leader s

*නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගේ ඉරණම තීන්දු කෙරෙන ඓතිහාසික නඩු තීන්දුව අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී


*අධිචෝදනා 23,270ක් යටතේ පැවති දීර්ඝ නඩු විභාගය අවසන් කරමින් අවසන් තීරණය ප්‍රකාශයට

2019 වසරේ අප්‍රේල් 21 දා සිදු වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මොහොමඩ් නවුෆර් නොහොත් ‘නවුෆර් මවුලවී’ ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති ඓතිහාසික නඩුවේ තීන්දුව අද (22) පෙරවරුවේ ප්‍රකාශයට පත් කෙරේ.

කොළඹ අලුත්කඩේ ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම තීන්දුව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්

නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්වීම සැලකිල්ලට ගනිමින් කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවලට අද උදෑසන සිටම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදවා ඇත. විශේෂ පොලිස් කණ්ඩායම්, කැරලි මර්දන ඒකක සහ බුද්ධි අංශ නිලධාරීන් ආරක්ෂක රාජකාරි සඳහා අනියුක්ත කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන සියලුම පුද්ගලයන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන අතර වාහන ගමනාගමනය ද විශේෂ ආරක්ෂක විධිවිධානවලට යටත්ව නියාමනය කෙරේ.

ලෝක වාර්තාවක් තැබූ අධිචෝදනා 23,270

2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ, කටුවපිටිය, මඩකලපුව දේවස්ථාන සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 270කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ඒ අතර විදේශීය සංචාරකයින් 45 දෙනෙකු ද විය.

මෙම සිදුවීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මුලින් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා 23,270ක් ගොනු කරනු ලැබීය. එය ලෝක ඉතිහාසයේ එක් නඩුවකදී විත්තිකරුවන්ට එරෙහිව ගොනු වූ වැඩිම චෝදනා සංඛ්‍යාව ලෙස සටහන් වේ. නඩු විභාගය අතරතුර 17 වන විත්තිකරු බන්ධනාගාරයේදී මියයෑම හේතුවෙන් සංශෝධිත චෝදනා පත්‍රය අනුව නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන ගියේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිවය.

සාක්ෂි විභාගය නිමාවට පත්වූ අයුරු

පැමිණිල්ල වෙනුවෙන් ලේඛනගතව නම් කර තිබූ සාක්ෂිකරුවන් 2,300කට අධික පිරිස අතුරින්, ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිළිබඳ මූලික කරුණු විත්තිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ පිළිගැනීම නිසා විභාගය බෙහෙවින් කඩිනම් විය. ඒ අනුව රජයේ රස පරීක්ෂකවරුන්, ඩී.එන්.ඒ සහ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් මෙන්ම රහසිගත රජයේ සාක්ෂිකරුවා ද ඇතුළු ප්‍රධාන සාක්ෂිකරුවන් 547 දෙනෙකුගේ සාක්ෂි පමණක් කැඳවා සාක්ෂි විභාගය අවසන් කෙරිණි.


විත්තිකරුවන් සිය විත්තිවාචක ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දෙපාර්ශ්වයේම ලිඛිත දේශන අධිකරණයට භාර දීම පසුගියදා අවසන් වූ අතර, ඒ අනුව නඩුවේ අවසන් තීන්දුව අද දිනට නියම විය.

දෙස් විදෙස් අවධානය මැද තීරණාත්මක සන්ධිස්ථානයක්

වසර හතකට ආසන්න කාලයක් මුළුල්ලේ යුක්තිය අපේක්ෂාවෙන් පසුවන වින්දිත ජනතාව මෙන්ම විදේශ සංචාරකයින් මියගිය රටවල රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ද මෙම නඩු තීන්දුව කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබේ. විශේෂයෙන්ම ඊයේ (21) දිනයේදීත් කටුවපිටිය ප්‍රදේශවාසීන් 89 වැනි වරටත් සාමකාමී විරෝධතාවක නිරත වෙමින් යුක්තිය ඉල්ලා සිටි පසුබිමක, අද ප්‍රකාශයට පත්වන මෙම නඩු තීන්දුව මෙරට නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ ක්ෂේත්‍රයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
 
 පාස්කු බෝම්බ ප්‍රහාර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව (HC/ TAB/2972-21) චෝදනා ලබුවන්

1. චූදිත මොහොමදු නවුෆර් මවුලවී

2 චූදිත මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බෙ (ගපූර් මාමා)

3  චූදිත හයාතු මොහමදු අහමදු මිල්හාන්

4  චූදිත මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා

5  චූදිත මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්

6  චූදිත මොහොමඩ් අන්වර් මොහොම්ඩ් රිස්කාන්

7  චූදිත මොහොමඩ් මන්සූර් මොහොම්ඩ් සනස්දීන්

8  චූදිත අබ්දූල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්

9  චූදිත මොහොමඩ් රමීස් මොහොම්ඩ් සාජිත්

10 චූදිත අබ්දූල් ලතීෆ් මොහොම්ඩ් සාෆි

11 චූදිත හුසේයිනුල් රිස්වී කාලිද් සමීර්

12 චූදිත මොහොමඩ් සවාහිර් මොහොම්ඩ් හසන්

13 චූදිත මොහොමඩ් ඉෆ්තිකාර් මොහොම්ඩ් ඉන්සාෆ්

14 රශීඩ් මොහොම්ඩ් ඊබ්‍රාහිම්

15  චූදිත මොහමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්

16 මොහොමඩ් මුස්තෆා මොහොමඩ් හාරිස්

17 චූදිත මියගොස් (යාසිම් බාවා අබ්දුල් රවුෆ් )

18 චුදිත රාසික් රසා හුසෙන්  

19  චූදිත කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත්

20 චූදිත සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්

21 චූදිත මොහොම මුස්තපා මොහොමඩ් රිස්වාන්  

22 චූදිත මීරා සහීබ් මොහොමඩ් නෆ්ලි

23 චූදිත  මොහොම්ඩ් අමීර් මොහොමදු අයතුල්ලා  

24 චූදිත මොහොමඩ් අන්සාර්ඩීන් මොහොම්ඩ් ඉල්මි නොහොත් ඉල්මි

25 චූදිත  මොහොම්ඩ් අක්‍රම් අහක්කම්
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්