රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සදහා ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති චෝදනා

සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පැන නගින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

“අවතැන් වු  ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරිම වෙනුවෙන් සර්ව ජන ඡන්ද අයිතිය සහ තම පවුලේ පෞද්ගලික කටයුත්තක් වන පියාගේ සොහොන සෑදීම අතර පැහැදිලි වෙනසක් ඇත”  මන්ත්‍රීවරයා කියා සිටියි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර තිබේ. එහි මෙසේ සඳහන් වේ.

 

සෞභාග්‍යයේ සමාජ සාධාරණය ???

රිෂාඩ් බදියුද්දීන්ට තිබෙන චෝදනා ම තමයි එදා හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව පැවතියේත්.

සිය පියාගේ සොහොන අලංකරණය කිරීම සඳහා රාජ්‍ය මුදල් මිලියන 93ක් වැය කිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් අපේක්ෂිත ඇප ලබාගැනීමේ නීතිමය ක්‍රියා මාර්ගයකට යොමු විය.

ඒ අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නැතැයි නිර්දේශ කළ නීතිපති වර්ථමානයේදී එක හා සමාන නඩුවක දී වෙනත් අයුරින් කටයුතු කරමින් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට නිදේශ කරයි.

ඔහු ඡන්දදායකයන් ප්‍රවාහන කිරීම සඳහා වැය කළ රුපියල් මිලියන 9ක මුදල දින හයකට පසු ආපසු ගෙවා ඇති බව සදහන් වේ.

එහෙත් හිටපු ආරක්ෂක ලේකම් එම රුපියල් මිලියන 90ක පමණ මුදල ආපසු ගෙව්වේ වසර ගණනකට පසුව නඩු පැවරීමෙන් පසුවයි.

එකම ආකාරයේ චෝදනා දෙකකට, චෝදනාකරුවන් දෙදෙනෙකුට දෙයාකාරයට නීතිය ක්‍රියාත්මක කළ හැකිද?

“තමාට පාලනයක් නොමැති උපතින් ලැබෙන ලේබලයෙන් හම්වඩු ගසන ජාති, ආගම්, කුල අපි නැවත වැඩවසම් සමාජ ක්‍රමයක් වෙත සෞභාග්‍යයයේ මාවතින් රට තල්ලු කරයි”

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්