ශ්‍රී ලංකා‌  යුද්ධ හමුදාවේ ඉහල නිලධාරීන් සඳහා සන්නිවේදන ශිල්පීය ක්‍රම හා තාක්‍ෂණික නිපුණත්වය ඉගැන්වීම ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශකයකු විසින් ආරම්භ කොට තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ හමුදා නිලධාරීන් අතර වෘත්තීය සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින්, යුද්ධ හමුදාපතිගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සදහා  ‘සන්නිවේදනයේ පලදායිතාවය සහ අනිසි බලපෑම්’ මැයෙන් පාඨමාලාවක් ආරම්භ කළ බවයි.

එම පාඨමාලාවේ සමාරම්භක උත්සවය සැප්තැම්බර් 14 සඳුදා උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ.

පාඨමාලාව මෙහෙයවන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කර ඇත.

"සති 15 –20 ත් අතර කාලයක් තුලදී පැය 40 ක් ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම පාඨමාලාව තුලින් ඉංග්‍රිසි ව්‍යාකරණයේ අත්‍යවශ්‍ය කරුණු, සන්නිවේදන ශිල්පීය ක්‍රම, තාක්‍ෂණික නිපුණත්වය සහ ඵලදායි සන්නිවේදකයන්ගේ කාර්යභාරය ඇතුළු කරුණු රැසක් ආවරණය කරමින් පාඨමාලාව සකසා ඇත."


20200914 professionalskill 10 1
මෙම පාඨමාලාවේ සමාරම්භක උත්සවය ඇමතු  ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින්  ඵලදායි සන්නිවේදනයේ වැදගත්කම සහ ආකර්ශණිය සන්නිවේදකයෙකු වීමට යමෙකුගේ වෘත්තීය ජීවිතය වැඩිදියුණු කරගැනීම සඳහා එය උපකාරි වන්නේ කෙසේද යන්න පිළීබඳව  ද රැස්ව සිටි පිරිස අමතමින් කරුණු පැහැදිලි කළ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

 භාෂාව සහ සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීම සඳහා නිලධාරීන් පෙළඹවීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ දී එළඹෙන සෑම බදාදාවකදීම පැවැත්වීමට නියමිත මෙම වෘත්තීය සන්නිවේදන කුසලතා වැඩසටහන ගාස්තු අයකිරීමකින් තොරව පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව බව වැඩි දුරටත් සදහන්ය.

රියදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට

මේ අතර  රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යුද  හමුදාවට පවරාගැනීම සම්බන්ධයෙන් හමුදාපතිවරයාගේ  අවධානය යොමු ව තිබේ.

 මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍රයේ මුද්‍රණ හා නිකුත් කිරීමේ ක්‍රියාවලිය භාර ගැනීමේ හැකියාව පිළිබඳව, සම්මන්ත්‍රණයක් සැපැත්ම්බර් 15  අඟහරුවාදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන සංඥා නිලධාරී, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ සහ තවත් වෘත්තීය තොරතුරු තාක්ෂණ නිලධාරීන් කිහිප දෙනකු ගේ සහභාගිත්වයෙන් පවත්වා ඇත.

 ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ 2020 ජුලි 01 වන දින ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද නිර්දේශයක් මත, කැබිනට් මණ්ඩලය විසින්, දැනට පෞද්ගලික ආයතනයක් විසින් කළමනාකරණය කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය, විවිධ පැතිකඩයන් කිහිපයක් සැලකිල්ලට ගෙන හමුදාවට භාර දීමට තීරණය කළ බවයි.

20200914 professionalskill 20 සම්පූර්ණ මාරු කිරීමේ ක්‍රියාවලිය 2021 ජනවාරි 01 වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

 මෙම රැස්වීමේදී යුද හමුදාපති විසින්, එයට අදාල  ශක්‍යතාව සහ යෝජිත ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කළ අතර ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි විධිමත් ලෙස ඉදිරියට ගෙන යන ලෙස උපදෙස් ලබා දී තිබේ.

 තවද, මෙම ව්‍යාපෘතිය රටේ අනාගත ජාතික මට්ටමේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති සඳහා පහසුකම් සැපයිය හැකි ‘ජාතික තොරතුරු තාක්ෂණ විසඳුම් සඳහා හමුදා මධ්‍යස්ථානය’ ලෙස ස්ථාපිත කිරීම අනුමත කළ බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනය කර ඇත.


Lalith Weeratunga 2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්