මේ රටේ පවත්නා වංචා -දුෂණ  තුරන් කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තුළ පවත්නා
අපේක්ෂාව ඉතාමත් වැදගත් කාරණයක් බවත්, එම කටයුත්ත සාර්ථක ලෙස ඉටු කිරීමට හැකියාව ලැබේවායි තම සංවිධානය  අවංකවම ප්‍රාර්ථනා කරන බවත්, 'සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ' සභාපති දේශබන්දු කරු ජයසූරිය පවසයි.
 
ජනාධිපතිවරයා ජාතිය අමතමින් ඊයේ (18) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, හිටපු කතානායක කරු ජයසුරිය එබව කියා සිටියේ, අද (19) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
 
එම මාධ්‍ය හමුවේදී හෙතෙම මෙසේද සඳහන් කළේය.
 
''අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්ති සංවත්සරයට අප ද සුභ පතනවා.
 
අතිගරු ජනාධිපතිතුමා ඊයේ සිදු  කරන ලද ජාතිය ඇමැතීමේ කතාවට අප සවන් දුන්නා.
 
එම කතාවේදී එතුමා ඉතාමත් ප්‍රසාදයෙන් යුතුව සදහන් කල එක් කාරනයක් පිලිබදව අපගේ අවදානය යොමු වුනා.
 
එහිදී එතුමා සදහන් කලේ එතුමාගේ පාලනය යටතේ නිදහස් හා සාදාරන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කල බවයි.
 
අප එය අගය කරනවා..
 
ඒ සමගම අප එහිදි මේ රටේ ජනතාවට සිහිපත් කල යුතු කාරනයක් තියෙනවා.
 
එක්තරා කාලයක සිට මේ රටේ මැතිවරණ ක්‍රමය කෙරෙහි ජනතාව සිටියේ ඉතාමත්ම අප්‍රසාදයකින් හා බරපතළ වේදනාවකිනුයි. 
 
වයඹ මැතිවරණය ඊට කදිම උදාහරණයක්.
 
වෙන එකක තබා 2015 ජනාධිපතිවරණය කෙරෙහි කරුනාකර අවදානය යොමු කරන්න. 
 
එහිදී මනුෂ්‍ය ඝාතන සිදු වුනා. 
 
විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ රැළිවලට පහර දුන්නා. 
 
මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටියා.
 
එම සංස්කෘතිය වෙනස් කලේ 19 වන සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සබාවක් ස්ථාපිත කිරීමෙන් පසුවයි.
 
අතිගරු මාදුලුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ සාදාරන සමාජයක් සදහා වන ජාතික වයාපාරයට නායකත්වය දෙමින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සදහා ගෙනගිය අරගලය මෙහිදී අප ගෞරවයෙන් සිහිපත් කරනවා. 
 
''මාදුලුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ සාදාරන සමාජයක් සදහා වන ජාතික වයාපාරයට නායකත්වය දෙමින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සදහා ගෙනගිය අරගලය මෙහිදී අප ගෞරවයෙන් සිහිපත් කරනවා. ''
 
එමෙන්ම එතුමා සිය කතාවේදී මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙනම ලබාගන්නා බව සදහන් කලා. 
 
අතිගරු මහා සංඝරත්නය නියෝජනය කරන උපදේශක කමිටුවක් සෑම මසකට වරක්ම රැස් වන බව සදහන් කලා. 
අප ඒ ගන අතිශයින්ම සතුටට පත්වනවා.
 
අපගේ ප්‍රසාදය පලකර සිටිනවා.
 
එහිදී අප සංවිධානයේ අදහස වන්නේ 20 වන සංශෝධනය සම්මත කරගැනීමේදීත් එම උපදේශක මන්ඩලයේද අදහස් ලබා ගනිමින් මේ රටේ මහා සංඝ රත්නය ඒ පිලිබදව පල කරන ලද අනුශාසනාවන්ට සවන් දුන්නේ නම් එතුමාට යහපත් අදහසකට එළඹීමට හැකියාව තිබුනු බවයි.
 
ජනතාවගේ ගෞරවය වඩ වඩාත් ලබාගනීමට හකියාව තිබුනු බවයි. 
 
අප මේ කරුනු සදහන් කරන්නේ ඉතාමත් සද්භාවයෙනුයි රට ගන යහපත් අපේක්ෂාවකිනුයි.  
 
'' 20 වන සංශෝධනය සම්මත කරගැනීමේදීත් එම පැවිදි උපදේශක මන්ඩලයේද අදහස් ලබා ගනිමින් මේ රටේ මහා සංඝ රත්නය ඒ පිලිබදව පල කරන ලද අනුශාසනාවන්ට සවන් දුන්නේ නම් එතුමාට යහපත් අදහසකට එළඹීමට හැකියාව තිබුනු බව අප සංවිධානයේ අදහසයි.''
 
 
ඉතාමත් වැදගත් අපේක්ෂාවක්...
 
ඒ වගේම  මේ රටේ පවත්නා දුෂණ හා වංචා තුරන් කිරීම  සදහා එතුමා තුළ පවත්නා අපේක්ෂාව පිලිබදව ද ඊයේ ජාතිය අමතමින් එතුමා අවධාරනය කලා. 
 
එය ඉතාමත් වැදගත් අපේක්ෂාවක්. 
 
එම කටයුත්ත සාර්ථක ලෙස ඉටු කිරීමට හැකියාව ලැබේවායි අප අවංකවම ප්‍රාර්ථනා කරනවා. 
 
 
මහා පරිමාණයේ ටෙන්ඩර් අක්‍රමිකතා !
 
අද අප පෙන්වා දෙන්නට යන කරුනු කාරනාද එහිදී ඉතාමත් වැදගත් වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.
 
මේ දිනවල දිනපතාම මාධ්‍යයේ පළවන මහා පරිමාණයේ ටෙන්ඩර් අක්‍රමිකතා ඇසෙන විට අපට දැඩි වේදනාවක් ඇති වෙනවා. 
 
ලංකාවේ ටෙන්ඩර් මගඩි මාෆියාව ඉතා බලවත්.
 
වර්තමානයේ දී ප්‍රසම්පාදන කොමිෂන් සභාව බල සහිත වූවානම්, දැන් අපට ඇසෙන බිලියන ට්‍රිලියන ගණන් වලට දිව යන මහ දවල් කොල්ලකෑම් ඇතිවන්නේ නැහැ.
 
''වර්තමානයේ දී ප්‍රසම්පාදන කොමිෂන් සභාව බල සහිත වූවානම්, දැන් අපට ඇසෙන බිලියන ට්‍රිලියන ගණන් වලට දිව යන මහ දවල් කොල්ලකෑම් ඇතිවන්නේ නැහැ.''
 
අපට මතක ආකාරයට 1980 දශකයේ සිට ඒ ඒ යුගයන්හි පැවති රජයන්ට මෙම මාෆියාව මර්ධනය කිරීමට උවමනා වුණා.
 
නමුත් මාෆියාවේ තිබුණ බලවත්කම නිසා එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ
.
අවංක මැති ඇමතිවරුන්, ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් එහිදී අසරණ වුණා.
 
මේ හේතුවෙන් 2015 නව රජයේ ප්‍රතිපත්ති සැකසීමේ දී රටේ ජනතාවගේ යහපත උදෙසා පූර්ණ බලැති කොමිෂන් සභාවක් ඇතිකිරීමේ වැදගත්කම රජය විසින් තේරුම් ගත්තා.
 
මෙම නව ප්‍රසම්පාදන කොමිසම සැකසීමේ දී ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රචලිත රටවල ඇති නවීන ක්‍රමවේද උපයෝගී කරගත්තා.
 
ඒ අනුව සකස් කළ ප්‍රසම්පාදන පනත උසස් ගණයේ යෝජනාවලියක් ලෙස සලකන්නට පුළුවන්.
 
 
අලි සබ්‍රිගේ කතාව ජනතාව නොමග යවන්නක් !
 
අද අප කණගාටුවට පත්වන්නේ කරුණු නොදැන අධිකරණ අමාත්‍යවරයා ප්‍රසම්පාදන කොමිසම අවුරුදු 5ක කාළයක් කළේ කුමක්ද කියා ප්‍රශ්ණ කරන එක.
 
2020.10.21 දින අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකළ කථාව උත්තරීතර පාර්ලිමේන්තුවත් මේ රටේ මහජනතාවත් නොමඟ යවන්නක්. 
 
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන කොමිසම ස්ථාපිත කිරීම සඳහා ගනු ලැබූ උත්සහය අප තේරුම් ගතයුතුයි.
 
මෙම කොමිසමේ කටයුතු ආරම්භ කළේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 2018.05.09 දිනැති, අංක 2070/15 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබීමෙනුයි.
 
2018 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ජනාධිපති කාර්යාලයේ සහ කැබිනට් මණ්ඩලයේ සමාලෝචන වලින් පසුව 2019 ඔක්තෝබර් 12 වන දින අංක 2144/60 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබුවා.
 
නමුත්, එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූයේ මැතිවරණ දෙකක් ආසන්නව පැවති නිසයි.
 
එහෙයින් එම පනතේ වලංගුභාවයට එය බලපෑවා.
 
මේ වෙනුවෙන් අප දැරූ උත්සාහය වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා දන්නවා.
 
එකී අවුරුදු 4 1/2 ආසන්න කාළය තුළ මෙම පනත විවිධ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය, හා අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිර වී තිබුණා.
 
සමහර දෙපාර්තමේන්තු තුළ දී අනිසි ලෙස ප්‍රමාද ඇතිවූයේත් ටෙන්ඩර් මාෆියාව ක්‍රියාත්මක වූ නිසයි.
 
ලෝකය පුරා තොරතුරු තාක්ෂණය, නිෂ්පාදනය, ඉදිකිරීම්, සේවා හා සැපයුම් විශාල ලෙස වර්ධනය වීමත්, ජාත්‍යන්තර වෙළඳාම් හා ආයෝජන පරිමාවන් පුළුල් වීමත්, සමඟ බොහෝ රටවල් තම ප්‍රසම්පාදන නීති හා පටිපාටි පසුගිය දශකය තුළ නවීකරණය කරගෙන තිබෙනවා.
 

tec

ලෝකය පුරා තොරතුරු තාක්ෂණය, නිෂ්පාදනය, ඉදිකිරීම්, සේවා හා සැපයුම් විශාල ලෙස වර්ධනය වීමත්, ජාත්‍යන්තර වෙළඳාම් හා ආයෝජන පරිමාවන් පුළුල් වීමත්, සමඟ බොහෝ රටවල් තම ප්‍රසම්පාදන නීති හා පටිපාටි පසුගිය දශකය තුළ නවීකරණය කරගෙන තිබෙනවා.
 
E-Procument, Green Procument වැනි නව සංකල්ප ප්‍රසම්පාදන ක්‍රියාවළියට හඳුන්වා දී එහි කාර්යක්ෂමතාවය හා ආර්ථික ඵලදායී බව වර්ධනය කිරීමට උපමාන හඳුන්වා දී තිබෙනවා. 
 
නමුත් අප රටේ සිදුවූ බොහෝ ප්‍රමාද කිරීම් හා නිසි සැලකිල්ලක් නොදැක්වීමේ හේතුවෙන් ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය දශක කිහිපයකින් ආපස්සට ගොස් තිබෙනවා.
 
කණගාටුවෙන් වුවත් අප එය සඳහන් කල යුතුයි. 
 
නමුත් එම තත්වය වහාම වෙනස් කරගනිමින් ප්‍රසම්පාදන කොමිසම මේ රට තුළ බලාත්මක කල යුතුබව අපගේ අදහසයි. 
 
ඒ සඳහා අප මේ හඬ නගන්නේ ඒ තුළින් මහා පරිමාණයේ ජාවාරම් නතර කල හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ දැඩි ලෙස විශ්වාස කරන නිසයි.
 
ඒ අනුව අප ගරු ජනාධිපතිතුමාගෙන් මෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින්නේ ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය බලාත්මක කිරීම සඳහා නොපමාව කටයුතු කරන ලෙසයි.
 
''අප ගරු ජනාධිපතිතුමාගෙන් මෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින්නේ ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය බලාත්මක කිරීම සඳහා නොපමාව කටයුතු කරන ලෙසයි.''
 
එය ඉතා හදිසි ජාතික යුතුකමක් වශයෙන් සළකන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. 
 
එමෙන්ම ගරු අගමැතිතුමාම ප්‍රකාශය නිවැරදි කළොත් එය එතුමාට ගෞරවයක්.
 
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට මානව හිමිකම් ක්‍රියාකාරී නීතීඥ නාමල් රාජපක්ෂ සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයසේකර යන මහත්වරුද සහභාගී වූහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්