leader s

කොරෝනා සුවකරන 'පැණියක්' සොයාගත් බවට ආණ්ඩුවේ ඇමතිවරුන් හා
ආණ්ඩුවට හිතවත් ජනමාධ්‍ය විසින් උත්කර්ෂයට නංවමින් සිටින කෑගල්ලේ ධම්මික බණ්ඩාර, සිය පැණි බෝතලය ජය ශ්‍රී මහ බෝ සමිඳු වෙත පූජා කිරීමට ඊයේ (16) පැමිණි අවස්ථාවේදී අටමස්ථානාධිපති හිමියන් එයට ඉඩ නොදීම නිසා කෝපයට පත්ව නායක හිමියන්ට තමන් කාලි බවත් උන්වහන්සේගේත් ‘අම්මා’ කියමින් කෑගැසූ දර්ශනය විකාශය නොකිරීම මෙරට බොහෝ රුපවාහිනී නාලිකා කටයුතු කර තිබිණ.
 
ඒ තමන් විසින් උත්කර්ෂයට නංවමින් සිටින 'චරිතයට' ඉන් කිසියම් අවාසියක් වෙතැයි ඔවුන් විසින් කරනු ලැබූ පුර්ව උපකල්පනය මතය.
 
ඒ සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
 

sdfdf

මෙම පැණිය අටමස්ථානාධිපති ආචාර්ය අති පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස හිමියන් වෙත පූජා කිරීමෙන් අනතුරුව ඔහු එම පැණිය ශ්‍රී මහා බෝධියට පූජා කිරීමට උත්සහ කළද ඒ සදහා අවසර නොලැබුන අතර එය පහළ මළුවට පමණක් පූජා කිරීමට අවස්ථාව ලැබිණ.
 
පසුව ඔහු නැවතත් අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමියන් බැහැ දැක එම ස්ථානයේදී ආරූඪ වූ ආකාරයෙන් නාහිමියන් හට බැණවැදීණ.
 

 ධම්මික බණ්ඩාරගේ මෙම පැණිය ඊයේ ජයශ්‍රී මහා බෝධියට පූජා කිරීම සඳහා ඔහු ඇතුළු භික්ෂූන්වහන්සේලා පිරිසක් අනුරාධපුරයට පැමිණ සිටියහ.
 
මෙම භික්ෂූන්වහන්සේලා අතර තමන් බුදු වූ බව පවසමින් පූසාරියෙකු ලවා කහ නහවාගෙන පසුව තමන් කළ අමනෝඥ ක්‍රියාව පිළීබදව මහනාහිමිවරුන්ගෙන් සමාව ගත් බොරැල්ලේ සිරිසුමන නම් භික්ෂුවද සිටිනු දක්නට ලැබිණ.
 
මෙම පැණියට රාජ්‍ය අනුග්‍රහයද ලැබුණු අතර දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ද එය ප්‍රවර්ධනය කිරීමට මහත් වෙහෙසක් දරමින් සිටියි.
 
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්