ජාතික නිදහස් පෙරමුණ නායක අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ ඇතැම් 'ජාතිකවාදී' බලවේග තමා ඉලක්ක කර

ගනිමින් දිගින් දිගටම පහර දෙද්දී, ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් මේදක්වා නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම මෙන්ම, තමන්ගේ හිතවතුන් පවා නිහඬව බලා සිටීම ගැන 'පොහොට්ටු පක්ෂයේ' නිර්මාතෘ බැසිල් රාජපක්ෂ බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් අප වෙත වාර්තාවේ.

විසිවන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත්වීමට ඉඩසලකා තිබීමත්, එම සංශෝධනය සම්මතකර ගැනීම සඳහා සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ ගෝලයින් ආණ්ඩුව ඇතුළට එක්කර ගැනීමට දරන උත්සාහය පිළිබඳවත් මහාචාර්ය නලින්ද සිල්වා, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු ආණ්ඩුවේ 'ජාතිකවාදීන්' ගෙන් බැසිල් රාජපක්ෂ වෙත මේවනවිට ඉතාමත් සැලසුම් සහගත මාධ්‍ය ප්‍රහාරයක් එල්ලවෙමින් තිබේ.

එවැනි තත්වයක් තුල බැසිල් රාජපක්ෂගේ සමීපතමයින් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ ඇතුළු පිරිසක් පසුගියදා රැස්වී මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතැයි වාර්තාවේ.

 

ආණ්ඩුවේ ඇතුළතින්ම කුමන්ත්‍රණයක්!

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේද සහය ලබාගෙන විසිවන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකට වැඩි ඡන්ද ගණනකින් සම්මත කර ගැනීමට බැසිල් රාජපක්ෂ දරන උත්සාහය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුවේ ඇතුළතින්ම කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයි එහිදී සාකච්ජාවට බඳුන්ව ඇතැයි පැවසේ.

බැසිල් රාජපක්ෂට එරෙහිව කටයුතු කරන ඇමතිවරයකු කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමගත්, චම්පික රණවක හිටපු ඇමතිවරයා සමගත් රහසිගත සාකච්ජා පවත්වමින් සිටින බවද තොරතුරු ලැබී ඇතැයි මෙම හමුවට පැමිණි අයකු සඳහන් කර ඇතැයි ද වාර්තාවේ.

එහිදී එක් අයකු පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂට එරෙහි සාකච්ජා පැවැත්වෙන්නෙත් තීන්දු තීරණ ගන්නෙත් රාජගිරියේ පිහිටි අමාත්‍යවරයකුගේ නිවසේදී බවට හඳුනාගෙන ඇතිබවයි.

කෙසේවුවද මෙම තත්වය යටතේ අමාත්‍ය විමල් විරවංශ ඇතුළු කණ්ඩායමට එරෙහිව ප්‍රබල මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට මෙම සාකච්ජාවේදී තීරණය කර ඇතැයි පැවසේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ලිපියට වහාම ප්‍රතිචාර දැක්විය යුතු බවට ද එම සාකච්ජාවේදී තීන්දු කළ බව වැඩිදුරටත් වාර්තාවේ.

Wimal

පොහොට්ටු ලේකම්ගෙන් ප්‍රතිචාර

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ලිපිය එම පක්ෂය මාධ්‍ය වෙත නිකුත් නොකළ යුතුව තිබුණේයැයි තමන් විශ්වාස කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මාධ්‍ය හමුවක් කැඳවා පැවසුයේ ඉහත සාකච්ජාවෙන් ගනු ලැබූ තීන්දුවක් අනුවයි වාර්තා වන්නේ.

බැසිල්වාදී නීතීඥ සාගර කාරියවසම් මේ බව පැවසුවේ පසුගිය 05දා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

"අපි මේ රජය පිහිටුවන්න කලින් ඉතා පැහැදිලිව ජනතාවට කිව්වෙ සාමුහික තීරණයකට ඇවිත් තියෙන්නෙ 19 ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඉතිං මං හිතන්නෙ ඒ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා පාර්ලිමේන්තු කණ්ඩායම තුළත් පක්ෂ නායකයින් අතරෙත්.

ඉතිං මේ විමල් වීරවංශ මහතාගේ මේ ලිපිය වුණත් අපි අදහස් කරනවා ජනමාධ්‍ය වලට නිකුත් කරන්නෙ නැතුව පක්ෂ නායකයින් අතරම සාකච්ඡා කරලා විසඳාගත්තා නම් ඒක වඩාත් හොඳයි කියලා.

මෙවැනි ලිපියක් නිකුත් කරලා තියෙනවා, නමුත් මේවා ඇතුළත සාකච්ඡා කරලා විසඳා ගතයුතු දේවල් මිසක් එළියට දීලා, මේ ජනමාධ්‍යවලට නිකුත් කර කර කරන දේවල් නෙවෙයි කියන එකයි අපේ අදහස" යනුවෙනුයි 'පොහොට්ටු' ලේකම්වරයා එහිදී සඳහන් කළේය.

 

 

මහින්ද පතිරණ තනිවම සටනේ : විමල්ට ආණ්ඩුවෙන් එලියට යන්න කියයි 

විමල් විරවංශ කණ්ඩායමේ 'මෝටර් ප්‍රහාර' ඉදිරියේ බැසිල්වාදීන් පවා තැතිගෙන සිටියදී පුවත්පත් මණ්ඩලයේ සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ ඇතුළු කිහිප දෙනෙකු පමණක් බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිමින්,  විමල් විරවංශ වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් සිටිති.

මහින්ද පතිරණ දැඩි ආවේගයෙන් යුතුව පළකර ඇති එක් FB සටහනක දැක්වෙන්නේ, 'විමල් වීරවංශට අද වුනත් ආණ්ඩුව හොද නැත්නම් එළියට යන්න පුලුවන්' කියාය.

මහින්ද පතිරණගේ තවත් සටහනක දැක්වෙන්නේ ''විමල් තම දේශපාලනය විනාශ කර ගන්නේ විදේශ ඔත්තු සේවයක කුලීකරුවෙකු වන වසන්ත බණ්ඩාර නිසා'' බවය.

Screen Shot 2020 10 04 at 5.58.00 PM

මේ අතර මහින්ද පතිරණ අද සිය FB පිටුවට එක්කර ඇති අලුත්ම සටහනක දැක්වෙන්නේ, ''විමල්ට ඕන රාජපක්ෂ ආණ්ඩුවලින්ම බලයට ඇවිත් ඒ ආණ්ඩුව තුළ ඉහඳ පණුවෙක් වෙමින් ඒකෙන් පෝෂණය වෙමින් ඒ ආණ්ඩුව මකා දැමීම. කුණු කිරීම. '' බවයි.

මහින්ද පතිරණගේ ගේ සම්පුර්ණ සටහන මෙසේය.

Mahinda Pathirana''බැසිල්-විමල් ගැටුමක් තිබේය යන්න නිර්මාණය කළ තවත් සුප්‍රසිද්ධ මිත්‍යාවක්. ඒක හරියට "මේව අලින්ගෙයි අපෙයි වැඩ" කියල කටුස්ස කියපු කතාව වගේ. අලිය තමන්ගේ ශක්තිය යොදාගෙන මහ ගස් ගල් පෙරලනකොට කටුස්ස අලියගේ කරේ නැගල හිටිය එකට තමා කටුස්ස එහෙම කීවේ.

ගැටුමක් තිබේ නම් එම ගැටුම තිබේන්නේ විමල් නම් වූ පොදුජන පෙරමුණ නම් මහාපක්ෂයට අනුබද්ධ සුළු පක්ෂයක නායකයා වූ විමල්ට පමණයි.

විමල්ට බැසිල් එක්ක ගැටුමක් තිබුණට බැසිල්ට විමල් එක්ක නම් ගැටුමක් නැහැ. තිබිලත් නැහැ.

විමල් එක්ක ගැටුමක් ඇති කරගෙන බැසිල්ට විමල්ගෙන් දිනා ගන්න මොනවද තියෙන්නෙ? බැසිල් ඉන්නෙ මේ ආණ්ඩුවේ තීරණ ගන්න පුළුවන් ඉහළම තැනක.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට ජනාධිපති කාර්ය සාධක බලකායක් හරහා රටේ වැදගත්ම කාර්යක් බාරයක් දීල තියෙන්නෙ. ඒකට මොනවද කරන්න බැරි.

දේශපාලනය පැත්තෙන් ගත්තොත් බැසිල් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක. ඔහුගේ භුමිකාව එම පක්ෂයත් එක්ක වැඩ කරන, කරපු හැමෝම දන්නව. විමලුත් දන්නව.

 

''මුළු පක්ෂ යාන්ත්‍රණය ම තියෙන්නෙ බැසිල්ගෙ අතේ.''

මුළු පක්ෂ යාන්ත්‍රණය ම තියෙන්නෙ බැසිල්ගෙ අතේ. අද මේ දැන් කෙටි පණිවුඩයක් යැව්වත් ලංකාවේ ඇත්ත දේශපාලන බලය දරාගෙන ඉන්න ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් ඕනෑම කාර්යකට එළියට ගේන්න බැසිල්ට පුළුවන්. ඒ අයගේ යතුර තියෙන්නෙ බැසිල් ගාව.

එහෙව් බැසිල්ට විමල් එක්ක මොන ගැටුමක්ද? අනික ගෝඨාභය කියන්නෙ බැසිල්ගෙ අයියා. මහින්ද කියන්නෙ බැසිල්ගෙ අයිය. ඒ අය ලවා බැසිල්ට අවශ්‍ය දෙයක් කරගන්න වෙන කාගෙවත් උදව් අවශ්‍ය ද? වෙන කවුරුහරි එක්ක බැසිල් තරඟ කරන්න ඕනද?

''එහෙව් බැසිල්ට විමල් එක්ක මොන ගැටුමක්ද? අනික ගෝඨාභය කියන්නෙ බැසිල්ගෙ අයියා. මහින්ද කියන්නෙ බැසිල්ගෙ අයිය. ඒ අය ලවා බැසිල්ට අවශ්‍ය දෙයක් කරගන්න වෙන කාගෙවත් උදව් අවශ්‍ය ද? වෙන කවුරුහරි එක්ක බැසිල් තරඟ කරන්න ඕනද?''

බැසිල් තමන් සතු බලය තිබෙනවාට වඩා අවමයෙන් භාවිත කරන කෙනෙක්. ඊට හේතුව මොකක්ද ? බලය තිබීමමයි හේතුව. බලය තිබුණාම තමා බලය අඩුවෙමින් ම භාවිත කරන්නෙ. බලය නැති කෙනා තමයි බලය ලබාගන්න නිරන්තර ගැටුම් ඇතිකර ගන්නෙ.

බැසිල්ට අවශ්‍ය නම්, අද වුනත් ඔය කැබිනට් එකෙන් ඕනෑම කෙනෙකු ඉවත් කරන්න පුළුවන්. ඡන්දය කාලෙට නාමයෝජනා නොදී ඉන්න පුළුවන්. මං කියන්නෙ කරනවට නෙමෙයි. අවශ්‍ය නම් කරන්න පුළුවන්.

ඒත් බැසිල්ට ඒ සඳහා බලය හා හැකියාව තිබෙන හින්දම ඔහු එහෙම කරන්නෙ නැහැ. නියම බලදරන්නාගේ ස්වභාවය ඒක. ලබාගන්න පුළුවන් දෙයක උපරිමය⁣ට ආවහම ඕනෑම දෙයක් එහෙමයි.

ඒ කියන්නෙ බැසිල්- විමල් ගැටුම කියල නිර්මාණය කරල තියෙන මිත්‍යාව අපට වැදගත්ම නැද්ද? වැදගත්. ඇයි එහෙම කියන්නෙ?

විමල් තමන්ට බලය වැඩි කර ගැනීම සඳහා තමන් ඉන්න ආණ්ඩුවේ ම කාර්යභාරය අඩපණ කරනව. ඒක ඔහු කරන්නෙ දුර්වල මනස් සහිත ජනතාව රවටල. අන්න එතන අපට වැදගත්.

කාගෙවත් පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන ආණ්ඩුවක් පලි නැහැ.

''මං හිතන්නෙ ජාතිකවාදීන් බොහොමයකට මේ යතාර්තය තේරුම් ගන්න පුළුවන් තැනක නෙමෙයි ඉන්නෙ. ඊට හේතුව ඔවුන් දේශපාලනයට වඩා රොමැන්තික සිහිනයක සිටීම. ඒක භයානක හීනයක්.''

විමල් මේ වැඩේම එදත් කළා. එදා කෙලින්ම මහින්දට ගහන්න බැරි හින්ද පීබී ජයසුන්දරට ගැහුව. ආණ්ඩුව ඇතුලෙ ඉඳල කරන විවේචන විපක්ෂයේ ඒවා වගෙ නෙමෙයි. ඒවා වැඩිපුර සමාජගත වෙනව. බලපෑම වැඩියි. විමල් කරන්නෙ මේක. විමල්ට ඕන රාජපක්ෂ ආණ්ඩුවලින්ම බලයට ඇවිත් ඒ ආණ්ඩුව තුළ ඉහඳ පණුවෙක් වෙමින් ඒකෙන් පෝෂණය වෙමින් ඒ ආණ්ඩුව ම කා දැමීම. කුණු කිරීම.

මේ රටට සැබෑවටම අදරේ අය මේක තේරුම් ගන්න ඕන. ආණ්ඩු පිහිටුවල ඒක වැඩක් කරගෙන යන කොට ඒකට බාල්දි අදින්නෙ ඇයි කියල තේරුම් ගන්න ඕන.

මං හිතන්නෙ ජාතිකවාදීන් බොහොමයකට මේ යතාර්තය තේරුම් ගන්න පුළුවන් තැනක නෙමෙයි ඉන්නෙ. ඊට හේතුව ඔවුන් දේශපාලනයට වඩා රොමැන්තික සිහිනයක සිටීම. ඒක භයානක හීනයක්.

Mahinda Pathirana post

 

සබැඳි පුවත් :

''විමල්ගේ 'ජාතික සංවිධාන ලොක්කා' විදේශ ඔත්තුකරුවෙක්'' - බැසිල්ගේ ගෝලයා ගෙන් චෝදනා වැලක්

වෙන්ඩ ජනාධිපතිගේ 'ඩීල්' දේශපාලනය කරළියට ඇවිත් - මහාචාර්ය නලින් ද සිල්වා 

බැසිල්ට එරෙහි විමල්ගේ 'ගේම' ප්‍රසිද්ධියේ කරලියට : තීරණාත්මක ලිපියක් !- අගමැති විස්ස හකුලා ගැනීමේ සුදානමක !! 

රිෂාඩ් ආණ්ඩුවට ගත්තොත් අත්වන ඉරණම ජාතික සංවිධාන පෙන්වාදෙයි 

බැසිල්ගේ තවත් උත්සහයකට 'බාල්දියක්' ! - ''අපි හදපු ආණ්ඩුවට රිෂාඩ්ව ගන්න ඉඩදෙන්නේ නැහැ ''– විමල් කියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්