The Leader News
BREAKING
Top Ad
පුවත්

ඥානසාර හිමි නිදහස් ඉල්ලීම කොළඹට: බන්ධනාගාර රෙගුලාසිත් සංශෝධනය වෙයි

Nethmini

Nethmini

October 15, 2026 • 9:36 AM

ඥානසාර හිමි නිදහස් ඉල්ලීම කොළඹට: බන්ධනාගාර රෙගුලාසිත් සංශෝධනය වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ බලා පැමිණෙන අවසන් අදියර බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස රජයට බලකරමින් සංවිධානය කෙරුණු "සිවුරට යුක්තිය - නිදහසේ පාද යාත්‍රාව" අද (15) සිය අවසන් ගමනාන්තය සනිටුහන් කරමින් කොළඹට ලඟා වීමට නියමිතයි.
  • පසුගිය ඔක්තෝබර් 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයෙන් ඇරඹි මෙම පා ගමන, දින කිහිපයක් පුරා ප්‍රධාන නගර රැසක් පසුකරමින් ඊයේ (14) සන්ධ්‍යාවේ කඩවත නගරයට ළඟා විය.
  • අද උදෑසන කඩවතින් ආරම්භ වූ අවසන් අදියර හරහා කොළඹට පැමිණ, සිය ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු දැක්වීමට සූදානම් බව පාගමන මෙහෙයවන මහා සංඝරත්නය ප්‍රකාශ කරති.
  • පාද යාත්‍රාව පිළිබඳව අදහස් දක්වමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, සාමකාමී අරමුණින් යුතුව පැමිණෙන සංඝරත්නයට ජනාධිපතිවරයා හෝ වගකිවයුතු පාර්ශ්ව හමුවී මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ බලා පැමිණෙන අවසන් අදියර  

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස රජයට බලකරමින් සංවිධානය කෙරුණු "සිවුරට යුක්තිය - නිදහසේ පාද යාත්‍රාව" අද (15) සිය අවසන් ගමනාන්තය සනිටුහන් කරමින් කොළඹට ලඟා වීමට නියමිතයි.  

පසුගිය ඔක්තෝබර් 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයෙන් ඇරඹි මෙම පා ගමන, දින කිහිපයක් පුරා ප්‍රධාන නගර රැසක් පසුකරමින් ඊයේ (14) සන්ධ්‍යාවේ කඩවත නගරයට ළඟා විය. අද උදෑසන කඩවතින් ආරම්භ වූ අවසන් අදියර හරහා කොළඹට පැමිණ, සිය ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු දැක්වීමට සූදානම් බව පාගමන මෙහෙයවන මහා සංඝරත්නය ප්‍රකාශ කරති.  

පාද යාත්‍රාව පිළිබඳව අදහස් දක්වමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, සාමකාමී අරමුණින් යුතුව පැමිණෙන සංඝරත්නයට ජනාධිපතිවරයා හෝ වගකිවයුතු පාර්ශ්ව හමුවී මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.  

බන්ධනාගාර නිත්‍ය නියෝගවලට අතුරු සංශෝධන  

මේ අතර, පසුගියදා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමේදී පැනනැඟුණු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමේ කටයුතු කඩිනම් කර තිබේ.  

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පත් කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.  

එම වාර්තාවේ නිර්දේශ අනුව:  

* බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය: යම් බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරගත කිරීමේදී, උන්වහන්සේගේ සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට බන්ධනාගාර බලධාරීන්ට දින 10ක කාලයක් ලබාදීම.  

* නිත්‍ය නියෝග 550 සංශෝධනය: සිරගතව සිටින භික්ෂුවක් යම් කරුණක් සඳහා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාමේදී, අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් විරෝධතාවක් නොදක්වන තාක් දුරට සිවුර පැළඳ සිටීමට පූර්ණ අවසරය හිමිවීම.  

අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන අතුරු වාර්තාව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර ඇති අතර, දැනට පවතින රෙගුලාසි ඒ අනුව කඩිනමින් සංශෝධනය කිරීමට උපදෙස් දී ඇති බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් තහවුරු කරයි.  

නීතිමය ක්‍රමවේදය සහ ඉදිරි දැක්ම  

නීති ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙන්නේ, අධිකරණ නියෝගයක් මඟින් සිරදඬුවම් නියම වූ පුද්ගලයෙකුට නිදහස හිමිවිය හැක්කේ අධිකරණ අභියාචනා ක්‍රියාවලියක් මඟින් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති විශේෂ සමාව ප්‍රදානය කිරීමේ නීතිමය ප්‍රතිපාදන ඔස්සේ පමණක් බවයි.  

පවතින පරිපාලනමය ගැටලු විසඳීම සඳහා බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කිරීමට රජය පියවර ගනිමින් සිටින පසුබිමක, කොළඹට ළඟාවන පාද යාත්‍රාව සහ ඒ හා බැඳුණු සාකච්ඡා ඉදිරියේදී සිදුවන ආකාරය කෙරෙහි සමාජ අවධානය යොමුව තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Venerable Galagoda Aththe Gnanasara Thero#Foot March#Buddhist monks
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...