ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන 'මූඩීස්' ශ්‍රේණිගත කිරීම් ආයතනය (Moody Investors Service) විසින්

ශ්‍රී ලංකාවේ ස්වකීය ණය ශ්‍රේණිය එවකට පැවති B 2 (ඉහල ණය අවදානම් අනුපාතය) සිට Caa1 (ඉතා ඉහල ණය අවදානම් අනුපාතය) දක්වා ඊයේ (28) පහත හෙළා තිබීම මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් ද තිගැස්මකට ලක්කර ඇත.

ඒ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත්කර ඇති ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා, ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සම්බන්ධ විය යුතු බවත්, නැතහොත් මෙරටට විදේශ අයෝජකයන් ආකර්ශණය නොවනු ඇති බවත් සදහන් කරයි.

එම ට්විටර් පණිවිඩයේ මෙසේ සඳහන් වේ.

''මූඩීස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම B2 ශ්‍රේණියේ සිට Caa1 ශ්‍රේණිය දක්වා පහත හෙලා ඇත. අපි ඉරාකය, කොංගෝව සහ බෙලීස් වැනි රටවල්වල ශ්‍රේණිගත කිරීමේ මට්ටමට එකතු වෙමු.

එකම විකල්පය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දායකත්වය ඇති වැඩසටහන සඳහා යොමු වීමයි.

එසේ නොවේ නම්, විදේශීය ආයෝජකයින් ලබා ගැනීම දුෂ්කර කාර්යයක් වනු ඇත. නැතහොත් පූර්ණ ආනයන තහනමක්  වැළැක්විය නොහැකිය.''

Nimal Perera TW

මේවනවිට Caa1 ශ්‍රේණිගත රටවල් ලෙස ඇන්ගෝලාව, කොන්ගෝව, ගැබොන්, ඉරාකය, මාලී, බෙලිස් වැනි රාජ්‍යයන් නම් කර තිබේ. ඒ අතරට අලුතින්ම නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවයි.

'මූඩීස්' ශ්‍රේණිගත කිරීම් ආයතනය සඳහන් කරන ආකාරයට විදේශ අරමුදල් ලබාගැනීමේ දුෂ්කරතාවයත්, ඉදිරියේදී විදේශ ණය ගෙවීමට ඇති අවදානම් සහගත තත්ත්වය නිසාත් මෙසේ ශ්‍රේණිගත කිරීම් පහත දමා ඇත.

මෙසේ ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම නිසා ජාත්‍යන්තර ගනුදෙනු කෙරෙහි ශ්‍රී ලංකාවට දැඩි සෘණාත්මක බලපෑමක් එල්ලවනු ඇත.

 

කියවන්න :

Sri Lanka sovereign rating downgraded two notches to Caa1 by Moody’s - ECONOMYNEXT

 Moody ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහළට ඇද දමයි:  'වැරදි වැඩක්' - රජය කියයි : 'තත්වය බරපතලයි'- විපක්ෂනායක  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්