leader s

 අංග හානියට පත් මිනිස් සිරුරක් සොයා ගැනීමත් සමග නිරන්තර අඩන්තේට්ටමට ලක්ව සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශවාසීන් තවත් බිය ගැන්වී සිටිති.
මුල්ලියාවලි පොලිස් වසමේ නාවට්කාඩු ගමේ කැලෑබද පාලු ළිඳකින් ගොඩගන්නා ලද පිරිමියකුගේ බවට සැක කෙරෙන ඇට සැකිල්ලේ අතක කොටස් සොයා ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන ලෙස දිස්ත්‍රික් මහේස්ත්‍රාත් එන් සුදර්ශන් පොලිසියට නියෝග කර තිබේ.
 
මියගිය පුද්ගලයා හඳුනා ගන්නට ඉදිරිපත් වන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
 
ඒ සඳහා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් වෙත ලබා දී ඇති විස්තර අනුව මියගිය තැනැත්තා නයිලෝන් සරමකින් සහ නිල, කළු වර්ණවලින් යුත් ටී ෂර්ටයක් හැඳ සිටි අයෙකි.
 
මල සිරුර හමුවූ ස්ථානය අසල බිමහෙලු දැව කඳන් ද තිබූ බව පවසන ප්‍රදේශයේ මාධ්‍යවේදීහු මරණය හා කැලෑ කොල්ලය අතර කිසියම් සම්බන්ධයක් වේදැයි සැක පහල කරති.
 
යුද සමයේත් ඉන් පසුවත් අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත ජනකායකගේ වාස භුමිය වූයේද මුලතිව් දිස්ත්‍රික්කයයි.
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්