leader s

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති
එක්සත් ජාතික පක්ෂයේ ලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා 'සිරිකොත' පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී, වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් පත්කිරීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත.
 
ඒ පක්ෂ නායකයා ලෙස පක්ෂ ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී ඇති බලතල යටතේය.
 
මෙම පත්වීම වලංගු වන්නේ මේවසරේ දෙසැම්බර් මස 31 දින දක්වා පමණි.  
 
පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකුලව නායක තනතුර හැර අනෙකුත් සියළු තනතුරු දෙසැම්බර් 31 දිනයෙන් පසු නිතැතින්  ම අවලංගුවේ.
 
එජාප දඹදෙනි ආසන සංවිධායකවරයා වන ශමල් සෙනරත් 1993 සිට වයඹ පලාත් සභාව නියෝජනය කල මන්ත්‍රීවරයෙක් වන අතර එම සභාවේ විපක්ෂ නායක ලෙස ද කලක් කටයුතු කළේය.
 
එළඹෙන 2021 නව වසර සඳහා එජාපයේ නිලධාරී මණ්ඩලයට තරුණ නායකයින් වැඩි පිරිසක් පත්කර ගැනීමට එජාප නායකයා තීන්දුකර ඇති බවත් ශමල් සෙනරත්ගේ පත්කිරීම එහි ආරම්භක පියවරක් බවත් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු පැවසිය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්