The Leader News
BREAKING
Top Ad
පුවත්

අනුර දිසානායක කියන සුදු සීනි ටොන් 30,000 සඟවා ඇති තැන ?

T

The Leader Desk

December 7, 2020 • 7:18 AM

අනුර දිසානායක කියන සුදු සීනි ටොන් 30,000 සඟවා ඇති තැන ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඩු තීරු බදු සහනය යටතේ සීනි ආනයනය කිරීමත්, තීරුබදු අඩු කිරීමෙන් පසු සීනි ආනයනය තහනම් කර ආනයන අපනයන පාලක විසින් නිකුත් කරන ලද නියෝග පවා දැන් අතීතයට එක් වී හමාරය.
  •   එසේනම් ශත 25 හේ බද්දට ආනයනය කරන ලද සීනි ටොන් 30,000 ට මොකද වුණේ ?
  •   වැඩි මිළට එනම් රුපියල් 50/= ක් ගෙවා ආනයන කරන ලද සීනි ටොන් 80,000 ක් වෙළඳපලේ පැවැතියදීත් සීනි  ආනයන බද්ද ශත 25 ට අඩු කළේ සත්භාවයෙන් පාරිභෝගිකයාට රුපියල් 85/= බැගින් සීනි කිලෝවක් ලබා දෙන්නට නොවන බව දැන් පැහැදිලිය.
  •   රුපියල් 50/= තීරු බදු ගෙවූ සීනි කිලෝ එකක තොග ගබඩාවේ මිළ රුපියල් 120/= ක් වන නිසා එම සීනි රුපියල් 85/= අළෙවි කළ නොහැකිය.    එම සීනි හැර තවත් සීනි තිබේද?
අකුරු ප්‍රමාණය (Font Size):
ඒත් සමඟම පාරිභෝගික සේවා අධිකාරියේ මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින් නියෝග අංක 71 යටතේ 
අංක 2201/18 , 2020 - නොවැම්බර් 10 දින සිනී උපරිම මිල රුපියල්. 85/ක් ලෙස නියෝග කර නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් දැන් කල් පැනගිය චෙක් පතකට සමානය.(Stale cheque)
 
 
 Latter 123 07
 
 
මාධ්‍ය විසින් මෙම මහා සීනි වංචාව පිළිබඳ ඉදිරිපත් කරන ලද කරුණු වලට අදාලව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය දා පාර්ලිමේන්තු අයවැය විවාදයේ දී හෙළිදරව් කරමින් පැවසුයේ, 
 
1) තීරු බදු අඩුකිරීම නිසා රජයට විශාල පාඩුවක් වූ බවත් 
 
2) අදාළ තීරුබදු සහනයේ වාසිය කිසිඳු ලෙසකින් පාරිභෝගික ජනතාවට නොලැබුණ බවත් ය.
 
 

 
එසේ නම් මේ තීරු බදු වාසියත් ලබාගෙන අඩු මිළට සිනී ආනයනය කර වැඩි මිළට අලෙවි කරන වෙළඳුන් ගැන කිව හැක්කේ කළු එතනාගේ කතාවට සමාන කතාවකි.
 
එසේනම් ශත 25 හේ බද්දට ආනයනය කරන ලද සීනි ටොන් 30,000 ට මොකද වුණේ ?
 
වැඩි මිළට එනම් රුපියල් 50/= ක් ගෙවා ආනයන කරන ලද සීනි ටොන් 80,000 ක් වෙළඳපලේ පැවැතියදීත් සීනි  ආනයන බද්ද ශත 25 ට අඩු කළේ සත්භාවයෙන් පාරිභෝගිකයාට රුපියල් 85/= බැගින් සීනි කිලෝවක් ලබා දෙන්නට නොවන බව දැන් පැහැදිලිය.
 
රුපියල් 50/= තීරු බදු ගෙවූ සීනි කිලෝ එකක තොග ගබඩාවේ මිළ රුපියල් 120/= ක් වන නිසා එම සීනි රුපියල් 85/= අළෙවි කළ නොහැකිය. 
 
එම සීනි හැර තවත් සීනි තිබේද?
 
එසේ නම් ඒ අනුර කුමාර කියන සීනි ටොන් 30,000 වන අතර තවමත් ඒ සිනී සඟවාගෙන ඉන්නේ කවුද ?
 
මෙහිදී අපගේ ඇඟිලි දික් වන්නේ පාරිභෝගික සේවා අධිකාරිය වෙතය.
 
මත්කුඩු මෙන් සීනි සඟවා තැබිය නොහැකිය.
 
 ශ්‍රී ලංකා රේගුව සතුව මෙම ගබඩා (Bonding where-house) පිළිබඳ විස්තර ඇත. 
 
මෙම සීනි තොගය ආනයනය කරන ලද බහුජාතික සමාගමේ මෙම තොගයෙන් 80% කට ආසන්න ප්‍රමාණයක් එහි ගබඩා වල ඇත. 
 
පාරිභෝගිකයන් වෙනුවෙන් මිළ පාලන ගැසට්ටුවක් ඇති අවස්ථාවක අදාළ භාණ්ඩය සඟවාගෙන සිටීම, 
වැඩි මිළට අලෙවි කිරීම මුළුමනින්ම නීති විරෝධිය. 
 
එසේ නම් මන්ත්‍රීවරයා පෙන්වා දෙන පරිදි මෙම සීනි තොගය රාජසන්තක කර සතොස මාර්ගයෙන් රුපියල් 85/= බැගින් පාරිභෝගිකයාට අලෙවි කර ජිවන බරින් පිඩාවට පත්ව සිටින ජනතාවට මෙම සහනය ලබා නොදෙන්නේ  ඇයි.? 
 
කාරණය පැහැදිළිය.
 
සීනි සඳහා තීරු බද්ද නැවත පැනවිය යුතුය යන මතය පාර්ලිමේන්තුව හරහා ජනගත වෙමින් පවතී. 
 
විශාල වශයෙන් පාඩු ලැබූ පිටකොටුවේ තොග වෙළඳුන් 24 දෙනාගේ බිලියන 4 ක පමණ පාඩුව පියවා ගත හැක්කේ එවිටය.
 
එහෙත් එහි සම්පූර්ණ වාසිය යන්නේ බන්ධිත ගුදම් සංකීර්ණයක් පවත්වාගෙන යමින් තීරුබදු අඩු කිරීමේ සහ වැඩි කිරීමේ වාසිය ලබා ගන්නා එක් මහා පරිමාණ සමාගමට පමණි.
 
එවිට ඔවුන්ට රුපියල් 80/= කට පමණ ආනයනය කරන ලද සීනි ටොන් 26,000 ක ප්‍රමාණය රුපියල් 125/= - 130/= ට අලෙවි කළ හැකිය.
 
සිනී අර්බූදයේ ගජමිතුරු නාටකය කුඨ ජාවාරම්කරුවන්ට හා රජයේ නිලධාරින් කිහිප දෙනෙකුට වඩාත් වාසිසහගත ලෙසින් කෙලවර වන්නෙ එවිටය.
 
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
 
 
කියවන්න 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...