පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියාවේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල 3ක් මෙරට වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම අත්වැරදීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය

හරේන්ද්‍ර සිල්වා පවසයි.

'නිව්ස්ෆස්ට්' කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ද අපේක්ෂා කරන බවය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා එහිදී තවදුරටත් මෙසේද පැවසිය.

''කොමිටියෙන් තමයි ඒක බලන්නේ. ඒක මේ පාර බලනකොට රිපෝර්ට් වුණා විශ්වවිද්‍යාල තුනක නෙවෙයි හතක. එතැනදී ඒ රිපෝර්ට් අපි බැලුවේ නෑ අර රටෙන්ද? මේ රටෙන්ද? වෙන වෙන ප්‍රශ්න ඇති වෙයිද නැද්ද කියලා බැලුවේ නෑ. අර රිපෝර්ට් එක අනුවයි තීරණයක් ගත්තේ. 

ඊට පස්සේ ඒක එහෙම නිකම් අයින් කරන්ඩත් බෑ. කොමිටියෙන් තීරණය කරන්න ඕනේ. කොමිටියෙන් තීරණය කරලා ඒක නැවත සම්මත වෙන්න ඕනේ ඊට පස්සේ මීටිමෙන්. ඊට පස්සේ කවුන්සිල් මීටින් එකට දාලා ඒකත් සම්මත වෙන්න ඕනේ. 

දැන් ඊට පස්සේ ඇත්තටම විය යුතු දේ තමයි ඇමතිතුමියට ඒක යවන්න ඕනේ. අන්තිම තීරණය ඇමතිතුමියගේ තමයි තියෙන්නේ. 

දැන් මෙතෙන වුණේ අපි වැඩ කරන ඒ කියන්නේ කවුන්සිල් එකේ එක්කෙනෙක් නෙවෙයි. යම් කෙනෙක් එයාට වැරදීමකින් එයා හිතලා තියෙනවා දැන් මේක අයින් කෙරුවා හරි කියලා වෙබ් සයිට් එකෙන් නම් ටික අයින් කෙරුවා. 

එතකොට ඒ අයින් කරලා මේවා කරලා තියෙනවා. 

දැන් ඕක අපිට දැන ගත්ත නිසා දැන් නැවත වරක් නැවත වරක් මීටිමක් රැස් වෙන්න ඕනේ.

 රැස් වෙලා අපිට තීරණය කරන්න ඕනේ නම් ටික නැවත වරක් දාලා ඒ කරපු අසෙස්මන්ට් එක නැවත වරක් ආයෙමත් බලන්ඩ කියලා, සලකා බලන්ඩ කියලා මේක සුදුසුද නැද්ද කියලා. 

වැරදීමක් වෙලා තියෙන්නේ වෙබ් සයිට් එකෙන් නම අයින් කරපු එක.''

ලේඛකාධිකාරීගේ ලිපි :

සභාපතිවරයා එසේ පැවසුව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩගේ අත්සනින් යුත්  ලිපිවලින් දැක්වෙන්නේ ජුනි 26 වැනි දා පැවති වෛද්‍ය සභා රැස්වීමේ තීරණයක් අනුව, රුසියාවේ ජනතා මිත්‍රත්ව සරසවිය (Peoples' Friendship University of Russia), පිරගොෆ් පර්යේෂණ වෛද්‍ය සරසවිය  (Pirogov Russian National Research Medical University) සහ ත්වේර් රාජ්‍ය වෛද්‍යවිද්‍යා සරසවිය ( Tver State Medical University) මෙතෙක් අනුමැතිය දුන් විදෙස් විශ්ව විද්‍යාල ලැයිස්තුවෙන් ඉවත්කර ඇති බවයි.


df08daf3 0f18 4953 b0bf 861be036718f
කෙසේවුවද කොළඹ රුසියානු මධ්‍යස්ථානය (ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය) ජ්‍යේෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මාස දෙකක පුරා පැවති අර්බුදය නිමාවීමේ ලකුණු පහළවී තිබීම සතුටට කරුණක් බවයි.

ඒ සම්බන්ධයෙන් මැදිහත්වූ අගමැති මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දෙවි වන්නිආරච්චි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කෘතඥතාවය පලකරන බව කියා සිටි ඔහු වැඩිදුරටත් පැවසුයේ, ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඇතිවීමට ගිය රාජ්‍ය තන්ත්‍රීක අර්බුදයක් සමතයකට පත්කිරීමට මැදිහත්වූ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට සිය ගෞරව පුර්වක ස්තුතිය පලකරන බවයි. 

වීඩියෝ  


සබැඳි පුවත් :

රුසියානු වෛද්‍ය විද්‍යාල කැපුණේ අල්ලස් නොදීම හේතුවෙන්ද ?

රුසියාවේ ප්‍රධාන පෙළේ සරසවි 03 ක් තහනම් ද? නැද්ද? - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් පැටලිල්ලක!

ශ්‍රී ලංකාව, රුසියන් උපාධි ප්‍රතික්ෂේප කිරීම නිසා 'කුරුමිනියා' අයෙත් එන අනතුරක්!  

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණය අපට කළ බරපතල අවමානයක් - රුසියාවෙන් දැනුම්දීමක්!


වෛද්‍ය සභාවේ කෝන්තරයක් නිසා රුසියානු පුර්ණ ශිෂ්‍යත්ව 40 ක් අහිමි වේ!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්