The Leader News
BREAKING
එක්නැළිගොඩ නඩුව තීරණාත්මක අදියරක: විත්තිකරුවන් නවදෙනාම සිය ස්ථාවරය කියයි●රාමඤ්ඤ නිකායෙන් එලවා දැමූ හිමියන්ගෙන් සංඝ නායකත්වයට අභියෝගයක්●නොවැම්බර් 14-16 තද වැසි: නව පීඩන අවපාතයේ බලපෑම කෙබඳුද?●සාක්ෂි අවසන් අදියරේ තිබියදී යෝෂිතගේ නඩුව 26ට කල් යයි●නාමල්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම හෙට මහාධිකරණයේදී විභාගයට●ලැක්ටෝස්වත්ත නඩුව: සාජිත් මවුලවි තනිවම සාක්ෂි විමසයි●පොලිස් උසස්වීම් 618ක් නීත්‍යානුකූලයි: සැරයන්වරුන් 101ගේ පෙත්සම නිෂ්ප්‍රභයි●රුවන්වැලි සෑය අබියස නොසන්සුන්තාවයේ පසුබිම සහ පොලිස් විමර්ශන●ගෝලීය තරුණ විරෝධතා රැල්ලට ඕස්ට්‍රේලියානු සිසුනුත් එක්වෙයි●ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීමට ස්වීඩනය ව්‍යවස්ථාව වෙනස් කරයි●
Top Ad
පුවත්

රාමඤ්ඤ නිකායෙන් එලවා දැමූ හිමියන්ගෙන් සංඝ නායකත්වයට අභියෝගයක්

ව්‍යවහාරික බුදු දහමේ සම්මත ඉගැන්වීම් කිහිපයක් අභියෝගයට ලක් කරමින් අදහස් දැක් වු බෞද්ධ භික්ෂුවක් එම හිමියන් නියෝජනය කළ නිකායෙන් නෙරපා හැරීමට ඉහළම සංඝාධිකරණයක් තීරණය කර තිබේ.

Pasan

Pasan

November 12, 2026 • 10:26 PM

රාමඤ්ඤ නිකායෙන් එලවා දැමූ හිමියන්ගෙන් සංඝ නායකත්වයට අභියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පර්යේෂණ මත පදනම් වී තම මතවාද පලකළ බව පවසන එහිමියන් චෝදනා කරන පරිදි ශ්‍රී ලංකාවේ සංඝ සාසනය විසින් රකිනු ලබන්නේ ළමා අපයෝජකයන් ඇතුළු ප්‍රචණ්ඩ හා ජාතිවාදී භික්ෂුන් ය.
  • නිකායෙන් නෙරපා ලද බෞද්ධ භික්ෂුවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු යෝජනා කර ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වන ලෙසයි.
  • ඒ අනුව එම වගන්ති ප්‍රකාරව කැකිරාවේ සුදස්සන හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපා හැරීමට සංඝාධිකරණය කටයුතු කර ඇත්තේ බෞද්ධයන්ගේ ශ්‍රද්ධාවත්, ආගමික භක්තිය හා නිකායේ ගරුත්වයත් පිරිහෙන සේ කුල දුෂණයහි පාප සමාචාරයෙහි යෙදීමේ චෝදනාවට වරදකරු කරමිනි.
  • "2025 වසරේ ද පරකන්දෙනිය වීරසිංහ පිරිවෙනෙහිදි නා හිමිවරුන් 5 නමකගෙන් සැදුම් ලත් කමිටුවක් ඉදිරියට කැකිරාවේ සුදස්සන හිමියන් සහ උන්වහන්සේගේ ගුරුවරයද කැදවන්නට යෙදුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

පර්යේෂණ මත පදනම් වී තම මතවාද පලකළ බව පවසන එහිමියන් චෝදනා කරන පරිදි ශ්‍රී ලංකාවේ සංඝ සාසනය විසින් රකිනු ලබන්නේ ළමා අපයෝජකයන් ඇතුළු ප්‍රචණ්ඩ හා ජාතිවාදී භික්ෂුන් ය.

නිකායෙන් නෙරපා ලද බෞද්ධ භික්ෂුවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු යෝජනා කර ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වන ලෙසයි.

උත්තරීතර උපරිමානුවිජ්ජක මණ්ඩලයේ තීන්දුව සහ නෙරපීමේ පදනම

සමාජ මාධ්‍ය තුල තම මතවාද ප්‍රචාරයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින කැකිරාවේ සුදස්සන හිමියන් මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපා හැරීමටත්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් භික්ෂුවක් ලෙස නීත්‍යානුකුලව ලියාපදිංචි කොට ඇති සාමණේර / උපසම්පදා භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීමටත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාට දැනුම් දීමටත් කටයුතු කර ඇත්තේ  උත්තරීතර උපරිමානුවිජ්ජක මණ්ඩලය ලෙසින් හැඳින්වෙන සංඝාධිකරණයක් විසිනි.

එම සංඝාධිකරණය වෙනුවෙන් 2026 ඔක්තෝබර් 15 වැනිදා එම ලිපියට අත්සන් තබා ඇත්තේ ආචාර්ය වලේබොඩ ගුණසිරි අනුනාහිමි (සභාපති) , මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද (සාමාජික) , සබරගමු පළාත් නාහිමි, අත්තංගනේ සාසනරතන මහා ලේඛකාධිකාරි නාහිමි (සාමාජික) , මක්කානිගොඩ අස්සජි පටිපත්ති සංවර්ධන ලේඛකාධිකාරි නාහිමි (සාමාජික), අක්මීමන ධම්මපාල අධිකරණ ලේඛකාධිකාරි නාහිමි (ලේකම්)  සහ සහාය ලේකම් තල්දෙන අරියවිමල කාරක සංඝ සභික මහස්ථවීර හිමියන්ය.

"බෞද්ධයන්ගේ ශ්‍රද්ධාවත්, ආගමික භක්තිය හා නිකායේ ගරුත්වයත් පිරිහෙන සේ කුල දුෂණයහි පාප සමාචාරයෙහි යෙදීමේ වරදට සගරමෙන් නෙරනා දඩුවම කාලිකව හෝ ස්ථිරව හෝ නියම කිරීමට අධිකරණයට බලය තිබේ (කතිකාවත 106 පිටුව)" සහ "නිකායෙන් නෙරපීම සම්භෝග තහනම හා විනයෙහි ඒ ඒ වැරදි වලට නියමිත තර්ජනීය කම්ම ආදී දඩුවම් ද නියම කිරීමේ බලය උපරිමාධිකරණය සතුය (කතිකාවත 106 පිටුව)," යි එම ලිපියෙහි සදහන්ය.

ඒ අනුව එම  වගන්ති ප්‍රකාරව කැකිරාවේ සුදස්සන හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපා හැරීමට සංඝාධිකරණය කටයුතු කර ඇත්තේ බෞද්ධයන්ගේ ශ්‍රද්ධාවත්, ආගමික භක්තිය හා නිකායේ ගරුත්වයත් පිරිහෙන සේ කුල දුෂණයහි පාප සමාචාරයෙහි යෙදීමේ චෝදනාවට වරදකරු කරමිනි.

ප්‍රශ්නගත මතවාද සහ 2025 වසරේ පෙර පොරොන්දුව

බුදු දහමේ සහ බෞද්ධ සාහිත්‍යයේ ද සදහන්ව ඇති සර්වඥතා ඥානය, කර්මය, පුනර්භවය, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අපාය, දිව්‍ය ලෝක, පංච ශිලය,  අහසින් ගමන් කිරීම වැනි ඉගැන්වීම් හා ආගමික කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් කැකිරාවේ සුදස්සන හිමියන්  පසුගිය සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර තිබුනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් 2026 සැප්තැම්බර් 19 වැනි දින මිනුවන්ගොඩ භික්ෂු පුහුණු මධ්‍යස්තානයකදී කැකිරාවේ සුදස්සන හිමියන් වෙනුවෙන් පැවැත්වු විශේෂ සංඝාධිකරණය සම්බන්ධයෙන් කැලනියේ සිද්ධාර්ථ හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී හිමියන් වෙත එවන ලද ලිපි වලට අනුව නිල ආඥාවන් ලැබු වටගොඩ මග්ගවිහාරි හිමි, කොත්මලේ කුමාර කස්සප හිමි සහ කැලණියේ සිද්ධාර්ථ යන හිමි ද පැමිණිලි පාර්ශවය ලෙස අධිකරණයට සම්බන්ධ වු බවයි.

2025 වසරේදිද නා හිමිවරුන් පස් කට්ටුවකින් සැදුම් ලත් කමිටුවක් ඉදිරියට කැකිරාවේ සුදස්සන හිමියන් කැදවා ථෙරවාදී විරෝධි මතවාද හා බෞද්ධ සාහිත්‍යයට මෙන්ම දෛනික ආගමික වත් පිළිවෙත් වලට පටහැනි මතවාද සමාජගත නොකරන බවට ලිඛිතව ලේඛනයක ද අත්සන් තබන ලද බව කැලනියේ සිද්ධාර්ථ හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කර තිබේ.

"2025 වසරේ ද පරකන්දෙනිය වීරසිංහ පිරිවෙනෙහිදි නා හිමිවරුන් 5 නමකගෙන් සැදුම් ලත් කමිටුවක් ඉදිරියට කැකිරාවේ සුදස්සන හිමියන් සහ උන්වහන්සේගේ ගුරුවරයද කැදවන්නට යෙදුනි. එහිදි ඉතා සුහදව සාකච්ඡා කොට, ථෙරවාදී විරෝධි මතවාද හා බෞද්ධ සාහිත්‍යට මෙන්ම දෛනික ආගමික වත් පිළිවෙත් වලට පටහැනි මතවාද සමාජගත නොකරන බවටද ලිඛිතව ලේඛනයක අත්සන් තබන ලදි."

සුදස්සන හිමියන්ගේ ප්‍රතිචාරය සහ සමාජ මාධ්‍ය කතිකාව

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් තමන්  නෙරපා හැරීමෙන් පසු කැකිරාවේ සුදස්සන හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ සදහන් කර ඇත්තේ තමන් විසින් බුදුදහම පිළිබදව සියලු ඉදිරිපත් කිරීම් සිදු කළේ පර්‍යේෂණාත්මකව හා මූලාශ්‍රයන් සහිතව බවයි.

"මම බුදුදහම පිළිබදව සියලු ඉදිරිපත් කිරීම් කරේ පර්‍යේෂණාත්මකව,මූලාශ්‍රයන් සහිතව. සිල්ලර කරුණු මුල් කරගෙන මාව නිකායෙන් අයින් කරා. ලංකාවෙ බුද්ධ ශාසනයේ ඉඩ තියෙන්නෙ ප්‍රචණ්ඩ භික්ෂුවට, ජාතිවාදි භික්ෂුවට, විනය විරෝධී වැඩකරන භික්ෂුවට, ළමා අපයෝජකයන්ට. පර්‍යේෂණාත්මක ශාස්ත්‍රීය අධ්‍යනයන් කරන භික්ෂුව නෙරපනව. අද මට දුන් නිකාය තීන්දුවෙන් ලංකාවෙ බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්ත කියල හැමෝම හිතනවනම් ඒ සියල්ලන්ටම මෛත්‍රී වේවා"

කැකිරාවේ  සුදස්සන හිමි රාමඤ්ඤ නිකායෙන් නෙරපා හැරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේද මේ වන විට  අදහස් පළ වෙමින් තිබෙන අතර ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් කැකිරාවේ  සුදස්සන හිමියන්ට යෝජනා කර ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වන ලෙසයි.

"කැකිරාවේ සුදස්සන සාදුව සාසනයෙන් අයින්කරල. කිසිම පදනමක් නැති චෝදනා තියෙන්නෙ. සුදස්සන සාදු බිය නොවන්න! අපි උසාවි යමු! "

කැකිරාවේ  සුදස්සන හිමියන්  රාමඤ්ඤ  නිකායෙන් නෙරපා හැරීමට හේතු වු කරුණු 10 ක් පිළිබදව  සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අනුහස් සන්දරූ මුහුණු පොතේ සටහන් තබමින් සුදස්සන හිමි රාමඤ්ඤ නිකායෙන් නෙරපා හැරීම පිළිබඳව සිය බලවත් විරෝධය ප්‍රකාශයට පත් කරමින් අවධාරණය කර ඇත්තේ කොන්දේසි විරහිතව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින බවයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...