leader s

දකුණේ වෙනුරලා, ත්‍රීමාවිතානලා සමරද්දී උතුරේ මාරාන්තික උපවාසයකින් මියගිය දොස්තර පුතා සිහිපත් කිරීම තහනම් කර සහජීවනයක් හැදිය හැකිද?

අතීතයේ කඳුළු මතින් යළිත් ලේ දේශපාලනයක් හදන්න හදන ජාතිවාදීන්ට අපේ පරම්පරාවේ අනාගතය බිලි දෙනවාද?



නැවත වතාවක් ජාතිවාදයේ රුධිරය මතින් දේශපාලනය කරන්න යම් යම් පිරිස් උත්සහ දරන බව දැකීම පිළිබඳ වේදනාවෙන් ලියමි.

 

ජාතිවාදය මතින් හෝ දේශපාලන වාසි ගැනීමට සිතන ජාතිවාදීන්ට අතලොස්සකට තිලීපන් ස්මාරකය මතින් දේශපාලනය කිරීමට වුවමනාවක් ඇතිවී ඇත. එයට අප රටේ සබුද්ධික ජනතාව විසින් කිසිසේත් ඉඩ දියයුතු නැත.

 

තිලීපන් එක පිරිසකට ත්‍ර|ස්|ත|වා|දි|යෙක් වෙනකොට තවත් පිරිසකට විමුක්තිකාමියෙක්. අපේම රටේ ඉපදුණ ශ්‍රීලාංකික අම්මෙක්ට තාත්තෙක්ට පුතෙකි. උතුරේ එකල අම්මලාට මා|රා|න්|ති|ක උපවාසයක් කරලා මිය ගිය පුතෙකි. නිකම්ම පුතෙකු නොව උස් මහත් වෙලා ඉගෙන ගෙන වෛද්‍ය පීඨයට ගිය දොස්තර පුතෙකි.  

 

දකුණෙ සත්‍යපාල වන්නිගම, විජේදාස ලියනාරච්චි පද්මසිරි ත්‍රීමාවිතාන වෙනුර එදිරිසිංහලට තියෙන ආදරයම උතුරේදී  තිලීපන්ලාට ඇත. ඒ සත්‍ය බැහැර කර 'අපි සිංහල රට සිංහල කට ව|හ|පං දෙමළා' කියලා අපිට කවදාවත් මේ රටේ ඇත්ත සහජීවනයක් ගොඩනැඟීමට හැකියාවක් නොලැබෙනු ඇත.

 

මිත්‍රවරුනි,

කෝ. ආනන්ද කියන බෞද්ධ භික්ෂූන්වහන්සේ  'උඹයි මමයි එක අම්මගෙ දරුවො තිලීපන්' කියලා ලියපු ගීතයක් තියෙනවා. මම ඒ ගීතයේ කොටසක් පහලින් මේ සටහනට ඇමුණුම් කරනවා. ඒ සම්පූර්ණ ගීතයම You Tube එකෙන් හොයාගෙන අහන්න කියලා ඔබට ආරාධනා කරනවා.

 

රියෝ අයිස්ක්‍රීම් එක ළඟ ස්මාරකයේ ඇත්ත කතාව



ඔය ප්‍රශ්නගත තිලීපන් ස්මාරකය තියෙන්නෙ නල්ලූර්වල. හරියටම නල්ලූර් කෝවිල පහුකරලා යනකොට 'රියෝ අයිස්ක්‍රීම්' එක ළඟ.  

 

අවුරුද්දකට දෙතුන් පාරක් සම්මන්ත්‍රණයකට හරි වෙනත් රාජකාරි වැඩකට හරි යාපනයට යන හැමවෙලාවකම රියෝ එකට ගොඩවෙනකොට ඔය ස්මාරකය අපි දකිනවා. ඔය ස්මාරකය තියෙන්නෙ හරියටම රියෝ අයිස්ක්‍රීම් එකේ ප්‍රධාන ගේට්ටුව ළඟ වම් පැත්තෙ. මේ පහළ තියෙන්නෙ 2021 දී මම ඔය ස්මාරකය ළඟටම ගිහින් ගත්ත ඡායාරූපයක්.815702786 29439546598969203 97508182669522735 n

 

ඒ ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති කාලෙ.

 

තිලීපන් ස්මාරකය ළඟ වාර්ෂිකව පිරිසක් පැමිණ පහන් පත්තුකරලා සමරනවා. ඒක යාපනයට සාමාන්‍යෙ දෙයක් වෙලා තිබුණෙ. මම දන්න තරමින් ඔය ස්මාරකය මුළින්ම හදන්නෙ 1988 දී. ඊට පස්සෙ යාපනය හමුදාවට නතුවුණාම 1995 දී පමණ ඔය ස්මාරකය ඉවත් කරලා තිබුණා. නැවත 2001 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගෙ සමයේ සාම සාකච්ඡා යන කාලේ ඔය ස්මාරකය ඉදිවෙලා තියෙනවා. නැවත 2010 දි පමණ කිසියම් පිරිසක් කඩා බිඳ දාපු ස්මාරකය 2013 දී නැවත ඉදිවෙනවා.

 

ඊට පස්සෙ ඕක අයින් කරන්න කිසිම ආණ්ඩුවක් කටයුතු කරේ නැහැ. ගෝඨාභයගෙ ආණ්ඩුවවත්. මම මේ පහළ ඡායාරූපය ගන්නෙ ගෝඨාභයගෙ ආණ්ඩුව කාලෙ.

ඇයි ඒ?

 

ඒකට හේතුවක් තියෙනවා.

 

යාපනයේ ජනතාව තිලීපන්ට ආදරෙයි. ඒකයි ඔය ස්මාරකය වසර ගණනාවක් ඔතන තියෙන්නෙ.

 

මම ඉහත සඳහන් කරා වගේම තිලීපන් කියන්නෙ වෛද්‍ය ශිෂ්‍යයෙක්.  මුල් කාලීනව හිටපු දෙමළ සටන්කාමියෙක්. එල්.ටී.ටී.ඊ එක ඉතාම මි|ලේ|ච්|ඡ ත්‍ර|ස්|තවාදී ආස්ථානයකට යන්නෙ පසුකාලීනව ප්‍රභාකරන් දෙමළ සටන්කාමී ව්‍යාපාරවල එකම නායකයා විදිහට ඉතුරුවුණාට පස්සෙ.

 

උමා මහේෂ්වරන්ලා කුට්ටුමනීලාගෙ ම|ර|ණ වලින් පස්සෙ දෙමළ ජාතික අරගලය ප්‍රභාකරන් වගේ මි|ලේ|ච්|ඡ|යෙ|ක් අතට ගිය හැටි ගැන ඒ ඉතිහාසය කියවලා ඕනම කෙනෙකුට අවබෝධයක් ගන්න පුළුවන්.  



‘බෝම්බ බැඳගත් කළු කොටි නොවූ තිලීපන්ලා’


Thilpana123

තිලීපන් කියන්නෙ අහිංසක සිවිල් වැසියන් විනාශකරගෙන ම|රා|ගෙ|න මැ|රෙ|න බෝ|ම්|බ|යක් බැඳගෙන අනිත් අයවත් තමනුත් විනාශවුණු ක|ළු කො|ටි|යෙක් නෙමෙයි.

ඒ වෙනුවට ඉන්දීය සාම සාධක හමුදාව උතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් උපවාසය තෝරාගත්ත මිනිහෙක්. ඒ උපවාසය නිසා තමන්ගෙ ම|ර|ණ|ය තෝරාගත්ත මිනිහෙක්.

 

උතුරෙ මිනිස්සු තිලීපන්ට ආදරේ ඒකයි. දකුණෙ සමහර කවියන් අතින් තිලීපන් ගැන කවි ගීත ලියවිලා තියෙන්නෙ ඒකයි.

 

මිත්‍රවරුනි,

අපි ත්‍රස්තවාදයට විරුද්ධයි. බෙදුම්වාදයටත්  විරුද්ධයි.

 

නමුත් 80 ගණන්වලට පෙර ඉඳලම දෙමළ ජනතාවට සාධාරණ අරගලයක් තිබුණා කියන එක අපිට බැහැර කරන්න බැහැ. අපි ඒ අරගලය පිළිබඳව සහානුකම්පිත විය යුතුයි. ඒ සාමකාමී අරගලය යුද්ධයක් දක්වා ගියේ කාගෙ දේශපාලන වරදකින් ද කියන එක බුද්ධියෙන් විමසා බැලිය යුතුයි.

 

ඒ ඔස්සෙ මේ ප්‍රශ්නය දිහා බලන්න කියලා මම ඔබට යෝජනා කරනවා.



සාමකාමී අරගලයක් දශක තුනක යුද්ධයක් කළ වරද කාගෙද?

 images 2

අපේ හැම ආණ්ඩුවක්ම දෙමළ ජනතාවගෙ අරගලය බලලෝභී දේශපාලනය නිසා නොතකා හැර අධිපතිවාදීව හැසිරීම නිසා උතුරේ තරුණයින් සටන් කාමී ව්‍යාපාරයක් දක්වා ගියා කියන සත්‍යය අපට බැහැර කරන්න බැහැ.

 

ජේ.ආර් ගෙ ආණ්ඩුවෙ භූ දේශපාලනය කළමණාකරනය කිරීමේ අසමත්කම්, 1981 දී යාපනය  සංවර්ධන සභා මැතිවරණය කරන්න ගිහින් යාපනය පුස්තකාලය ගි|නි තැබීම සහ 83 ක|ළු ජූලිය දමිළ ජනතාවගෙ දේපල කො|ල්|ලකාල පණ පිටින් පු|ළු|ස්|සපු කළු, අඳුරු අතීතය අවසානයේ අපේ රටට දශක තුනක් පුරා ඇඳුණු යු|ද්|ධ|යක් ඉතිරිකරා.

 

තිලීපන් උතුරේ ඉඳන් ඉන්දීය සාම සාධක හමුදාව ඉවත් කරන්න කියලා ඉල්ලද්දි  ඉන්දීය සාම සාධක හමුදාව ඉවත් කරන්න කියලා ජේ.ආර් ගෙ ආණ්ඩුවෙන් දකුණෙ ජනතා විමුක්ති පෙරමුණත් ඉල්ලුවා.

 

එවක අගමැති ප්‍රේමදාසත් ඉන්දීය සාම සාධක හමුදාව යැව්වෙ නැත්‍තම් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කිව්වා.

 

එතකොට විජේවීරයි ප්‍රේමදාසයිත් දෝහියො වෙනවද? ඕනෙ නම් කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්.

 

මේ ප්‍රශ්නය 80 දශකයෙ ප්‍රශ්නයක් නෙමෙයි

 

1944 දී  සෝල්බරි කොමිසමෙන් දෙමළ ජනතා නායකයො ඉල්ලුවෙ ෆෙඩරල් ව්‍යවස්ථාවක් නෙමෙයි සමබර නියෝජනයක් (Balanced Representation) ඒක ඉටුවුණේ නැහැ. ඊට පස්සෙ පසුකාලීනව 1949 දී ෆෙඩරල් පක්ෂය බිහිවෙනවා. නමුත් බලය බෙදීමේ ඉල්ලීම් වෙනුවට ඔවුන්ට ලැබෙන්නෙ 1956 සිංහල භාෂා පනත.

මට දවසක් සී.වී.කේ (ඉලංගෙයි තමිල් අරසු කච්චි හි වැඩබලන නායක) හමුවුණ වෙලාවක කිවුවා 56 දී පැය 24 න් රාජ්‍ය භාෂාව සිංහල භාෂාව කරාම S.S.C විභාගය ලියන්න හිටපු සී.වී.කේ මුහුණ දීපු පීඩනය සහ වේදනාව. ඒ වගේම උතුරට සිංහලෙන් විතරක් ලියුම් එද්දි රාජ්‍ය සේවකයො විඳපු අපහසුව.



බණ්ඩාරනායකගෙන් සහ ඩඩ්ලිගෙන් පටන් ගත් ගිවිසුම් කඩාකප්පල් කිරීම්


image 46a7f0ef3c

ඊට පස්සෙ ඒ ජාතික ප්‍රශ්න විසඳන්නෙ නැතුව ඉස්සරහට යන්න බැරි නිසාම ඒ ප්‍රශ්න විසඳන්න සහ එක රටක් ඇතුළෙ බලය බෙදාගන්න 'රට සභා' ස්ථාපිත කරන්න අගමැති බණ්ඩාරනායක විසින් බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ගහද්දි ඒකට විරුද්ධව පෙළපාලි ගියෙ ජේ.ආර් ප්‍රමුඛ  යූ.එන්.පී එක. ඔවුන් 1957 දී කොළඹ ඉඳන් මහනුවර දක්වා පාගමන් ගියා මේ ප්‍රශ්නය මතින් දේශපාලනය කරන්න. ජාතිවාදය ඇවිස්සුවා. අවසනයේ 58 දී ජාතිවාදී කෝලහලත් ඇතිවුණා.

 

ඒ සේරටම පස්සෙ මේ ප්‍රශ්නය විසඳන්නෙ නැතුව රටට අනාගතයක් නැතිබව තේරුණු ඊට පස්සෙ බලයට ආපු යූඑන්පී එකේ ඩඩ්ලි විසින් ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම ගහලා ජාතික ප්‍රශ්නය විසඳලා 'දිස්ත්‍රික් සභා' ස්ථාපනය කරන්න යද්දි ෆීලික්ස් ඩයස් ප්‍රමුඛ ශ්‍රීලනිප විසින්  'ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ' කියලා පෙළපාලි ගියා. ගිවිසුම කඩාකප්පල් කරා.

 

මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න හදපු හැම වෙලාවකම ප්‍රධාන පක්ෂ දෙක ඒ උත්සහයන් හැම එකම දේශපාලනිකව පාවිච්චි කරලා විනාශ කරලා දැම්මා දේශපාලන වාසි වෙනුවෙන්.

 

අන්තිම උදාහරණය 2000 චන්ද්‍රිකාගෙ ව්‍යවස්ථා පැකේජය. 1994 නීලන් තිරුචෙල්වම් යෝජනාවල ඉඳන් වසර ගණනාවක උත්සහයක්. 1995 සුදු නෙළුම් සාම පාරමිතාවෙ ඉඳන් නිර්මාණාත්මක ව්‍යාපෘති රාශියක ප්‍රතිඵලයක්. අන්තර් පක්ෂ සාකච්ඡා වට ගණනාවක් කරලා ගෙනාපු ව්‍යවස්ථාව දේශපාලනික වාසියක් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකත්වය දරපු එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුව ගිනි තියලා ඒ උත්සහය පරාජය කරලා දැම්මා.

 

ඒ ගිනි තැබීම සාධාරණීකරනය කරන්න ඒ ව්‍යවස්ථාවට එරෙහිව ඒ වෙලාවේ මහපාරේ උද්ඝෝෂණය කරපු හැඩිගල්ලේ විමලසාර භික්ෂුව, තිලක් කරුණාරත්න සහ චම්පික රණවක ඇතුලු සිහල උරුමයේ වක්‍ර සහයෝගය ලැබුණා.  

 

අපිට ඒ අඳුරු අතීතය අමතක කරලා තිලීපන්ව සමරන උතුරේ මිනිස්සුන්ට දොස් කියන්න පුළුවන්ද?

 

1981 යාපනය සංවර්ධන සභා ඡන්දය බලහත්කාරයෙන් දිනන්න යාපනය පුස්තකාලය ගිනි තිබ්බෙ කවුද?

 

83 දී දෙමළ මිනිස්සු කාර් ඇතුලෙ පි|ච්|චු|වෙ කවුද? දේපළ ගි|නි තිබ්බෙ කවුද?

 

ඒ අය ත්‍ර|ස්|ත|වා|දී|න් නෙමෙයි ද




යුද්ධය අවසන් වී වසර 16කට පසුවත් අපට අහිමි වූ සංක්‍රාන්තික යුක්තිය

 

images 2

යුද්ධය අවසන් වෙලා අවුරුදු 16 ක් ගිහිනුත් අපිට තාම නිවැරදිව මූලධර්මානුකූලව අතීතය සමඟ ගනුදෙනු කිරීමේ (Dealing with the past) සංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාමය ඉටුකරගන්න බැරි වෙලා තියෙනවා.

 

එහෙම තත්ත්වයක තමන්ගේ සමීපතමයින් හෝ තමන්ව පීඩාවට පත්කරපු විදේශ හමුදාවක් වුණු ඉන්දීය සාම සාධක හමුදාව උතුරෙන් යවන්න කියලා මා|රා|න්|ති|ක උපවාසයක් කරලා මියගිය මිනිසෙක්ව ස්මරණය කරන එක තහනම් කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්?

 

මේ ස්මරණයන් අද ඊයෙ පටන් ගත්ත දෙයක් නෙමෙයි. කාලයක් තිස්සෙ වෙන දෙයක්. දකුණ ඒ ස්මරණයන් දිහා සහානුකම්පිතව බලන්න පෙළඹෙන්න ඕන. ඒ සහානුකම්පිත බව අපේ ජනතාවගෙ සාමුහික අවිඥානය තුළින් නැති කරේ ලේසියෙන් පාර්ලිමේන්තු යන්න ජාතියටයි ආගමටයි මුවාවෙලා දේශපාලනය කරපු පක්ෂ විසින්.

 

ජීවිතේ දශක තුනක් ඉවර කරලා තිස් ගණන්වල ඉන්න අපේ පරම්පරාවේ බහුතරයකට මේ රට ආයෙ ජාතිවාදී දේශපාලනයක ගොදුරක් වෙනවා දකින්න වුවමනාවක් ඇතැයි කියලා මම හිතන්නෙ නැහැ.

 

දකුණේ වෙනුර එදිරිසිංහලා ත්‍රීමා විතානලා ස්මරණය කරනවා නම් 88 89 දී එවක ආණ්ඩුවට එරෙහිව කැරලි ගහපු ශාන්ත බණ්ඩාරලාව අපි 'විරු සිසු' ගීතයෙන් විශ්ව විද්‍යාල ඇතුලෙ ස්මරණය කරනවා නම් තමන්ව පීඩනයට පත් කරන විදේශික හමුදාවක් තමන්ගෙ භූමියෙන් යවන්න කියලා මාරාන්තික උපවාසයක් කරලා මියගිය උතුරේ අම්මලාට දොස්තර පුතෙක් වෙච්ච තිලීපන්ව ස්මරණය කරන එක ගැන අපිට සහානුකම්පිත වෙන්න බැරි ඇයි?

 

තිලීපන් කියන්නෙ මොන දේශපාලන දෘෂ්ටිවාදයක් දැරුවත්, මතවාදයක් දැරුවත් මේ බිමේ ඉපදුණු ශ්‍රීලංකිකයෙක්. උතුරෙ මිනිස්සු තිලීපන්ගෙ මාරාන්තික උපවාසය සිහිපත් කරන එක බලහත්කාරයෙන් නවත්වනකොට ඒ මිනිස්සුන්ට මේ රට අපේ රට කියලා දැනෙයිද?

 

එහෙම වුණාම ඒ මිනිස්සු වෙන් වෙන්න හිතන එක වරදක් ද?

 

අනෙකාගේ වේදනාව දකින විසල් මිනිස් හදවතක්


Mullivaikkal Remembrance Day 2016 IMG 0467 27091712656

මිත්‍රවරුනි, 

මේ රට එක රටක් වෙන්න නම් මේ රටේ මිනිස්සුන්ගෙ හදවත් එකම මිනිස් හදවතක් වෙන්න ඕන. එහෙම වෙන්න නම්  උද්ධච්ඡ අධිපතිභාවය වෙනුවට අනෙකාගෙ දෘෂ්ටිය දිහා සහානුකම්පාවෙන් බලන්න සහ  තේරුම්ගන්න පුළුවන් විසල් හදවතක් අපි හැමෝටම තියෙන්න ඕන.

 

දකුණෙ මායිම් ගම්මානවල මිනිස්සු ත්‍ර|ස්|ත|වා|දය නිසා බැටකාපු එක ගැන බස්වල කෝච්චිවල බෝ|ම්|බ පු|පු|ර|පු එක ගැන සිංහල ජනතාවගෙ හදවත්වල කැකෑරෙන වෛ|ර|යක් තියෙනවා ඒක ඇත්ත.

 

ඒ වගේම වෛ|ර|යක් 83 දී කාර් ඇතුලෙ දාලා තමන්ගෙ ආදරණීයයන් පිළිස්සීම ගැන දෙමළ ජනතාවටත් තියෙනවා.

 

අපි හැමෝටම ඒ අතීතය දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් ධෛර්යයක් තියෙන්න ඕන.

 

 අවසාන වශයෙන් මිත්‍රවරුනි,

මේ ජාතිවාදී ප්‍රශ්න වර්ධනය කරලා ජාතිවාදයෙන් ගොඩයන්න හදන දේශපාලනයට  මේ රට තව වටයකින් ගිනි අවුළුවලා අපේ පරම්පරාවේ ජීවිතවල ඉදිරි දශක කිහිපය විනාශ කරන්න ඉඩ දෙනවද කියලා අපිට තීරණය කරන්න වේවි.

 



akalanka hettiarachchi (සටහන | නීතිඥ අකලංක හෙට්ටිආරච්චි)

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 ( උපුටා ගැනීම | Akalanka Hettiarachchi ගේ ෆේස්බුක් පිටුවෙන් )

 

 

 

 

 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්