leader s

 නීතිඥ රවි ජයවර්ධන ඊයේ දිනයේ (18) විපක්ෂනායක ලේකම් ධුරයේ වැඩ භාරගත්තේය. 
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙක් වන ඔහු එංගලන්තයේ ලැංකෂයර් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වෙයි. 
 
හෙතෙම කොළඹ ආනන්ද  විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
 
අවස්‍ථා කිහිපයකදී විවිධ ආයතනවල සභාපති ධූර දරා ඇති ඒ මහතා ජාතික රූපවාහිනී ආයතනයේ සභාපති ලෙස කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළේය.
 
ඉන් අනතුරුව රවි ජයවර්ධන වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති වශයෙන් ද කටයුතු කළ අතර බන්ධනාගාර  කොමසාරිස් තනතුරේහිද සේවය කර ඇත. 
 
සිවිල් සංවිධාන රැසක ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කර ඇති ඔහු ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය  වැනි ක්ශේත්‍ර පිළිබඳව සිය සක්‍රීය මැදිහත්වීමක් සිදුකල අයෙකි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්