leader s

*ජාතික විද්‍යා පදනමේ 2026 සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී


*ව්‍යසන කළමනාකරණයට කෘතිම බුද්ධිය යොදාගැනීම ගැන විශේෂ අවධානයක්

ස්වභාවික ආපදා අවම කරගැනීම සහ ආපදාවලින් පසු නැවත යථාතත්ත්වයට පත්වීම සඳහා නවීන කෘතිම බුද්ධි (AI) තාක්ෂණය ඵලදායීව උපයෝගී කරගැනීම පිළිබඳව ජාතික මට්ටමේ විශේෂ අවධානයක් යොමු වී තිබේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම (NSF) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "විද්‍යාව ප්‍රචලිත කිරීමේ සම්මාන උළෙල 2026", පසුගිය සැප්තැම්බර් 18 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණේ මෙම කාලීන තේමාව පෙරදැරි කරගනිමිනි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, ජාතික විද්‍යා පදනමේ සභාපති ආචාර්ය සුදත් සමරවීර, අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ශිරෝමි පෙරේරා ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගී වූහ.

තරුණ පරපුරේ නවෝත්පාදන සහ පාසල් දායකත්වය

2002 වසරේ සිට අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන මෙම වැඩසටහන හරහා පාසල් පන්ති කාමරයේ සිටින දරු දැරියන් තුළ පර්යේෂණ කුසලතා සහ නිර්මාණශීලී චින්තනය ප්‍රවර්ධනය කිරීම මූලික ඉලක්කය කරගෙන ඇත.

මෙවර උළෙලේදී 2025 සහ 2026 වසරවල පැවති ජාතික මට්ටමේ තරග ඉලක්ක කරගනිමින් සම්මාන රැසක් ප්‍රදානය කෙරිණි. එහිදී ළමා පරිසර වේදියා වැඩසටහන යටතේ සම්මාන 61ක්ද, විද්‍යා ප්‍රබන්ධ සහ ඩිජිටල් කතන්දර අංශයෙන් සම්මාන 33ක්ද, කෙටි විද්‍යා නාට්‍ය සහ භූමිකා රංගනයන් සඳහා සම්මාන 9ක්ද පිරිනැමිණි. මීට අමතරව, පාසල් මට්ටමේ ඉහළ ප්‍රමිතිගත විද්‍යා සංගම් වෙනුවෙන් පිරිනැමෙන තරු ශ්‍රේණිගත කිරීම් සහ විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරගයේ ජයග්‍රාහකයෝද මෙහිදී ඇගයීමට ලක් වූහ.

"සැම දෙනාටම විද්‍යාව" යන මූලධර්මය පෙරදැරිව, රට පුරා විද්‍යාත්මක සාක්ෂරතාව ඉහළ නැංවීමටත්, විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමටත් සහ මහජන සහභාගීත්වය දිරිගැන්වීමටත් ජාතික විද්‍යා පදනම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. විද්‍යාත්මක දැනුම සහ මහජන අවබෝධය අතර පරතරය අවම කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරී වැඩසටහන් සහ මුලපිරීම් රැසක් එමගින් ක්‍රියාත්මක කරනු ලබයි.

පාසල් මට්ටමේ විද්‍යා සංගම් පෝෂණය කිරීම, විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරඟය (SRPC) වැනි ජාතික තරඟ සංවිධානය කිරීම සහ සිසුන්, අධ්‍යාපනඥයින් හා ප්‍රජාවන් සම්බන්ධ කරගනිමින් වසර පුරා ජාතික විද්‍යා පදනම විසින් පාසල් ප්‍රජාව වෙනුවෙන් වාර්ෂිකව විවිධ වැඩසටහන් සහ තරග රැසක් සංවිධානය කරනු ලබන අතර, ඒ තුළින් සිසුන්ට තම විද්‍යාත්මක දැනුම, නිර්මාණශීලීත්වය, පර්යේෂණ කුසලතා සහ නව්‍ය චින්තනය වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසේ. මෙම වැඩසටහන් සහ තරගවලදී විශිෂ්ට දක්ෂතා දක්වන්නන් ජාතික විද්‍යා පදනම හි 'විද්‍යාව ප්‍රචලිත කිරීමේ සම්මාන උළෙල දී' ඇගයීමට හා ගෞරවයට පාත්‍ර කරනු ලබයි.

ඒ අනුව, 2025 සහ 2026 වසරවලදී පැවති පහත සඳහන් තරග සහ වැඩසටහන්වල ජයග්‍රාහකයින් සහ විශිෂ්ට දක්ෂතා දැක්වූවන්, විද්‍යාව හා නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් දැක්වූ දායකත්වය සහ ලබාගත් ජයග්‍රහණ අගයමින් මෙම උත්සවයේදී ගෞරවයට පාත්‍ර කරන ලදී:

• විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරගය 2025
• ළමා පරිසර වේදියා වැඩ සටහන 2025
• පාසල් විද්‍යා තරග 2026
• විශිෂ්ට දක්ෂතා දැක්වූ පාසල් විද්‍යා සංගම් – තරු ශ්‍රේණිගත කිරීම් 2026
• විද්‍යාව ප්‍රචලිත කිරීම සදහා සම්මාන
• විද්‍යාඥයින් සඳහා වන විද්‍යාව ප්‍රචලිත කිරීම සම්මාන 2026
• මාධ්‍යවේදීන් සඳහා වන විද්‍යාව ප්‍රචලිත කිරීම සම්මාන 2026
• ගුරුවරුන් සඳහා වන විද්‍යාව ප්‍රචලිත කිරීම සම්මාන 2026

ප්‍රධාන සම්මාන කාණ්ඩ පහත පරිදි විය:

• ළමා පරිසර වේදියා වැඩ සටහන – සම්මාන 61ක්
• විද්‍යා ප්‍රබන්ධ සහ ඩිජිටල් කතන්දර – සම්මාන 33ක්
• භූමිකා රංගනය, විරිදු සහ කෙටි විද්‍යා නාට්‍ය – සම්මාන 9ක්
• විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරගය – සම්මාන 10ක්
• විද්‍යාඥයින් සඳහා විද්‍යා ප්‍රචලිත කිරීම සදහා ජිවිත කාලය තුල එක් වරක් පමණක් ලැබෙන සම්මානය
• මාධ්‍යවේදීන් සඳහා විද්‍යා ප්‍රචලිත කිරීම සදහා ජිවිත කාලය තුල එක් වරක් පමණක් ලැබෙන සම්මානය
• මාධ්‍ය අංශයේ ඇගයීම් සම්මාන – සම්මාන 2ක්
• ගුරු සම්මාන – සම්මාන 3ක් (එක් ඇගයීම් සම්මානයක් සහ ප්‍රශංසා සම්මාන දෙකක් ඇතුළුව)
• තරු ශ්‍රේණිගත කිරීම් – සම්මාන 3ක් (එක් තරු පහේ සම්මානයක් සහ තරු හතරේ සම්මාන දෙකක් ඇතුළුව)

විද්‍යාව සමාජගත කරන වෘත්තිකයන්ට උපහාර

හුදු පර්යේෂණාගාරයකට පමණක් සීමා නොවී, සංකීර්ණ විද්‍යාත්මක සොයාගැනීම් සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි අයුරින් සන්නිවේදනය කිරීමේ වැදගත්කම මෙම උළෙලේදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.

ඒ අනුව, මෙරට විද්‍යා සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ විද්‍යාඥයන් සහ මාධ්‍යවේදීන් වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන විශේෂ උපහාර සම්මාන ප්‍රදානය කෙරිණි. එමෙන්ම, විද්‍යා අධ්‍යාපනය පෝෂණය කිරීමට දායක වූ ගුරුවරුන් සහ ජනමාධ්‍යවේදීන් ඇගයීම සඳහාද සම්මාන පිරිනැමීම සිදු විය.

ආපදා අවදානම සහ නවීන තාක්ෂණික මාවත

ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ නිරන්තරයෙන් නායයෑම්, ගංවතුර සහ නියඟ වැනි ආපදාවලට ලක්වන ශ්‍රී ලංකාව වැනි රටකට, කෘතිම බුද්ධිය (AI) ඔස්සේ කාලගුණික දත්ත කල්තියා විශ්ලේෂණය කිරීම සහ ආපදා අනතුරු ඇඟවීම් කාර්යක්ෂම කිරීම අතිශය තීරණාත්මක සාධකයක් බව විද්වත්හු පෙන්වා දෙති.

1994 අංක 11 දරන විද්‍යා හා තාක්ෂණ සංවර්ධන පනත මගින් පැවරී ඇති වගකීම පෙරදැරිව, "සැම දෙනාටම විද්‍යාව" යන සංකල්පය යටතේ සමාජයේ සෑම තරාතිරමකම ජනතාව නව තාක්ෂණික මෙවලම් සමග සවිබල ගැන්වීම සිය අරමුණ බව ජාතික විද්‍යා පදනම මෙහිදී සඳහන් කළේය.

 

NSFharini 3

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්