උද්ධමනය පාලනයට ෆෙඩරල් සංචිතයෙන් පදනම් ලකුණු 25 ක වැඩිවීමක්; මේ වසරේ තවත් ඉහළ දැමීමක පෙරනිමිති.
තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය හමුවේ ඇමෙරිකාවෙන් දැඩි තීරණයක්; ශ්‍රී ලංකාව පොලී අනුපාත රඳවා ගැනීමේ සටනක.
ඇමරිකානු පෙඩරල් සංචිතය නැතහොත් ඇමෙරිකානු මහා බැංකුව පොලී අනුපාත ඉහළ නැංවීමට අනුමැතිය දෙයි;
මේ වසරේ තවත් එක් ඉහළ නැංවීමක් සිදු කරන බවටද සංඥා කරයි.
ප්‍රධාන කරුණු:
ෆෙඩරල් ආයතනය සිය පදනම් පොලී අනුපාතිකය පදනම් ප්‍රසාද ලකුණු 25 කින් එනම් 3.75%-4% දක්වා වූ ඉලක්කගත පරාසයකට ඉහළ දැමූ අතර, මෙය 2023 න් පසු සිදුවූ පළමු පොලී ඉහළ නැංවීමයි.
ජූලි රැස්වීමේදී සාමාජිකයින් තිදෙනෙකු පොලී අනුපාත ඉහළ නැංවීමට පක්ෂව අදහස් දැක්වීමෙන් පසුව, ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටුව (FOMC) ඒකඡන්දයෙන් මෙම තීරණය අනුමත කළේය.
යාවත්කාලීන කරන ලද ප්‍රක්ෂේපණ මගින් මේ වසරේ තවත් වරක් පොලී අනුපාත ඉහළ නැංවීමක් සිදු විය හැකි බව පෙන්වා දෙයි.
උද්ධමනය මැඬලීමට ගත් ඒකමතික තීරණය
සර්පිලාකාරව ( spiraling oil prices) ඉහළ යන තෙල් මිල සහ වෙනත් සාධක නිසා ඇති වූ උද්ධමනය පාලනය කිරීමේ අරමුණින්, ෆෙඩරල් ආයතනය වසර තුනකට වැඩි කාලයකට පසු සිය පළමු පොලී අනුපාත ඉහළ නැංවීමට බදාදා අනුමැතිය ලබා දුන් අතර, ඉදිරියේදී තවත් ඉහළ නැංවීමක් සිදුවන බවට ඉඟි කළේය.
වෙළඳපොළ විසින් පුළුල් ලෙස අපේක්ෂා කරන ලද මෙම පියවරේදී, මහ බැංකුවේ ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටුව (FOMC) සිය ප්‍රධාන පොලී අනුපාතිකය සියයට කාලකින් (පදනම් ප්‍රසාද ලකුණු 25 කින්) ඉහළ නැංවීමට 12-0 ක් ලෙස ඒකඡන්දයෙන් ඡන්දය දුන්නේය.
මෙම පියවරත් සමඟ රාත්‍රී අරමුදල් අනුපාතිකය (overnight funds rate) 3.75%-4% දක්වා වූ ඉලක්කගත පරාසයකට පැමිණියේය.
"උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පවතී," යනුවෙන් කමිටුව සිය කෙටි රැස්වීම් ප්‍රකාශයේ සඳහන් කළේය. "අද දින ගනු ලැබූ ප්‍රතිපත්තිමය පියවර, කමිටුවේ සියයට 2 ක ඉලක්කය වෙත වඩාත් ඉක්මනින් ළඟා වීමට උපකාරී වනු ඇත. කමිටුව විසින් මිල ස්ථායිතාව තහවුරු කරනු ඇත."
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපති කෙවින් වෝෂ් (Kevin Warsh) පැවසුවේ උද්ධමනය "අධික ලෙස වැඩි කාලයක්" පැවති බවයි.
"මූලික උද්ධමනය පැහැදිලිව සහ ප්‍රමාණවත් වේගයකින් අපගේ ඉලක්කය කරා ගමන් කරන බවට අපට විශ්වාසයක් තිබිය යුතුය," ඔහු පැවසීය. "අද, FOMC කමිටුව තීරණය කළේ එම ප්‍රමිතිය තවමත් සපුරා නොමැති බවයි."
මෑත කාලීන ආර්ථික වාර්තා මගින් රැකියා වෙළඳපොළ ඇතුළු ආර්ථිකය ශක්තිමත්ව පවතින බව පෙන්නුම් කළද, උද්ධමනය මහ බැංකුවේ ඉලක්කගත මට්ටමට වඩා ඉහළින් පැවති බව වෝෂ් වැඩිදුරටත් පැහැදිලි කළේය.
එමෙන්ම මැද පෙරදිග පවතින නොසන්සුන්තාවද මෙම තීරණයට හේතු වූ බව ඔහු අනාවරණය කළේය.
"එම කාරණා තුනම අද දින ඒකඡන්දයෙන් ගන්නා ලද ස්ථාවර තීරණයට හේතු විය," ඔහු පැවසීය.
ලෝක අර්බුදය හමුවේ ලංකාවේ මුහුණුවර
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවෙත් මේ හා සමානව පවතින අතර තෙල්මිලේ බලපෑම නිසා උද්ධමනය 8% -10% අතර ප්‍රමානයකට ඉහල ගොස් ඇති නමුත් රජය තවදුරටත් පොලී අනුපාත අඩු මට්ටමක පවත්වාගෙන යාමට දැඩි උත්සාහයක් දරමින් සිටි.
( සටහන | සේන සූරියප්පෙරුම)
ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක







