leader s

*ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වුවත් සහනයක් දී පාලනය කිරීමට රජයේ සූදානමක්  


*ඉතිහාසයේ දැවැන්තම ප්‍රාග්ධන වියදම සමඟ ඉදිරි අයවැයෙන් සහන මල්ලක් සහ රැකියා 120,000ක්  

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි" මැයෙන් දිවයින පුරා සංවිධානය කර ඇති මහජන රැලි මාලාවේ තවත් ජනරැලියකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරි ආර්ථික සහන සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව කරුණු අනාවරණය කළේය.  

ඊයේ (20) මාතර, අකුරැස්සේදී පැවති දැවැන්ත ජන හමුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හමුවේ වුවද ලබන මස ඉන්ධන මිල පාලනය කිරීමටත්, ඉදිරි අයවැය මගින් ජනතාව මත පැටවී ඇති බදු බර ලිහිල් කිරීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි.  

තෙල් මිල පාලනයට සහනාධාරයක්  

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල උච්චාවචනය වීම අනුව එළැඹෙන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන මිල සංශෝධනයේදී ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පැවතියද, එම සමස්ත බර ජනතාව පිට නොපටවා රජය මැදිහත් වී සහනාධාරයක් ලබාදෙන බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.  

"ලෝක වෙළෙඳපොළ අනුව එළැඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල වැඩි කරන්න ඕනි. එහෙන් ගෙනල්ලා මිල ගලපලා බලපුවාම පළවෙනිදාට මිල වැඩිවෙන්න ඕනි. හැබැයි අපි අපේක්ෂා කරනවා සහනාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩු අන්න එහෙමයි. මරාලයක් කඩා වැටුණම මුළුමනින්ම ඒක ජනතාව පිට දාන්න බෑ... ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕනි," යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය. පසුගිය අප්‍රේල් සිට ජූලි දක්වා වූ සිව් මසක කාලය තුළද ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනයක් ලබාදුන් බවත්, ඒ සඳහා රජය රුපියල් කෝටි 6,000ක් වැය කළ බවත් ඔහු සිහිපත් කළේය.  

අයවැයෙන් බදු සහන සහ යටිතල පහසුකම් සඳහා බිලියන 2,000ක්  

ජනතාව දැනට මුහුණ දෙන ජීවන වියදම් පීඩනය සැලකිල්ලට ගනිමින් ඉදිරි අයවැය ලේඛනය මගින් ඇතැම් බදුවල බර ලිහිල් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.  

ඊට අමතරව, ආර්ථිකයේ දිගුකාලීන වර්ධනය උදෙසා මාර්ග, පාලම්, පාසල්, රෝහල් සහ විදුලිබල පද්ධති වැනි රටේ පොදු පහසුකම් ගොඩනැගීමේ සෘජු වියදම් (Capital Expenditure) වෙනුවෙන් ඉදිරි වර්ෂයේදී රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කරන බව හෙතෙම අනාවරණය කළේය. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ පොදු පහසුකම් සංවර්ධනයට වෙන් කෙරෙන ඉහළම මුදල ලෙස සැලකේ.  

"සමහර බදුවල බරක් තියෙනවා. එළැඹෙන අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරන්න අපේක්ෂා කරනවා. එමෙන්ම එම අයවැයෙන් ප්‍රාග්ධන වියදම්වලට ලබන වසරේ රුපියල් බිලියන 2,000ක් වෙන්කර තිබෙනවා. පාරවල්, පාලම්, විදුලිය යටිතල පහසුකම් ඔක්කොම හදන්න. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් සිදුකරන අවුරුද්ද බවට ලබන අවුරුද්ද පත්වෙනවා," යැයි ඔහු වැඩිදුරටත් කීය.  

වසර අගදී රාජ්‍ය සේවයට 120,000ක නව බඳවාගැනීම්  

වසර කිහිපයකින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු නොවීම නිසා ඇතිව තිබෙන හිඟය පියවීම සඳහා විධිමත් අධ්‍යයනයකින් පසු මේ වසර අවසානය වන විට 120,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර ගන්නා බවද ජනපතිවරයා මෙහිදී කියා සිටියේය.  

අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා එක් එක් ආයතනයට සැබවින්ම අවශ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණය හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව පොලිස් සේවයට 10,000ක් සහ ගුරු සේවයට 23,000ක් ඇතුළුව අත්‍යවශ්‍ය පුරප්පාඩු සම්පූර්ණ කරන බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙයින් ග්‍රාමීය තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා හිමිවන අතරම පවුල්වල ආර්ථිකයට සෘජු ශක්තියක් ලැබෙන බවද අවධාරණය කෙරිණි.  

දිට්වා සුළි කුණාටුවේ වන්දි  

පසුගිය කාලයේ බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සම්පූර්ණයෙන්ම සහ නැවත පදිංචි විය නොහැකි මට්ටමට හානි වූ නිවාස 25,000ක් හඳුනාගෙන ඇති බවත්, එම එක් එක් නිවසක් යළි ඉදිකර ගැනීම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 50 බැගින් මූල්‍ය ආධාර ලබාදීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.  

 



akurassaakurassa 2

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්