leader s

 කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
එම සංගමයේ සභාපතිත්වය දරන්නේ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය යි.
 
පුද්ගලයෙකු මියගිය පසු පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇති බවට වාර්තා වුවත් දේහයෙන් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබේ.
 
සංගමය මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය 31වැනි දා විශේෂඥයින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.
 
දැනට පවතින විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන පමණක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
 
ඒවා මෙසේය.
 
 
01. කොවිඩ් 19 ආසාදනය වන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් වන අතර, කුස සහ බඩවැල් ආශ්‍රිත පද්ධතිවලින් මෙම වෛරසය ආසාදනය වීමක් මින් පෙර කිසිදු අවස්ථාවක වාර්තා වී නොමැති බව.
 
02. වෛරසයට ජීවත් විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් එයට මෘත දේහයක් තුළ සැලකිය යුතු කාලයක් ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප බව.
 
03. පශ්චාත් මරණ පරීක්ෂණයේදී පී.සී.ආර්. පරීක්ෂණයකින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු වීම මත ඔහුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය විය හැකි බවට නිගමනය කළ නොහැකි බව.
 
04. කොවිඩ් 19 ආසාදිතයින්ගේ මළ මුත්‍රා ආදිය ජල පද්ධතියට එක් වීමෙන් සිදු විය හැකි හානිය, දේහ මිහිදන් කිරීම තුළින් ඇති විය හැකි අපවිත්‍රතාවකට වඩා දැඩි ලෙස බරපතල බව.
 
05. මෙම වෛරසයේ කොටස් භූගත ජලය තුළ මීට පෙර සොයාගෙන ඇති නමුත් එමගින් බෝ වී ඇති අවස්ථා කිසිවක් වාර්තා වී නොමැති අතර, දීර්ඝ ලෙස අධ්‍යයනයට ලක් වූ මෙවැනිම වෛරස වන, ඉන්ෆ්ලුවෙන්සා හා සාස් වෛරස ද මේ ආකාරයෙන් ආසාදනය වීම් පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැති බව.
 
06. ඩෙන්මාර්කයේ කොවිඩ් හේතුවෙන් මරා දැමුණු මුගටි විශේෂයෙන් විශාල ප්‍රමාණයක් මිහිදන් කර නැවත ගොඩට ගැනීම සිදු වූයේ එරට භූගත ජලය දූෂණය වීමක් නිසා නොවන බවත්, එම මුගටි විශේෂයේ මළ සිරුරු දිරාපත් වීම නිසා ඇති වූ නයිට්‍රජන් අපද්‍රව්‍ය නිසා ඒ ආසන්නයේ පිහිටි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදුව ඇති බව.
 
07. ජලය මාර්ගයෙන් විශාල වශයෙන් ව්‍යාප්ත වන කොළරාව වැනි රෝගයකදී වුවද එය ආසාදිතව මියගිය අයගේ සිරුරු මිහිදන් කිරීමට සෑම විටම ඉඩ ලබා දී ඇති බව.
 
 
 
රජය පත්කරන ලද දෙවන කමිටුවේ නිර්දේශය :
 
 
 
කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන ලද එක කමිටුවක් විසින් ද නිර්දේශ කර තිබේ.
 
මෙසේ නිර්දේශ ලබා දී ඇත්තේ රජය විසින් පත්කරන ලද දෙවන කමිටුව විසිනි.
 
ප්‍රජා වෛද්‍යවරුන්ගේ ස්ථාවරය මෙන්න :
මේ අතර  ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) පවසන්නේ, මළ සිරුරු භූමදානය කිරීමෙන් කොරෝනාවෛරසය පැතිරෙන බවට ප්‍රබල සාක්ෂි නොමැති අතර, දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි සහ ගෝලීය මාර්ගෝපදේශ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන දැඩි මාර්ගෝපදේශ අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ඔහුගේ හෝ ඇයගේ සහ ඔවුන්ගේ පවුල්වල අභිමතය පරිදි ආදාහනය කිරීමට හෝ භූමදාන කිරීමට ඉඩ දිය යුතුව ඇති බවයි.
 
 
 
සබැඳි පුවත් :
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්