
ජනපතිවරණයේ තීරණාත්මක ප්‍රාන්තයක් වූ පෙන්සිල්වේනියාවේ ජයග්‍රහණය ජෝ බයිඩන්ට හිමිවීත් සමගම ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද විද්‍යාල ඡන්ද 270 පසු කර යාමට ඔහු සමත් වී සිටී.
එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට පත්වීමට ලැබීම "ගෞරවයක්" වන අතර එය ඉතා නිහතමානීව පිළිගන්නා බව ජෝ බයිඩන් පවසා ඇත.
"පෙර නොවූ විරූ ආකාරයේ බාධක හමුවේ, වාර්තාගත ඇමෙරිකානුවන් පිරිසක් සිය ඡන්දය භාවිත කළහ.
ඇමෙරිකාවේ හදවත අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ඵන්දනය වන බව එමගින් ඔවුහු යළිත් වරක් සනාථ කළහ," ඔහු පැවසීය. "කෝපය සහ පොතේගුරුවාදය පසෙක දමා ජාතියක් ලෙසින් එක්ව කටයුතු කිරීමට" කාලය එළඹ තිබෙන බව පැවසූ ඔහු, "තුවාල සුවකිරීමට සහ ඇමෙරිකාවට එකමුතු වීමට කාලයයි මේ," යනුවෙන් ද සඳහන් කළේය.
මේ ප්‍රතිඵලයත් සමඟම, ඩොනල්ඩ් ට්‍රම්ප් 90 ව දශකයෙන් අනතුරුව එක් වතාවක් පමණක් පදවිය හෙබැවූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්වේ.
(BBC සිංහල සේවය)






