leader s

මෙන්න නතාෂාගේ ඔය කියන ආන්දෝලනාත්මක කතාව. වීඩියෝව අහලා මම මේ කොටස TEXT එකක් හැටියට ගත්තා.  

මට අනුව මේ කතාව අජරාමර කතාවක්.  

මේ මගින් බුදු දහමට අපහාසයක් කරලා නෑ.

ඩෑන් ප්‍රියසාද් වගේ පිරිමින් නතාෂා ඉස්සරහා කුලප්පු වෙලා දෙරණ නාලිකාවත් එක්ක හදපු ප්‍රොපර්ගැන්ඩාවෙ ගිලුන සියලු සත්වයෝ මේ කතාව නැවත අසා නිදුක් වෙත්වා!

මේ කතාවෙ යටිපෙළක් තියේනම් එය නීතියට අල්ලා ගත හැකිද ?

එක පැත්තකින් මේ කතාව නීතිය සමච්චලයට ලක් කෙරෙන කතාවක්. මෙහෙම කතාවක් කියා ගන්න බැරි උන බොහෝ අයත් නතාෂාට එරෙහි පිළේ සිටිනා බවයි මට පේන්නෙ. ?


 '' අපේ ඉස්කෝලෙ ගිය ගොඩාක් අය දැන් අම්මලා. ඒගොල්ලා ඉස්කොලෙ ඉගෙන ගත්ත විදියටම තමයි ළමයි හදන්නෙ. ලොකු තරගයක් තියෙනවා. ඇහුවොත් කියන්නෙ ඉස්සරහ ගෙදර බබා අවූරුද්දයි මාස තුන වෙද්දි ඇවිද්දා. අපේ එක්කෙනා අවුරුද්දයි මාස තුනයි සතියයි තාම ඇවිදින්නෑ. ඒ බබා මේ වයස වෙද්දි හොදට ‘‘තාත්තා‘‘ කිව්වා. අපේ එක්කෙනා තාම තාත්තා කියන්නෑනේ.

මට ඕව ඇහුවම හිතෙන්නෙ  බුදුහාමුදුරුවන්ගෙ කාලෙ බුදුහාමුදුරුවො සිදුහත් කුමාරයා කාලෙ සිදුහත් කුමාරෙයා බබා කාලෙ ඒ සම වයසෙ ළමයින්ට මාර ප්‍රෙෂර් එකක් තියෙන්න ඇති නේ. අර සුද්ධෝදනගේ ළමයා. ඒ ළමයා ඉපදුන දවසෙම ඇවිදලා. ඒකට මේගොල්ලො. තාම කෙලින් කරලා වඩා ගත්තාම බෙල්ල කඩා වැටෙනවා. අර සුද්ධෝදනගෙ පොඩි එකා ඉපදුණ දවසෙ කවියක් කියලා. ඒකට මුං. සුද්ධෝදනගෙ කොලු පැටියා ඉපදුණ දවසෙය කියලා නෑ දැන්මම තීරණය කරලා තියෙන්නෙ එයා ලොකු උනා ම කරන්නෙ මොනවද කියලා. අපේ අය අපි හැම දෙයක් ම කරලා දෙනකං බලං ඉන්නවා නේ. ඒ ළමයගෙ අම්මත් නෑ. මුංට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. මොන දේවල්ද නොකරන්නෙ. මුංට සැප වැඩියි. සැප වැඩියි.''

Sujith

 

 


(සුජිත් රත්නායක)

(Sujith Rathnayake - ෆේස්බුක් පිටුවෙන් )

  

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්