leader s

 මා හිතවත් රන්ජන්,
 
ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි.
 
 ඔබට මේ තත්ත්වය ඇතිවූයේ මේ රටේ මුළුමනින් ම දූෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රයට එරහිව නිර්භයව හඬනැගීම හේතුවෙනි.
          
ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින් ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ. 
 
මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.
     
 කිසිදු විටෙක අධෛර්ය නොවන්න. යුක්තිය අගයන සියලු ජනතාව ඔබ සමග සිටින බැවින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න. 
 
කුමන අභියෝග සහ බාධා එල්ල වුවද, අපේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් අපි බොහෝ කැපවීමෙන් වැඩ කළ යුතු වෙමු.
 
අයුක්තියට, අසාධාරණයට, දූෂණයට එරෙහිව ඔබ විසින් ආරම්භ කළ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට මෙහෙය වීමට ඔබට ආශිර්වාද කරමින් විජය මාමාගේ ගීත කොටසක් සිහිපත් කරමි.
 
 "වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදීව තපස් රකින්නේ
පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”
 
මීට,
හිතවත්,
 
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
 
 
(චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මුහුණු පොතෙන්..)
 

 
 
දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අලුගෝසුවනේ එල්ලාපං
අලුගෝසුවනේ එල්ලාපං
කටු ඉඹුලේ අප එල්ලාපං
 
යුක්තිය උදෙසා
කෑ මොර දීමයි
යුක්තිය උදෙසා කෑ මොර දීමයි
දඟ ගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැඳ එකෙකු නසන කල
දනිවු සුවහසක් තව උපදින බව
 
දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අලුගෝසුවනේ එල්ලාපං
අලුගෝසුවනේ එල්ලාපං
කටු ඉඹුලේ අප එල්ලාපං
 
 
වරදට එරෙහිව
අවි ඔසවන්නේ
වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්
 
දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අලුගෝසුවනේ එල්ලාපං
අලුගෝසුවනේ එල්ලාපං
කටු ඉඹුලේ අප එල්ලාපං
 
2004/03/22 දින Anil Samaranayake  මහතා විසින් රචිත "ගාමිණී - ශ්‍රී ලංකේය සමාජ ප්‍රවාහය අභිමුව" චරිතාපදානය එළිදැක්වූ උත්කර්ෂවත් උත්සවයෙහි දී රන්ජන් රාමනායක ගැන ගාමිණී ෆොන්සේකා මෙසේ පැවසිය.
 
''මම බොහොම ආඩම්බර වෙනවා, එක මිනිහෙක් හරි, ජීවිතේ බල්ලට දාලා ඉවර වෙලා කෙලින් කතා කල එක ගැන'' 
 
 

 
 
###################
 
 
රටට හොරෙන් කොරෝනා එන්නත විදගත් රාජපක්ෂවරයා ?
 
 
 

 
 
යුක්‍රේන නාඩගම - ආණ්ඩුවේ ‘ට්‍රයල්’ එකට බයිට් වෙන ජනතාව
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්