leader s

* ඉන්දියාවේ මෙන් කටුනායක ගුවන්තොටුපළ ඉදිරිපිට ද අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රතිමාවක් තැන්පත් කර යුග පුරුෂයාට නිසි ගෞරවය පුදකරන ලෙස පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගෙන් රජයට යෝජනාවක්.


* ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම ගුණසමරුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 76 වන ජන්ම දිනයට ආශිර්වාද එක්කෙරේ; සැරියුත් මුගලන් ධාතූන් වහන්සේලා ද ප්‍රදර්ශනය කෙරේ.



ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 162 ජන්ම ගුණසමරුව  (17) මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී  උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

ඊට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ  76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන හා සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කළහ.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තායිලන්තයේ BodhiGaya Vijjalaya 980 Institute හි නිර්මාතෘ සහ මහලේකම්, Dharma Alliance හි උපදේශක ආචාර්ය සුපාචල් වීරාපුචොංග් (Dr.Supachal Verapunchong) ,ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්  මෛත්‍රී කුල්කර්නි, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහ හිටපු කතානායක කරු ජයසූරිය යන  සම්භාවනීයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.

මහාබෝධි සංගමයේ උපසභාපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියෝ මෙහි දී පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටු වූහ.

මෙහි දී අදහස් දැක් වූ බානගල උපතිස්ස නා හිමියන් කියා සිටියේ, ඉන්දියාවේ ගුවන් තොටුපල ප්‍රවේශ දොරටු අසල  විවේකානන්ද ස්වාමිතුමන්ගේ පිළිරුවක් තැන්පත් කර ඇති ආකාරයෙන් කටුනායක ගුවන්තොටුපළේ ද අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රතිමාවක් තැන්පත් කර බුදු දහමට සහ ලාංකේය ජාතියට මහා මෙහෙවරක් කළ එම යුග පුරුෂයාට ගෞරව දක්වන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවය.

මීට පෙර පැවති රජයන්ටද මෙම ඉල්ලීම් ඉදිරිපත් කර නමුත් මේ දක්වා එය ඉටු වී නොමැති බව උන් වහන්සේ සිහිපත් කළේය.

ආචාර්ය සුපාචල් වීරාපුචොංග් කියා සිටියේ මෙරට ළමා අධ්‍යාපනය දියුණු කිරීමට සහායවීමට තමන් සූදානම් බවය.

මීට සමගාමීව එම විහාරයේ තැන්පත් කර ඇති සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් සීමිත වෙලාවකට පැවැත් වුණි.

(සටහන | ජේ.මුණසිංහ) 

  WhatsApp Image 2026 09 20 at 8.14.09 PM 1

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්