ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති වශයෙන් වැඩ භාරගෙන වසරක් ගතව ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිළ ඉහලින්ම සටහන් වූ වසර ලෙස සහ පාරිභෝගිකයා
 
ආරක්ෂා කිරීමට ස්ථාපිත කර ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන වන පාරිභෝගික කටයුතු අධිකාරියේ අකාර්යක්ෂම වර්ෂය වශයෙන් 2020 වසර සටහන් වනවා ඇත. 
 
මෙම අධිකාරියේ නිසි බලධාරියා වන්නේ පිටකොටුව මැනිං වෙළඳපොළට ගොස් අහිංසක වෙළෙන්දෙකුගේ කනට ගහනවා යැයි කියූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකයි.
 
 
පාරිභෝගික අධිකාරිය ෆේල් වුණේ ඇයි ?
 
සියලු බලතල පනතකින් සම්මත කර අවශ්‍ය පියවර ගැනීමට මෙම අධිකාරියට බලය ලබාදී ඇතත්, 2020 වසරේ අවසන් භාගයේ ඇස් කන් පියාගෙන වෙළඳුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඉඩ දී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
 
පසුගිය වසරේදී රජය විසින් අත්‍යාවශ්‍ය ආහාර මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදන 10 ක් පමණ ප්‍රකාශයට පත්කර ඇතත් ඒ එකක්වත් පසුගිය වසරේදී නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවිය. සභාපතිවරයාට මේ එකදු ගැසට් නිවේදනයක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 
 
 
පසුගිය වසරේ දී ප්‍රකාශයට පත්කර ඇති ගැසට් නිවේදන කිහිපයක් මෙසේය.
 
1) ඉහළ යන සහල් මිළ පාලනය කිරීම සඳහා ගැසට් පහක්.
 
2) පොල් මිළ පාලනය සඳහා පොල් ගෙඩිවල වලලු සීමාව සටහන් කරමින්  ගැසට් නිවේදනයක්.
 
3) ආනයනය කරන ලද සුදු සීනි වල උපරිම තොග මිළ රුපියල් 80/= ටත් සිල්ලර මිළ 85/= ත් නියම කර ගැසට් පත්‍රයක් 
 
 
සහල් මිල පාලනය සදහා නිකුත් කරන ලද ගැසට් නිවේදන මෙන්න 
 
 
 
 2154
2154/19.  දෙසැම්බර් 19 දින.
 2170
2170/7.     2020 අප්‍රේල් 10 දින. 
 
 
28
2177/9.     2020 මැයි මස 28 දින 
 
 5
2194/73.  2020 සැප්තැම්බර් 25 දින.
 
 
 
04 2200/3.  2020 නොවැම්බර් 4 දින 
 
 
 
සහල් පාලන මිල සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා පසුගියදාපැවසුයේ, 
''ගැසට් එකේ මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත'' කියාය.
 
''සහල් මාෆියාවට වෙළෙඳපොළේ හොඳ තරගයක් ලබාදීමට මා විසින් ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කරමින් ආරම්භ කළ “ශක්ති“ සහල් ව්‍යාපාරය වත්මන් රජය කඩා බිඳ දමනවිට එසේ කරන්නට එපා යැයි මා විසින් අවධාරණය කළෙමි. 
 
නමුත්, වත්මන් රජය විසින් සිදුකළ එම අත්තනෝමතික විනාශය වෙනුවෙන් මෙරට සහල් පාරිභෝගිකයාට මේ වනවිට වන්දි ගෙවීමට සිදුවී තිබේ. 
 
ඉතිහාසයේ වාර්තාගත වී අස්වැන්නක් ලැබී තිබියදීත් සහල් මිල පාලනය කිරීමට නොහැකි වී තිබෙන අතර සහල් මිල පාලනය කිරීම සඳහා වත්මන් රජය විසින් පස්වන  ගැසට්ටුවද ඊයේ ප්‍රකාශයට පත්කර තිබේ. 
 
එහි සඳහන් වන්නේ සුදු/රතු සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 94 ක උපරිම මිලක්ද, සුදු/රතු කැකුළු සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 94 ක උපරිම මිලක්ද, සුදු/රතු නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 92 ක සහ සුදු/රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89 ක උපරිම මිලක්ද නියම කර ඇති බවයි. 
 
මෙය සහල් නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාට අලෙවි කළ යුතු මිලයි.
 
ගැසට් පිට ගැසට් ගැසුවත් වෙළෙඳපොළේ සම්බා සිල්ලර සහල් කිලෝවක සැබෑ මිල රුපියල් 125 ක් පමණ වන අතර නාඩු සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 105-110 ත් අතර අගයක් ගනී. 
 
ඒ අතරම, කිරී සම්බා සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 140-150 ත් අතර මිලක් ගන්නා අතර කැකුළු සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 100-105 අතර මිලක් ගනී. 
 
සහල් මිල තුවක්කුවෙන් පාලනය කළ නොහැකි බව මා දිගින් දිගටම ප්‍රකාශ කළෙමි. එසේම, සහල් මිල ගැසට් ගසාද පාලනය කළ නොහැකිය. කළ යුත්තේ නිසි වෙළෙඳපොළ තරගකාරීත්වයක් ඇති කිරීමය.''
 
 
''සහල් මිල තුවක්කුවෙන් පාලනය කළ නොහැක. එසේම, සහල් මිල ගැසට් ගසාද පාලනය කළ නොහැකිය. කළ යුත්තේ නිසි වෙළෙඳපොළ තරගකාරීත්වයක් ඇති කිරීමය.'' - පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා 
 
(උපුටා ගැනීම අවසන්)
 
 
ආණ්ඩුවට වැරදුණේ කොතනද?
 
අද වෙළඳපළේ නාඩු කිලෝවක් රුපියල් 120/= කට ඉහළ ගොස් ඇත. 
 
කැකුළු කිලෝවක් රුපියල් 130/= කි. 
 
මහා කන්නයේ අස්වැන්න නෙලීමට ජනවාරි අග දක්වා සිටිය යුතු අතර සහල් මිළ තවත් ඉහළ යා හැකිය. 
 
සමහර විට ශ්‍රී ලාංකීය වෙළඳපළේ සහල් නැත්නම් නැති වී යා හැකිය.  
 
 
# රුපියල් 60/= - 70/= - 80/පොල් මිළ නියම කරත් අද වන විට පොල් ගෙඩිය රුපියල් 100/= 120/= අතර වේ.
# සීනි සිල්ලර මිළ රුපියල් 85 /= කට නියම කර රුපියල් 49/75 ක් ආනයනය බද්ද අහෝසි කළත් අද පිටකොටුව විවෘත වෙළඳපළේ සීනි අලෙවි වන්නේ රුපියල් 105/=  - 110/= කටය. 
 
 
මෙම තීරු බදු අඩු කිරීම නිසා සහ උපරිම සිල්ලර මිළ නියම කිරීම නිසා වසර 50 ක් පමන තොග වෙලදපලෙහි පැවති තරඟකාරී සීනි තොග වෙළඳාම අද වන විට එක් බහුජාතික සමාගමක් අතට පත් වී ඇත. ( මෙම කුමන්ත්‍රණය කල අයගේ පරමාර්ථය වූයේද සීනි වෙලදාමේ  ඒකාධිකාරය අත්පත්කර ගැනීම බව අප මුලදීම හෙලිදරව් කෙලෙමු.)
 
හමුදා පසුබිමක් ඇති සහ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතකින් බලය ලබා දී ඇති සභාපතිතුමාගේ දැන ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අරමුණ සහ බලතල පහත සටහන් කරමු.
 
 
පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය  ස්ථාපිත කිරීම සඳහා වූ පනත.
 
 
අරමුණ:-
 
 
පාරිභෝගික බලධාරීන්ගේ අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා වූ පනත තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සහ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා වූ අභ්‍යන්තර වෙළඳාම විධිමත් කිරීම සඳහා උපදේශක කවුන්සිලයක් ස්ථාපිත කිරීම සඳහා වූ බලය ලබාදීම. පාරිභෝගික ආරක්ෂණ පනත අවලංගු කිරීම සඳහා,  1979 අංක 1, ෆෙයාර් ට්‍රේඩිං කොමිෂන් පනත, අංක. 1987 අංක 1 සහ මිල පාලනය කිරීමේ පනත (173 වන පරිච්ඡේදය); අහෝසි කිරීම. 
 
 
 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බලතල :- 
 
වගන්ති 9 සිට.... 
 
 
9 .අධිකාරිය විසින් භාණ්ඩ හා සේවා බෙදා හැරීම පිළිබඳ අධ්‍යයන සිදු කළ හැකිය.
 
10. මිල සලකුණු කිරීම, ලේබල් කිරීම සහ භාණ්ඩ ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් නිෂ්පාදකයින්ට හෝ වෙළෙඳුන්ට උපදෙස් දීමට බලය.
 
11. සලකුණු කළ මිලට වඩා විකිණීම හෝ 
පිරිනැමීමට එරෙහිව කටයුතු කිරීම. 
 
12. භාණ්ඩ හා සේවා සැපයීමට අදාළ ප්‍රමිති සහ පිරිවිතරයන් තීරණය කිරීම.
 
13. පැමිණිලි විභාග කිරීමට බලය.
 
14. භාණ්ඩවල උපරිම මිල සැපයීම සඳහා වන ගිවිසුම.
 
15. වරදක් ලෙස භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම.
 
16. වෙළඳාමේ අරමුණු සඳහා කිසියම් භාණ්ඩයක් සන්තකයේ තබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හෝ වරදක් විය යුතු ඕනෑම කොන්දේසියකට යටත්ව එම භාණ්ඩ විකිණීම.
 
17. ඕනෑම වෙළෙන්දෙකු හෝ පුද්ගලයෙකු විසින් භාණ්ඩ තොගයක් තබා ගැනීම වරදකි.
 
18. ඇතැම් භාණ්ඩ හා ඇතැම් සේවාවන්හි සිල්ලර හෝ තොග මිල වැඩි කිරීම.
 
19. අනවශ්‍ය ඒකාධිකාරයක් වෙළඳපොළහි ඇතිවීමට ඉඩ නොතැබීම.
 

WhatsApp Image 2021 01 03 at 1.39.08 PM

 
 WhatsApp Image 2021 01 03 at 1.39.09 PM

WhatsApp Image 2021 01 03 at 1.39.09 PM 1

 
(විශේෂ වාර්තාකරුවකු විසිනි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්