leader s

මැදපෙරදිග කළාපයෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියන එකොලහක විදේශ විනිමය අහිමිවීමේ
අවධානමක් ඇතැයි බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් 'අයිතිය' (aithiya.lk) වෙත අදහස් දක්වමින් පවසා ඇත. 
 
දළදේශීය නිශ්පාදිතයෙන් 8% ක දායකත්වයක් හා වෙළඳ ශේෂයෙන් 84% ක ප්‍රමාණයක් නියෝජනය වන්නේ මැදපෙරදිග කළාපයේ සෙවය කරනු ලබන ශ්‍රමිකයන් විසිනි.
 
කිසිදු රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක ආයෝජනයකින් තොරව බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය විසින් වාර්ෂිකව ඩොලර් බිලියන 7 වැටුප් ප්‍රමාණයක් හා සෙවකයින් පිටත්කර හැරම් වෙනුවෙන් ඩොලර් බිලියන 3 ක් වශයෙන් ඩොලර් බිලියන 10 විදේශ විනිමය ප්‍රමාණයක් මෙරට ආර්ථිකයට ලබා දෙයි.
 
මේ වන විට ශ්‍රී ලාංකිකයන් මිලියනයක පමණ පිරිසක් විදේශ රැකියාවල නිරත වන නමුත් කොවිඩ් වසංගතය සමගම මැදපෙරදිග කළාපයේ සේවයේ නියතු ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වාගැනීම හා නිරෝධානය කිරීම සම්බන්ධයෙන් වූ ගැටළුවට රජයට මුහුණ දීමට සිදුව ඇත.
 
බලපත්‍රලාභී නියෝජිත ආයතන සම්බන්ධීකරණයෙන් විදෙස්ගත වී සිටින 90% ක් පමණ ශ්‍රමිකයින් සම්බන්ධයෙන් මැදිහත්වී කොරෝනා වසංගත සමයේදී  ගිවිසුම් කාලය අවසන් වූ ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අදාල සේවායෝජකයන් සමඟ සාකච්ඡාකර ගිවිසුම් අළුත්කර රැකියා සුරක්‍ෂිත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින්, ශ්‍රමික පවුල් හී සාමාජිකයන් සමඟ සාකච්ඡාකර තත්ත්වය පැහැදිලි කිරීම හේතුවෙන් විදේශ රැකියාවන් හී නිරත වූ පිරිස් අතරින් නැවත මෙරටට පැමිණීමට ඉල්ලීම් කරන ලද පිරිස ක්‍රමක් ක්‍රමයෙන් අඩු කිරීමට පියවරයන් ගත් බවද  අර්ෂාඩ් පවසයි.
 
තවද, කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ගෘහ සේවිකාවන් අවධානමකට ලක් වීම අවම බවත්, ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ආරක්‍ෂා කරමින් මේ වන විට ශ්‍රී ලාංකික කාන්තාවන්ට  මැදපෙරදිග කළාපයේ ඉල්ලුම වැඩි වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
 
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ගෘහ සේවිකාවන් අවධානමකට ලක් වීම අවම බවත්, ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ආරක්‍ෂා කරමින් මේ වන විට ශ්‍රී ලාංකික කාන්තාවන්ට  මැදපෙරදිග කළාපයේ ඉල්ලුම වැඩි වී ඇති බවත් බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් පවසයි.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගෘහ සේවකයින් හෝ නුපුහුණු ශ්‍රමිකයින් වශයෙන් නොමැතිව පුහුණු ශ්‍රමිකයින් වශයෙන් වඩා ක්‍රමවත් ශ්‍රමික සැපයුමක් ඇති කිරීම සම්බන්ධයෙන් බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය විසින් පැවති සෑම රජයක් වෙතම යෝජනාවන් ඉදිරිපත් කර ඇතැත් මෙතෙක් කිසිදු රජයක් සාධනීය පියවරයන් ගෙන නොමැත.
 
යම් ශ්‍රමිකයකුට සේවාස්ථානයේදී ඇතිවන ගැටළු සම්බන්ධයෙන් මැදිහත්වීමේ දී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරීන්ගේ සහයෝගය ඇතුව ක්‍රියාත්මක වූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට තානාපති කාර්යාල කීපයක නිළධාරීන් මෙරටට කැඳවීම හේතුවෙන් එම රටවල සිටින ශ්‍රමිකයින් අපහසුතාවයන්ට පත්වී ඇත.
 
මෙම තානාපති නිළධාරීන්ගේ මැදිහත්වීම තුලින් නීතිමය තත්ත්වයක් යටතේ වින්දිත ශ්‍රමිකයින්ට සාධාරණයක් ලබාදීමේ දී වැදගත් කාර්යභාරයක් සිදු වන බවත්, දේශපාළන හිතවත්කම් මත තානාපති නිළධාරීන් පත් නොකර නිසි අත්දැකීම් සහිත පළපුරුදු රාජ්‍ය නිළධාරීන් විදෙස් සේවයේ යෙදවීම තුලින් මෙය වගකීමෙන් යුතු සාර්ථක ඵලදායී සේවාවක් වශයෙන් පවත්වාගෙන යාමට රජයට යෝජනා කරන බවටද අර්ෂාඩ් පවසයි.
 
 
ආසියානු කළාපයේ වැඩිම ගෘහසේවිකා ඉල්ලුම :
 
ආසියානු කළාපයේ වැඩිම ගෘහසේවිකා ඉල්ලුම ශ්‍රී ලංකාව වෙත පවතින බවත් වාර්ෂිකව ලක්ෂ දෙකක් පමණ ශ්‍රමිකයින් පිරිසක් පිටත් වූවත් 2020 වර්ෂය වෙනුවෙන් මේවන විට ලක්ෂ එකහමාරක පමණ ප්‍රමාණයක් පමණක් පිටත්වීම හා කොරෝනා වසංගතය සමනය වූ පසු නැවත මෙරටට පැමිණිමට එක්ලක්ෂ පනස්දහසක පමණ ශ්‍රමිකයින් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටීම හේතුවෙන් ඉදිරියේදී  මෙරටට අහිමිවන විදේශ විණිමය ඩොලර් බිලියන එකොලහක් පමණ වන බැවින්, ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීම තුලින් මෙය වලක්වා ගැනීමට හැකි බව ඔහු කියා සිටියි.
 
2022 කටාර් රාජ්‍යයේ පවත්වනු ලබන පාපන්දු ලෝක කුසලානය හේතුවෙන් එරට වැඩිවන ශ්‍රමික ඉල්ලුම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට පමණ රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාවක් පැවතීම හා මේ රැකියා ලබා ගැනීම බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය තුලින් පමණක් සිදුවන බැවින් රජය විසින් බලපත්‍රලාභී නියෝජිත ආයතන ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවරයන් කඩිනමින් ලබාගත යුතු බවද බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් විශේෂයෙන් සඳහන් කර සිටියි. 
 
(ඩිලාන් ධනුෂ්ක)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්