කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට වැඩිම පීඩාවක් එල්ල වූ වර්ෂයක අවසානයේ තමන්ට හිමි බෝනස් මුදල් ඉල්ලා සේවකයන්ට සිදුකළ වර්ජනය කඩාකප්පල් කිරීම සදහා මැරයන් යෙදූ බවට ජාත්‍යන්තර ඇඟලුම්
ක්ෂේත්‍රයේ දැවැන්තයකුට චෝදනා එල්ල වී තිබේ.
 
තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අඛණ්ඩ විරෝධතාවක් පවත්වාගෙන යන කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 'නෙක්ස්ට්' සේවක සේවිකාවන්ට එරෙහිව පොලිස් බලමුළු වලට අමතරව මැරයන්ද කැඳවා තිබූ බව සේවක සේවිකාවෝ පවසති.
 
එයින් නොනැවතුණු පාලකයෝ කාර්ය මණ්ඩලයට ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වීම වැලක්වීමටද පියවර ගෙන තිබේ.
 
"පොලීසියෙන් ගෙන්නුවා එකසිය පනහක් විතර පොලිස් නිලධාරීන්, පාතාලේ අය ගෙන්නලා මේ ළමයින්ට තර්ජනය කරලා තිබුනා," යි ඇය පවසන ආකාරය මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන්ව තිබේ.
 
 
"පොලීසියෙන් ගෙන්නුවා එකසිය පනහක් විතර පොලිස් නිලධාරීන්, පාතාලේ අය ගෙන්නලා මේ ළමයින්ට තර්ජනය කරලා තිබුනා," යි ඇය පවසන ආකාරය මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන්ව තිබේ.
දෙසැම්බර් මාසයේ නත්තල් නිවාඩුවට පෙර බෝනස් මුදල ලබා දෙන බවට පාලනාධිකාරිය දුන් පොරොන්දු විශ්වාස කොට සේවකයන් අසනීප තත්වයන් පවා නොකතා නිවාඩු ලබා නොගෙන රාජකාරියට වාර්තා කළ බව පවසන ඇය අවධාරණය කරන්නේ නිවාඩුව ලංවත්ම බෝනස් මුදල ලබා දිය නොහැකි බව පාලනාධිකාරිය විසින් දැනුම් දුන් බවයි.
 
 "මේ මැනේජ්මන්ට් එකේ තිරණයක්. එක පාරම තීරණයක් ගත්තා ඒ ගොල්ලෝ. ඒ ගොල්ලන්ගේ තීරණයක් විතරයි. කිසිම කෙනෙක් එක්ක කතා කරලා දැනුවත් කිරීමක් කරලා තිබුන් නෑ. වේලාසනින් ඕගොල්ලන්ට මේ බෝනස් එක දෙන්න බෑ. දෙන්න විදිහක් නෑ කියලා කිසිම කෙනෙක් කිව්වේ නෑ," යි  නෙක්ස්ට් ආයතනයේ සේවිකාව වැඩි දුරටත් මාධ්‍යවේදීන් හා පවසා තිබුනි.
 
ආයතනය පාඩු ලබන තත්වයක් මත බෝනස් මුදල් ලබා දිය නොහැකි බව පැවසු පාලනාධිකාරිය වගකිවයුත්තන් සමග සාකච්ඡා කර බෝනස් මුදල ලබා දීමට කටයුතු කරන බවට පොරොන්දු ලබා දුන්නත් ඔවුන්ද පසුව දුරකතනයට පවා ප්‍රතිචාර නොදක්වන බව ඇය වැඩි දුරටත් සදහන් කළාය.
 

work 2020.22

කාන්තාවන් අති බහුතරයක් රැකියාවේ නියුතු ආයෝජන ප්‍රවර්ධන කළාපයේ කම්කරු ගැටලු සම්බන්ධයෙන් මැදිහත්වන 'ඩාබිඳු සාමූහිකයේ' වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි පෙන්වා දෙන්නේ සේවකයන් 2000ක් පමණ සේවයේ නිරතව සිටින නෙක්ස්ට් ආයතනයේ සේවකයන් 600 ක් පමණ දෙවැනි කොරෝනා වසංගත රැල්ල හමුවේ රෝගාතුර වූ බවයි.
 
 ඒ හේතුවෙන් සේවකයන් පිරිසකට ස්වයං නිරෝධායනයට ලක් වීමටත්, තවත් පිරිසකට නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වීමටත් සිදු වු බව පෙන්වා දෙන චමිලා තුෂාරි අවධාරණය කරන්නේ එම කාලය තුලදී සේවකයන්ගේ දීමනා සහ වැටුප් කප්පාදු කිරීමක් සිදු වු බවයි.
 
 Chamila Thushari Aithiya
            'ඩාබිඳු සාමූහිකයේ' වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි
 
එවැනි තත්වයක් හමුවේ දැඩි ආර්ථික පීඩාවකට ලක් ව සිටින කම්කරුවන්ට පාලනාධිකාරිය විසින් පොරොන්දු වු බෝනස් මුදල ලබා නොදීමෙන් ඔවුන් තවත් අසරණ භාවයට පත්ව ඇති ආකාරය පෙන්වා දෙන ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි තව දුරටත්  අවධාරණය කරන්නේ, අතේ ප්‍රමාණවත් මුදලක් නොමැතිව නිවාඩු සමයේ ඔවුන්ට ගමට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි.
 
නත්තල් නිවාඩුවට නිවෙස් බලා පැමිණිම PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු පමණක් සිදු කරන ලෙස සේවකයන්ගේ ගම් ප්‍රදේශ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  ඔවුන්ට දැනුම් දී ඇතත් පුද්ගලික මුදල් වියදම් කර  PCR පරීක්ෂණ කිරීමට නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ට මුදල් නොමැති බවයි ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්