මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන විමල් වීරවංශ සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බව සිහිපත් කළ ඇමැතිවරයා, වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ද බන්ධනාගාර රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි අවධාරණය කර සිටියේය.
කිසියම් පිරිසක් විසින් රැඳවියන් අතර යම් පෙති වර්ගයක් බෙදා දී ඇති බවත් රැඳවියන් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වී ඇත්තේ ඉන්පසු බවත් ඇමතිවරයා කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් විමල් විරවංශ අමාත්‍යවරයා තවදුරටත් මෙසේ කරුණු පැහැදිලි කළේය.
''මෙම හිරගෙදර ඇතිවුණු තත්වය මම පෞද්ගලිකව කරුණු සොයා බැලීමක් කළ නිසයි මම මේ නැඟී සිටියේ. මෙතන තියෙන්නෙ සැලසුම් සහගතව හිරගෙදර මිනීමරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා, ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තරව අපවාදයක් ඇතිකිරීම. ''
"මෙම හිරගෙදර ඇතිවුණු තත්වය මම පෞද්ගලිකව කරුණු සොයා බැලීමක් කළ නිසයි මම මේ නැඟී සිටියේ. මම කියන්න ඕනෙ මේක හිරගෙදර තදබදයක ප්‍රතිඵලයක් නෙවෙයි.
බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා මීට පෙර වැලිකඩ හිරගෙදර සමයං කියලා හිටපු පසුගිය කාලෙ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලයෙක් හිටියා චතුරංග කියලා.
ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම්කිසි පෙත්තක්, ඒකට කියනවා රිවස් කියලාත්. ඒ පෙත්ත ගෙනල්ලා දවස් දෙකකදි හිරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා.
''ඒ පෙත්ත ගැහුවාම කෙනෙකුගේ ලේ දකින්න ඕනා''
ඒ පෙත්ත ගැහුවාම ගරු කථානායකතුමනි, කෙනෙකුගේ ලේ දකින්න ඕනා. මේ ගොල්ලො මේ අත්හදා බැලීම කරලා මේ ගොල්ලො ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදාහැරලා මිනීමරණ තත්වයක් ඇති කරගන්න.
මේක ඇත්තටම මෙහෙයවූයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නමුත් මේ වෙනකොට ඒක කරගන්න බැරුව ඉන්න බලවත් හිරකාරයො කණ්ඩායමක් තමයි මේ චතුරංග කියන කෙනාව මෙහයවූයේ.
මේක බුද්ධි අංශ දැනගෙන මේ චතුරංග කියන හිරකාරයාව වෙනත් හිරගෙදරකට මාරු කළා. මේකට සම්බන්ධ ගෑවිච්ච කීපදෙනෙක්ව වෙනස් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්වය ඇති කරගන්න බැරිවුණා.
නමුත් අවාසනාවන්ත විදියට අද මහර හිරගෙදර ඒකෙ බැකප් ප්ලෑන් එක සිද්ද වෙලා තියෙනවා.
මේක අපි හිතන්න නරකයි මේ තදබදය විසින් ඇති වෙච්ච ආතතියක පුපුරා යාමක් කියලා ( සිනාසෙයි ).
ඒක එහෙම හිතන්න කෙනෙකුට ලේසියි, හැබැයි මං මේක දන්න නිසයි කියන්නේ.
මෙතන තියෙන්නෙ සැලසුම් සහගතව හිරගෙදර මිනීමරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා, ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තරව අපවාදයක් ඇතිකිරීම සඳහා ඕනෙ කරන වාතාවරණය ඇති කිරීම විතරයි මේකෙ ඇත්ත කතාව.
මේක එහෙම නැතුව කොරෝනා රෝගීන් වැඩිවෙලා නෙවෙයි"