leader s

''අපි හැමදාමත් බැදෙන, හැපෙන, කාගේ හරි බඩගින්න නිවන, කැල්සියම් ඌනතාවය විසඳලා දෙන හාල්මැස්සෝ බ්‍රෝ.''
 පානදුර මුහුදු වෙරළට ගසාගෙන ආ තල්මසුන් 100කට අධික සංඛ්‍යාවක් නැවත ගැඹුරු මුහුදට තල්ලු කර දැමීමට නාවික හමුදාව, පොලීසිය, පරිසර නිලධාරීන් සහ අවට පුරවැසියන් සමත් විය. 
 
මේවා හොඳ වැඩ.
 
සත්ත්ව-කරුණා කාරයෝ වෙරළට ආවේ නැත්තේ වයිරසය නිසා වෙන්න ඇති. 
 
නැත්තම් අයි-ලව්-එලිෆන්ට්ස් හමුදාවම එදා පානදුරේ. ෂුවර්.
 
 ඒක වෙනම දෙයක් බ්‍රෝ. 
 
වැදගත් දේ තමයි අපි තල්මසුන්ට ලව් කරන රටක් වීම. 
 
හාල්මැස්සෝ බදින, තල්මසුන් මුදාහරින රටක් වීම.
 
රට කරපු සහ රට කරන අය එහෙමයි. 
 
පුරවසියොත් එහෙමයි.
 
තල්මසුන් බලයට ගේන හාල්මැස්සෝ ඉන්න රටක් මේක.  
 
බලයට ගේන තල්මසුන් සිය සහෝදර තල්මසුන් බදාගනිද්දි අහක බලන හාල්මැස්සෝ ඉන්න රටක් මේක, 
 
බලයලත් තල්මසුන් බලය නොලත් තල්මසුන් එක්ක බෙදාගෙන කද්දී ‘හ්ම්ම් හ්ම්ම්’ කියන හාල්මැස්සෝ ඉන්න රටක් මේක. 
 
වැඩ අවුල් වෙලා බල-තල්මසුන් නිල-බල නොලත් තල්මසුන් මුදාහරිද්දී වෙනත් තල්මසුන් වර්ගයක් බලයට ගේන්න මහන්සිවෙන හාල්මැස්සෝ ඉන්න රටක් මේක.
 
තල්මසුන්ට අපි ලව් බ්‍රෝ.
 
 අපහසුතාවයට පත් තල්මසුන් මුදා හරිමු බ්‍රෝ.
 
අපි හැමදාමත් බැදෙන, හැපෙන, කාගේ හරි බඩගින්න නිවන, කැල්සියම් ඌනතාවය විසඳලා දෙන හාල්මැස්සෝ බ්‍රෝ. 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්