණයේ “සාක්කි  වසං කිරීමේ උත්සාහයක්”  

මහර හිරගෙදර දී තරුණ සිරකරුවකු මරා දැම්මේ ''තේ පොලු වලින් බැටදීලා''   

මහර බන්ධනාගාරයේදි මිය ගිය කාවින්දට යුක්තිය පමාවන ලකුණු!   

තරුණ රැඳවියකු මහර හිරගෙදරදී “අතපය කඩා මරා දාලා” ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්