leader s

අද පවතින්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපතිවරයා නොකී බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ
අවධාරණය කර සිටියි.
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ, සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පළ කරමිනි.
 
''ජනාධිපති ගෝඨාභය නම් කිව්වේ මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා'' යයි 'ලංකාදීප 'මාධ්‍යවේදියා කියා සිටි අවස්ථාවේදී වහාම ප්‍රතිචාර දක්වා ඇති බැසිල් රාජපක්ෂ, ''නෑ කවුරුත් නෑ එහෙම කිව්වේ නෑ එහෙම කිව්වා කියලා සමාජ ජාලවලත් පිට ඉන්න අයත් කියනවා. එහෙම නැතුව අපේ වගකිවයුතු කිසිම කෙනෙක් එහෙම කතාවක් කරයි කියලා මම හිතන්නේ නෑ.'' යයි සඳහන් කර ඇත.
 
''ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයේදී දිවුරුම් දෙමින් කිව්වා මම සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපති උනේ කියලා
 
‘එහෙම කියපු දේ ඇත්ත. අපිත් එහෙම කියනවා. මේ පක්ෂය සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට අයත් පක්ෂයත්. 
 
හැබැයි මේකේ වැඩි පිරිස සිංහල බෞද්ධ අය. අපට ඡන්දය දුන්නෙත් ඒ අය. ඒකෙ හංගන්න දෙයක් නෑ. ඡන්ද ප්‍රතිඵල බැලුවම ඒක අපට පේනවා. 
 
ඒකෙන් කියවෙන්නෙ නෑ අපි වෙනත් ජාතිකයන් වෙනත් ආගමිකයන් ඇතුළු කර ගන්නේ නෑ කියලා. ඒක හදපු එකක්'' බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.
 
 
ජනපති කියපු කතාව :
 

kc.xc

 
 
සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිට දී මුල්වරට ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මස 18 දා පැවසුයේ, තමනට ජනාධිපති ජනාධිපති ධුරයට පත් වන්නට හැකියාව ලැබුනේ මෙරට සිව්දිග වැඩවසන මහා සංඝරත්නය විසින් ලබාදුන් ආශිර්වාදය මුල්කරගෙන බවයි.
 
තම ජයග්‍රහණය ප්‍රධාන සාධකය වූයේ බහුතර සිංහල ජනතාව බව මුල සිටම දැන සිටි බවද ඔහු එහිදී සඳහන් කළේය.
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්