leader s

බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂිත වු සිරකරුවන්ට පීඩා කරමින් ඒ හරහා විශාල කැරැල්ලක්  ඇති කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක්

ආණ්ඩුවට චෝදනා කර තිබේ.

"මේ ආණ්ඩුවට ඉතිහාසයක් තියනවා මේ සිරකරු ඝාතන සම්බන්ධව. නැවතත් විසිඑක්වන සියවසයේ දරුණුතම සිරකරු සංහාරයද මේ ආණ්ඩුව කරන්න හදන්නේ කියන එක අපි ආණ්ඩුවෙන් අහනවා."

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා ආණ්ඩුවෙන් එම ප්‍රශ්නය විමසා සිටියේ සැප්තැම්බර් 11 සිකුරාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

බන්ධනාගාර තුළ සිටින රැඳවියන් විශාල පීඩනයකින් සිටින බව පවසන සුදේශ් නන්දිමාල් එම මාධ්‍ය හමුවේදී තව දුරටත් අවධාරණය කළේ, ඔවුන්ගේ පීඩනය තව දුරටත් වැඩි කිරීම තුළ එම පීඩනය කොහෙන් හෝ පිටවන බවයි.

එවැනි තත්වයක් නිර්මාණය කරමින් බලහත්කාරයෙන් ඝාතන රැල්ලක් නිර්මාණය කිරීමට වැඩ පිළිවෙලක් තිබෙන බව පැහැදිලියැයි ඔහු වැඩි  දුරටත් සදහන් කළේය.Sudesh 13

ඉදිරියේදී එවැනි තත්වයන් නිර්මාණය වුවහොත් බුස්ස බන්ධනාගාරයේ පමණක් නොව ලංකාවේ තිබෙන සියලුම බන්ධනාගාර තුළ නොසන්සුන් තාවයක් ඇතිවීම වැළැක්වීමට නොහැකි බවට ඔහු ආණ්ඩුවට අනතුරු ඇගවීය.

''ඉදිරියේදී එවැනි තත්වයන් නිර්මාණය වුවහොත් බුස්ස බන්ධනාගාරයේ පමණක් නොව ලංකාවේ තිබෙන සියලුම බන්ධනාගාර තුළ නොසන්සුන් තාවයක් ඇතිවීම වැළැක්වීමට නොහැකි බවට ඔහු ආණ්ඩුවට අනතුරු ඇගවීය.''

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගෙන් බහුතර පිරිසක් සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා උදෑසන සිට  ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුනි.

මත් ද්‍රව්‍ය චෝදනා ඇතුළු අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී එම බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්  40 ට ආසන්න පිරිසක්  මෙලෙස වර්ජනයේ නිරත ව සිටින බව  මාධ්‍ය වාර්තා කර තිබේ.

වධබන්ධන හා වතුරයි බතුයි :
සිරකරුවන්ට එල්ල කරන වධ හිංසා හමුවේ ඔවුන් එම වර්ජනය ආරම්භ කර තිබෙන බව පවසන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා පවසන්නේ බුස්ස බන්ධනාගාරයේ සිටින රැදවියන්ට නිසි පරිදි ආහාර පාන පවා නොලැබෙන තත්වයක් පවතින බවයි.

එය ලංකාව පුරා තිබෙන බන්ධනාගාර තුළ පවතින තත්වයක් බව පෙන්වා දෙන ඔහු වැඩි දුරටත් සදහන් කළේ  රැඳවියන්ට ලබා දෙන්නේ වතුර සහ බත් බවයි.

බුස්ස බන්ධනාගාරයේ රැදවියන්ට නීතිඥ සහාය ලබා ගැනීමේදී විවිධ බාධා කිරීම් සිදු කරන අතරම  නිසිආකාරයෙන් මළ පහ කිරීමටවත් බැරි තත්වයක් උදා කර ඇති බවට සුදේශ් නන්දිමාල් වැඩි දුරටත් චෝදනා කළේය.

සියලු බන්ධනාගාර රැදවියන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පහසු ඉක්මන් දිනයක් හා වේලාවක් ලබා දෙන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුනි.

බෝගම්බර බන්ධනාගාරය නැවත ....Sudarshani 13

මේ අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ඊයේ (12)  මාධ්‍යවෙත පවසා තිබුනේ, බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීමේ අරමුණින් මහනුවර බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  උපදෙස් ලබා දී ඇති බවයි.


වීඩියෝ 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්