වවිනායාව මාමඩුව කන්ද රජයේකැලෑ ඉඩමි අක්කර 98 මෙි වනවිට ගිණි තබා විනාශකර ඇත.
ප්‍රදේශයේ ගල් කොරි කිහිපයක් ආරම්භ කිරීමටත්, බඩ ඉරිගු ඇතුලු වානිජ බොග වගාකිරීමට මෙම අක්කකර ගණනාවක කැලෑ ප්‍රදේශය ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසීන් සැක පල කරති.
ඉතාමත් රමණිය කන්දක් සේ තිබු මෙම රජයේ කැලෑ ඉඩම හා පුරා විද්‍යා ස්ථානය වවිනියාවෙි සිට මඩු කන්ද බලා යන මාර්ගයේදි ඉතා හොදින් දැකගැනීමට හැකිය.
ගල්කොරි මුදලාලිලාට වන විනාශයට අවසර...
යුද්ධය පැවති සමයේ පවා ඉතා හොදින් ආරක්ෂා වී තිබු මාමාඩුව කන්ද ප්‍රදේශයේ වනාන්තර, යුද්ධය අවසන් වී වසර ගණනක් යන්නට මත්තෙන් වනාන්තර ඉවත් කර ගල් කොරි පවත්වා ගෙන යාමට අවසර ලබා දි තිබිණි .
එයින්ද නොනවති අද වන විට මෙම වනාන්තර ප්‍රදේශය කිසියම් පිරිසක් විසින් ගිණි තබා විනාශ කර තිබේ. ඒ බඩ ඉරිඟු ඇතුළු වාණිජ බෝග වගාවක් වෙනුවෙන් බව ප්‍රදේශවාසීන් සැක මතුකරයි.
කෙසේ වෙතත් එම විනාශයට සම්බන්ධ කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට කිසිිදු ආයතනයක් හෝ බලධාරියෙක් මෙි වනතෙක් කටයුතු කර නොමැත.
ඵෙතිහාසික වටිනාකම් සහිත බිමක්...
මෙලෙස විනාශ කර ඇති කැලෑ ප්‍රදේශය හයවන සියවසයේ ඉදිකල මාමඩුව පුරාණ වැවේ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයයි. එළාර රජ සමයේ, දුටුගැමුණු රජසමය, අග්බෝ රජසමය ආදි පුරාණ රජ්‍ය යුගයන්ට අයත් නටබුන් බහුතරයක් මාමඩුව කන්ද ආශ්‍රිතව හා මාමඩුව වැව ආශ්‍රිත ප්‍රදේශයේ හමුවන අතර එම නිසාම මෙම ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වටිනාකමින්ද යුක්ත ආරක්ෂා කලයුතු ප්‍රදේශයකි.
මහකච්චක්කුඩිය, ඇටබගස් වැව, අග්බොපුර, විමගල්ල ආදී ගම්මාන ඇතුලු ප්‍රදේශයේ ගම්මානවල ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය ලෙස ක්‍රියාත්මක වන්නේ මාමඩුව කන්ද මහ කැලෑ ප්‍රදේශයයි.
මිනිස් ජීවිත හා බැඳුණු වැවක්...
ඉතාමත් අඩු වර්ෂාපතනයක් හිමි වව්නියාව දිස්ත්‍රික්කයේ මෙම ගම්මානවල වැසියන් සිය ගොවිතැන් බත් පෝෂණය කරගනු ලබන්නේ වැස්සෙන් හා මාමඩුව කන්දේ ජල ගබඩාවෙන් ලබා දෙන ජලයෙනි.
එමෙන්ම ඉහත පෙන්වා දුන් ප්‍රදේශවල ජනතාව තවමත් තම ගොවිතැන් සඳහා උපකාර කරන ගවයින්ගේ ආහාර අවශ්‍යතාව ඉටුකිරිම සදහාත් අත් වෙදකමට අවශ්‍ය බෙහෙත් ඹෟෂධ ලබා ගැනිම සදහාත් මෙ වනාන්තර ප්‍රදේශය යුද්ධය ආරම්භ වීමට ප්‍රථමවත් , යුද්ධයෙන් පසුවත් භාවිතා කරන ලදි.
හුදකලා කන්දක් ලෙස පවතින මාමඩුව කන්ද ප්‍රදේශය, ගල් කොරි ගණනාවකට ලබාදීමට මීට පෙර ගන්නා ලද උත්සහයන් මාමඩුව ප්‍රදේශයේ හා අවට ගම්මානවල ජනතාවගේ විරෝධතාවන් හා මැදිහත්වීම් හමුවේ නවතා ගන්නා ලදි. මින් මසයකට පමණ පෙර මාමඩුව කැලයට කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කිරීමට උත්සහ දැරුවද එයද ජනතා මැදිහත්වීමෙන් නිවා දැමු අතර පසුගිය දිනක රාත්‍රි කාලයේදී මේ වනාන්තරයට ගිණිතබා විනාශ කර ඇති අයුරු දක්නට ලැබේ.
මෙම ගින්න නිසා මාමඩුව කන්ද ප්‍රදේශයේ අක්කර 98 ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇත.
තැනින් තැන පලු, වීර, කොන් , කැට කෑල වැනි විශාල ගස් සහිත භුමයක් ලෙසත් පතන් භූමියක් ලෙසත් මෙම ප්‍රදේශ පුරා ශාක පද්ධතිය විසිරි ඇති අතර අලි ඇතුන් ගමන් කරන අලි මංකඩක් ලෙසද මෙය හැදින්විය හැකිය.
වියලි කලාපිය පාරිසරික පද්ධතියට හුරුකම් කියන මෙම ප්‍රදේශය තුළ සංචාරක හා දේශිය පක්ෂි විශේෂ 94 පමණ දැනට හමු වී ඇති අතර ක්ෂීරපායි විවිධත්වය අතින්ද මාමඩුවකන්ද සහ මඩුකන්ද ප්‍රදේශය ඉතාමත් ඉහල අගයක් ගනි.
මෙම ප්‍රදේශය පුරා විහිදි ඇති රතු සහ කහ වර්ණ මිශ්‍ර ලැටරොයිට් පස නිසා ජලයේ අමිලිකතාවය වැඩි වුවත් ශාක පද්ධතිය හා එහි මූල පද්ධතියේ පෙරණ ක්‍රියාවලිය නිසා ජලය ඉතාමත් පිරිපහදු වී ඇත.
ප්‍රදේශයේ වණිජ බොග වගාවන් ව්‍යාප්ත කිරීම සදහා මෙවන් ඉතාමත් අත්‍යවශ්‍ය හා වටිනා පරිසර පද්ධතියක් අදවනවිට විනාශ කරමින් ඇති අතර මෙම ලිපිය ලියන මොහොත වන විටත් වනාන්තර තුළ තැනින් තැන දුමි නගිමින් ඇත.
බලධාරීන් තවමත් නිහඬයි...
ආරක්ෂක හමුදා කදවුරු හා පොලිසිය මෙම ප්‍රදේශයට ඉතාමත් ආසන්නව පිහිටා තිබුණත් මෙම ගිණි තැබීමට අදාළ කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කිසිදු කටයුත්තක් සිදුකර නොමැති අතර ප්‍රදේශවාසීන් එකතු වී ගින්න තමාට හැකි අයුරින් පලනය කර නිවා දමා ඇත.
මෙලෙස ආරක්ෂා වියයුතු රජයේ අවශේෂ වනාන්තර වාණිජ බොග වගාවන් සදහා හෝ වෙනත් හේතුවක් සදහා හෝ ලබා ගන්නේ නම් එය කලයුතු ආකාරය මෙය නොවන බව වග නිව යුතු පාර්ශවයන්ට අප අවධානය යොමු කරමින් කියා සිටිමි.
යුද්ධයෙන් ආරක්ෂා වී තිබු උතුරු මැද හා උතුරු පාළාත්වල විශාල වනාන්තර ප්‍රමාණයක් අද වන විට මෙලෙම විනාශ කරමින් ඇති අතර ඒවා සඳහා රජයේ සම්බන්ධයක් නොමැති නම් රාත්‍රි කාලයට පැමිණ කැලැ කපා ගිණි තබා විනාශ කරන්නන් අල්ලා ගත යුතුය.
එසේ නොමැති නම් රජය ජනතාවට හොරෙන් මෙවැනි සාහසික විනාශයන් කරන්නේ නම් ජනතාව හැකි ඉක්මණින් තීරණයන් ගත යුතුයි.
- රවින්ද්‍ර කාරියවසම්
Nature School සොබාදහම් පාසල