අම්පාර දිස්ත්‍රික්කයේ ආදිවාසී ජනතාවගේද ජීවිත පවා අනතුරේ හෙලමින් මහවැලි අධිකාරිය කාසි බෝග වගා කිරීම සදහා සමාගම් වලට ඉඩම් ලබා දී ඇති බවට චෝදනා කරමින්  මහඔය නගරයේ දී බෞද්ධ භික්ෂුන්

වහන්සේලාද හවුල් වී විරෝධතාවක් දියත් කර තිබේ.

 
 උද්ඝෝෂකයන් පවසන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොල්ලෙබැද්ද  - රඹකැන්ඔය ගම්මානය කේන්ද්‍ර කරගනිමින් වනාන්තර අක්කර 5,426ක් මේ වනවිට සමාගම් ගණනාවකට බඩඉරිඟු වගාව සදහා ලබා දී ඇති බවයි.
 
 එම වනාන්තර කේන්ද්‍රකරගනිමින් තම ජීවිකාව ගෙනයන ආදිවාසී ජනතාවද මින් දැඩි පීඩනයකට ලක්වී තිබෙන අතර ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජන එල්ලවී ඇතැයී උද්ඝෝෂකයෝ පවසති.
 
 
 එම වනාන්තර කේන්ද්‍රකරගනිමින් තම ජීවිකාව ගෙනයන ආදිවාසී ජනතාවද මින් දැඩි පීඩනයකට ලක්වී තිබෙන අතර ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජන එල්ලවී ඇතැයී උද්ඝෝෂකයෝ පවසති.
 දෙසැම්බර් 10 දින මහඔය නගරයේ දී දියත් කළ විරෝධතා ව්‍යාපාරය බින්තැන්නපත්තුව සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණ, ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ,  ජීවයේ අයිතිය පරිසර සංවිධානය  ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හා පරිසර යුක්ති කේන්ද්‍රයේ සංවිධායකත්වයෙන් සිදු ව තිබේ.
 
 එහිදී ඔවුන් තව දුරටත් අවධාරණය කර ඇත්තේ, මහවැලි අධිකාරියෙන් නීති විරෝධීව සමාගම් වලට ඉඩම් ලබා දීමෙන් ප්‍රදේශයේ ආදිවාසී ජනතාව පමණක් නොව, කිරි ගොවීන් හා සුළු පරිමාණ ගොවීන් ද  අවතැන් වන බවයි.
 
 වනාන්තර එළි කිරීමෙන් අලි-මිනිස් ගැටුම වර්ධනය වනවා සේම පානීය ජලයට අධික ලෙස කෘෂි රසායන එක්වීම තුළින් ප්‍රදේශයේ ජනතාව රෝගී තත්ත්වයට පත් වීමේ අනතුරත් එහිදී අවධාරණය කර තිබේ.
 
 
 වනාන්තර එළි කිරීමෙන් අලි-මිනිස් ගැටුම වර්ධනය වනවා සේම පානීය ජලයට අධික ලෙස කෘෂි රසායන එක්වීම තුළින් ප්‍රදේශයේ ජනතාව රෝගී තත්ත්වයට පත් වීමේ අනතුරත් එහිදී අවධාරණය කර තිබේ.
 
 
 එම අවදානමෙන් ජනතාව මුදා ගැනීම සදහා  සමාගම් වලට ඉඩම් ලබා දීම වහාම නතර කරන ලෙස රජයෙන්  ඉල්ලා සිටි විරෝධතාකරුවන් තව දුරටත් අවධාරණය කර ඇත්තේ  ජනතාවගේ ඉඩම් අයිතිය මෙන්ම ජල සුරක්ෂිතතාව හා ජනදිවිය සුරක්ෂිත කරන ලෙසයි.   
 

Galyaya 2020.12.12

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්