leader s

සිංහල, දෙමළ, මුස්ලිම් මාධ්‍ය සංවිධාන 5කින් සවුදි නායකත්වයට ඒකාබද්ධ මානුෂීය ආයාචනයක්


ඉස්ලාමීය දහමේ දයාව සහ සමාව පෙරදැරිව අනෝජන්ගේ ජීවිතය රැකදෙන ලෙස ඉල්ලයි


සමාජ මාධ්‍ය සටහනක් මුල්කරගනිමින් සවුදි අරාබියේදී බරපතළ නීතිමය ක්‍රියාමාර්ගයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ගේ ජීවිතය රැකදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජනමාධ්‍ය සංවිධාන පහක් එක්ව සවුදි අරාබි රාජ්‍ය නායකත්වය වෙත ඒකාබද්ධ මානුෂීය ආයාචනයක් ඉදිරිපත් කර තිබේ.

ශුද්ධ වූ පල්ලි දෙකෙහි භාරකරු වන සවුදි අරාබියේ රජු සහ එරට රාජ්‍ය නායකත්වය අමතමින් මෙම මාධ්‍ය සංවිධාන ඉල්ලා සිටින්නේ, ඉස්ලාමීය නීතියට හා සම්ප්‍රදායන්ට ගරු කරමින්, දයාව සහ අනුකම්පාව පෙරදැරිව අනෝජන්ට සමාව ප්‍රදානය කරන ලෙසයි.

ජාතීන් ඒකාබද්ධ කළ මානුෂීය හඬක්

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM), ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA), ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය (SLMMF), දෙමළ මාධ්‍ය සන්ධානය (TMA) සහ දකුණු ආසියානු කාන්තා මාධ්‍යවේදිනියන්ගේ සංවිධානය (SAWM) යන සංවිධාන එක්ව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරන ජනමාධ්‍යවේදීන් ලෙස සියලු ආගම්වලට ගරු කිරීම, සහජීවනය සහ වගකීම් සහගත අදහස් ප්‍රකාශනය වෙනුවෙන් පෙනී සිටින බව එම සංවිධාන අවධාරණය කරයි. එමෙන්ම, ඉස්ලාම් දහම තුළ සමාව දීම, පසුතැවිලි වීම සහ දයාව දැක්වීම සඳහා හිමිවන්නේ සුවිශේෂී ගෞරවනීය ස්ථානයක් බව සිහිපත් කරන එම සංගම්, අනෝජන් මුහුණ දී ඇති තත්ත්වය දෙස මානුෂීය ඇසකින් බලන ලෙස ඉල්ලා සිටියි.

ඉහළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක අවශ්‍යතාව

මෙම සංවේදී අවස්ථාවේ ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ ජීවිතය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ද ඉහළම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම සිද්ධිය සමීපව නිරීක්ෂණය කරමින් සවුදි බලධාරීන් සමඟ තානාපති මට්ටමින් කටයුතු කිරීම අගය කරන අතරම, නීතිමය සහ මානුෂීය යන දෙඅංශයෙන්ම ගත හැකි සෑම පියවරක්ම කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවද එහි සඳහන් වේ.

සවුදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවැනි මානුෂීය තීරණයක් ඉවහල් වනු ඇති බව පෙන්වා දෙන මාධ්‍ය සංවිධාන, අනෝජන් ආරක්ෂිතව යළි සිය පවුල වෙත ගෙන්වා ගැනීමට ඉඩප්‍රස්තාව සලසා දෙන ලෙස සවුදි බලධාරීන්ගෙන් ගෞරවයෙන් අයැද සිටියි.

js 1js 2

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්