leader s

වන අලි රෑනක් ගම් වැදීම හේතුවෙන් කල්මුනේ ප්‍රදේශවාසීන් භිතියට පත්ව තිබේ.
 
 
අම්පාර් සිට චෙනෙයි කුඩිඉරිප්පු, කිත්තාංගි, නට්පිට්ටිමුන හරහා කල්මුනේ නගරයට ඇතුල් වන 15 දෙනෙකුගෙන් පමණ සමන්විත වන අලි රංචුවක් නගරය සමීපයේ පවතින අස්වැන්න නෙළු කුඹුරු වල සැරිසරන බවයි පළාත්බද වාර්තාකරුවන් පවසන්නේ.
 
 ඔක්තෝබර් 28 බදාදා දිනයේත් දැකගන්නට ලැබුණු එම අලි සමූහය ඔවුන් විසින් වීඩියෝ ගතකර ඇත.
 
 ගම්වැසියන් චෝදනා කරන්නේ වන අලි ගම්වැදීම පාලනය කිරීම සදහා විදුලි වැඩක් ඉදි කරන බවට කල්මුනේ මහනගර සභාව ජනතාවට පොරොන්දු දී ඇතත් මේ දක්වා එය ඉටුකිරීමට අසමත්ව ඇති බවයි.
 
 
 
ජනපති උපදෙස:
 
වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් මාසයේදී  නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුනි.
 
 එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුනේ මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යක් බවයි.
 
මිනිස් ක්‍රියාකාරකම් නිසා වාසභූමි අහිමිවූ අලි ගම් වැදීමෙන් වැඩිම හානිය සිදුවී ඇත්තේ අලින්ටය.
 
ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන පරිදි 2019 වසරේ දී වන අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමි වී ඇති අතර  වන අලි 407 දෙනෙකු මිය ගොස් තිබේ. 
 
 මේ වසරේ ගත වූ පළමු  මාස 08 තුළ අහිමි වූ මිනිස් ජීවිත ගණන 62 කි.
 
 මිය ගිය අලි සංඛ්‍යාව 200කි.
 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්