අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ 'ජාතික බලවේගවලින්' 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට එල්ලවී ඇති විවේචන හා අවලාද වලට වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක්

ආරම්භ කිරීම බැසිල්වාදීන් මේවනවිට තීන්දුකර ඇත.

2005 වසරේදී රාජපක්ෂවරුන්ට මෙරට රාජ්‍ය බලය අත්පත් කරගැනීමත්, උතුරේ යුද්ධය ජයග්‍රහණය කරවීමට හා ඉන් අනතුරුව උතුර හා දකුණ සංවර්ධනය කරලමින් රට ගොඩනැගීමටත්, කොරෝනා වසන්ගතයේදී කොවිඩ් කාර්ය බලකායේ ප්‍රධානියකු ලෙස කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කරමින් ජනතාවට සහන සැලසීමටත් බැසිල් රාජපක්ෂ දැක්වූ මැදිහත්වීම හා කැපවීම ඉස්මතු කරලමින් මෙම ප්‍රචාරක මෙහෙයුම සිදු කිරීමට නියමිතය.

ජනතාව සමග ඩීල් කළ බැසිල් !

බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ දිවි නැඟුම, එක ගමකට එක වැඩක්, දැයට කිරුළ, ගම සමග පිළිසඳරක්, මඟනැඟුම, උතුරු වසන්තය, දිරිය පියස, කොවිඩ් කාර්ය සාධක බලකාය ආදී සංවර්ධන ව්‍යාපෘති ඉස්මතු කරලමින් සිදු කිරීමට නියමිත එම දැවැන්ත ප්‍රචාර මෙහෙයුම බාරදී ඇත්තේ ආණ්ඩුවට පක්ෂපාති ප්‍රකට දැන්වීම් ආයතනයකටය. 

ඒ අනුව බැසිල් රාජපක්ෂගේ සංවර්ධන දැක්ම විදහා දැක්වෙන විශේෂාංග වාර්තා වැඩසටහනක් මේ දිනවල රුගත කරමින් පවතින බවත්, එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ මේදිනවල විකාශයවන අතිශයින් ජනප්‍රිය ටෙලියක අධ්‍යක්ෂවරයාගේ 'දෙවෙනි ඉනිම' ලෙස බවත් වාර්තාවේ. 

Basil 2020.10.08
එසේ, ධනාත්මක ආකාරයෙන් විමල් ඇතුළු ආණ්ඩුවේ 'ජාතිකවාදීන්ට' ප්‍රතිචාර දක්වන අතරේ එවැනි පුද්ගලයින් ඉලක්ක කර ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ද බැසිල්වාදීන් තීන්දු කර ඇත.

බැසිල්වාදියකු වන පුවත්පත් මණ්ඩලයේ සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ සිය FB පිටුවේ තැබූ සටහනකින් අවධාරණය කර ඇත්තේ, ජාතිකවාදීන් බොහොමයකට යතාර්තය තේරුම් ගැනීම් හැකියාවක් නොමැතිබවත්, ඊට හේතුව ඔවුන් දේශපාලනයට වඩා රොමැන්තික සිහිනයක සිටීම බවත්ය.

එවැනි බලවේගවල හෙළිදරව් කරමින් පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කිරීමට තීන්දුකර ඇත්තේ මහින්ද පතිරණගේ එම නිගමනයට අනුව බව පැවසේ.


බැසිල් දිරිමත් කිරීමේ මෙහෙයුමක් ! WhatsApp Image 2020 10 08 at 10.42.31 AM

ජාතික නිදහස් පෙරමුණ නායක අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ ඇතැම් 'ජාතිකවාදී' බලවේග තමා ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම පහර දෙද්දී, ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් මේදක්වා නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම මෙන්ම, තමන්ගේ හිතවතුන් පවා නිහඬව බලා සිටීම ගැන 'පොහොට්ටු පක්ෂයේ' නිර්මාතෘ බැසිල් රාජපක්ෂ බලවත්සේ කනස්සල්ලට පත්ව සිටියි.

එම තත්වය තුල මහින්ද පතිරණ පමණක් මෙතෙක් බැසිල් රාජපක්ෂ වෙනුවෙන් තනි සටනක් ආරම්භ කර තිබු නමුත්, මේවනවිට තවත් බැසිල්වාදින් කිහිප දෙනෙකුට සටනට එක්ව සිටියි.

ඒ අනුව, ප්‍රමිත තෙන්නකෝන් 'ඉල්ලීම් නොඉල්ලිම්, වැරදීම් හා වරද්දවා ගැනීම්' යන සිරස්තලයෙන් යුතුව, සිය FB පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.


''බුලත් කොළ හෙප්පුවත් පෙරළගෙනම බිම වැටී අලි අඩි වලට පෑගෙන තැනක චොදනාව ඔහුට පමණක් ම විය. නමුත් කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග තිබුණි. නමුත් ඔහු චොදනාව තනිවම බාරගත්තේය.

කොයිතරම් මුවහත් ආයුධ තිබුනත් ඔසවන්නේ කාට විරුද්ධව ද කොයි මොහොතේද යන්න කිසිවෙකුත් දැන සිටියේ නැත. 

සරලව සියල්ලොම අරගලය තුළ අනාථයන්ය. 

නමුත් ඔහු තනිවම අරගල සැලසුම් කළේය. 

ඔහු මුලින්ම කොඩිය නිර්මාණය කළේය. ඒ කුරහන් පාට පසුබිම් කර ගත් පිරුණු නෙලුම් පොහොට්ටුවයි.        Pramitha 08

අනතුරුව ඔහු කඳවුර නිර්මාණය කළේය. 

2018 පෙබරවාරියේදි අපි සෙන්පතියෙකු යටතේ රජෙක් නැතුවම පිටත පවුරට පහර දුන්නෙමු. 

2019 නොවැම්බරයේදි අපි රජෙකු බිහිකර ගත්තෙමු. 

2020 අගොස්තුවේදි අපි ඇතුල් නුවරට පහර දුන්නෙමු. 

සටන අවසන් විය. සභාවේ අසුන් පිරුණි. ඒත් එහි ඔහු නොවීය.

''සටන අවසන් විය. සභාවේ අසුන් පිරුණි. ඒත් එහි ඔහු නොවීය.''

රෑනකට වැරදුණ තැන තනියෙකු නිවැරදි කළේය. කවුරු නොදන්නමුත් එය සෙබළු දන්නේය. 

ප්‍රධානීන්ගේ හෘද සාක්ෂිය දන්නේය. අද තනියා තනි කරන්නට යන්නේ නම් අපේ පරාජයද ආරම්භ වී හමාරය. 

ලියා තබා ගන්න. 

නමුත් අපට හෘද සාක්ෂියක් ඇත. බලයට හෝ පිදේනි වලට එය මරා දැමිය නොහැකිය.

ඔහු දුක් ගත්තේද වෙහෙසුනේද අපි වෙනු වෙනි. 

පොදුජන කඳවුර වෙනු වෙනි. 

අපි කිසිදිනක ඔහු තනිකලේ නැත. ඉදිරියටත් තනිකරන්නේද නැත. 

සියල්ල අහිමි කරගෙන අරගල කල ඔහු කිසිවක් රැස් කලේද නැත. 

නොතේරෙන අයෙකු ඇත්නම් මම කියමි. 

එවැන්නෙකු වැට්ටවීමට ද නොහැකිය. 

මන්ද ඔහුට අහිමි කිරීමට කිසිවක් නොමැති හෙයිනි.

කවුරු කොඩිය ඔසවා ගත්ත ද සෙන්පතියා සෙන්පතියාමය. 

සෙන්පතියා මරා දැමිය නොහැක්කේය. 

සෙන්පතියා අමරණීයය. 

සෙන්පතියා බැසිල් ය. 

කතාව එපමණකි.

මම,
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්.

Pramitha 2020.10.08

සබැඳි පුවත් :
විමල්ගේ ගැහිල්ලටත් වඩා තමන්ගේ උදවියගේ නිහැඬියාව ගැන බැසිල් කනස්සල්ලෙන්!


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්