leader s

දෙමාපියෝ ජනපති කාර්යාලයට සහ විපක්ෂ නායක හමුවට: සවුදි රජුගෙන් සමාව ඉල්ලීමට රාජ්‍ය තාන්ත්‍රික පියවර


සවුදි සිරගෙදර සිටින අනෝජන් සමග විපක්ෂ නායකවරයා දුරකථනයෙන් කතා කරයි: ජීවිතය රැකගැනීමේ එකමුතුවක්

සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සවුදි අරාබියේදී මරණ දඬුවමට මුහුණ දී සිටින බවට වාර්තා වන ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙරට ඉහළම දේශපාලන නායකත්වයේ සෘජු අවධානය සහ මැදිහත්වීම යොමුව තිබේ.

අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අනෝජන්ගේ දෙමාපියන්, සිය පුත්‍රයාගේ ජීවිතය රැකගැනීම සඳහා කඩිනම් රාජ්‍ය මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලා සිටියේය.

සවුදි රජුගෙන් සමාව ඉල්ලීමට ජනපතිගෙන් පියවර

එම ඉල්ලීමට සාවධානව සවන් දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අනෝජන්ට සමාව ලබාගැනීම වෙනුවෙන් රජය නෛතිකව මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිමයෙන් ක්‍රියාකරන බවයි. විශේෂයෙන්ම, සවුදි අරාබියේ රජුගෙන් මේ පිළිබඳව සමාව ප්‍රදානය කරන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී සහතික කර තිබේ.

මෙම අවස්ථාවට එක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ, සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ නීතිමය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සවුදි බලධාරීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.
hdbdfgbb

සිරගත අනෝජන් සහ සවුදි තානාපති සමග විපක්ෂ නායකයා සාකච්ඡාවක

මේ අතර, සිවරාසා අනෝජන්ගේ පියා වන තම්බිරාජා සිවරාසා, මව වන රාසමානික්‍යම් යෝගලක්ෂ්මි සහ සහෝදරයා වූ සිවරාසා හම්සිදන් ඇතුළු පවුලේ ඥාතීන් අද දහවල් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවිය.

එම හමුව අතරතුර, විපක්ෂ නායකවරයා සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් අනෝජන්ගේ නිදහස වෙනුවෙන් ගතහැකි ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එමෙන්ම, සවුදි බන්ධනාගාරයේ පසුවන අනෝජන්ට පවුලේ සාමාජිකයන් සමඟ කතාබහ කිරීමට ලැබුණු කාලසීමාව තුළ විපක්ෂ නායකවරයා ඔහු සමඟ ද දුරකථනයෙන් සෘජුව සම්බන්ධ වී සුවදුක් විමසා ඇත. අනතුරුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සම්බන්ධ කරගත් විපක්ෂ නායකවරයා, අදාළ නීතිමය ක්‍රියාවලිය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු විමසමින්, විදේශගත ශ්‍රමිකයෙකු වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවට අනෝජන්ගේ පවුලේ සාමාජිකයන්ට සහතික විය.
fdfgdgrewt

එකමුතු රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක අවශ්‍යතාව

විදේශ රටක ස්වෛරී අධිකරණ තීන්දුවක් හමුවේ වුවද, ආගමික සහ මානුෂීය පදනම මත පාලකයා සතු විශේෂ බලතල ඔස්සේ සමාව ලබාගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායක් පවතී. ඒ අනුව, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද එකම අරමුණක් වෙනුවෙන් පෙළගැසෙමින් සවුදි බලධාරීන් සමඟ සිදුකරන මෙම සංවාදය, අවදානමට ලක්ව ඇති ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය රැකගැනීම සඳහා වන ප්‍රබල බලාපොරොත්තුවක් බවට පත්ව තිබේ.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්