රංජන් රාමනායක උසාවි යාමට ප්‍රථමව තම මුහුණු පොතේ පළකළ ජායාරුපයක්
 
 
රටේ විනිසුරුවන් හා නීතිඥයන්ගෙන් බහුතරයක් දූෂිත බව පැවසූ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලදි.
 
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා, නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත ගෙනයන ලද බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පැවසීය.
 
 
 

136785002 10224783455636824 2516477828366539118 o

තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.
 
2017 අගෝස්තු 21 වන දින කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටදී රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බවට චෝදනා කරමින් විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබීය.
 
2017 අගෝස්තු 21 වනදා අරලියගහ මන්දිරය අසලදී මාධ්‍ය හමුවේ, අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එකී චෝදනාවට ඔහු වරදකරු කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ලේ සභාපති සිසිර ද ආබෲ විනිසුරුවරයා පැවසීය.
 
එම ප්‍රකාශය ඔහු සිදුකර ඇත්තේ, චේතනාන්විතව බවත් නඩු විභාගයෙන් පසුව අධිකරණයෙන් නික්ම යන අවස්ථා කිහිපයකදීම ඔහු කළ ප්‍රකාශ මගින් තහවුරු වී ඇතැයි ද සභාපති විනිසුරුවරයා තීන්දුවෙන් දැනුම් දුන්නේ ය.
 
 

138786733 3979466868772033 3977280560389348221 n

 
තීන්දුවෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයෙන් පිටතට රැගෙන යන අවස්තාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රංජන් රාමනායක මන්ත්‍රීවරයා, "මම තිත්ත ඇත්ත කතා කළේ. හොරකං කළේ නෑ. පිල්ලෙයාන්ව මේ ආණ්ඩුවෙන් එලියට දැම්මා. මාව ඇතුළට දානවා. මම කුඩු ගංජා විකුණලා නෑ මම සටන දිගටම ගෙනියනවා. සටන නවත්තනේ නැතිව දිගටම ගෙනියමු. මේ දුෂිත ආණ්ඩුව පලවාහරින්න. මම කියපු සියලුම දේවල් ඇත්ත කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නේ නෑ මුන් ඇත්තටම හොරු. හොරු ගැන කිව්වයි කියල මංවගේ මිනිහෙක්ව ඇතුලට දානවා. මම සත පහක් හොරකන් කරලා නෑ හම්බවුන පඩි සල්ලිත් ජනතාවට බෙදුවා," යනුවෙන් කියා සිටියේය.
 
"මේ හොරකං කරලා කුඩු විකුණලා නෙමෙයි. මම ආණ්ඩුවට කියනවා පිල්ලෙයාන්ව දැම්ම වගේ දුමින්ද සිල්වාවත් එලියට දාන්න. කුඩු කාරයෝ ගැන කිව්වයි කියල මාව ඇතුළට දාන්නේ. අපි බය නෑ මම තනිකඩයා. මැරුණත් බය නෑ. තිත්ත ඇත්ත කතා කරනවා. සමාව ඉල්ලන්නේත් නෑ. කුඩු විකුණලා නෑ, එතනෝල් ගෙනල්ල නෑ, උන් ගැන කිව්වයි කියල මේ ඇතුළට දැම්මේ," යනුවෙන් ද ඔහු පැවසීය.
 
 
 

 
 
රංජන් රාමනායකට වසර හතරක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම වීමත් සමගම සමාජ මාධ්‍යයේ මේ පිළිබඳව විවිධ මත පළවෙමින් තිබෙන අතර සමහර සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ ඔහුට සිර දඬුවම් නියම කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා පත් නිකුත්කර රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින පිල්ලෙයාන්ට එරෙහිව ඇති නඩුව නීතිපති විසින් ඉදිරියට ගෙන නොයන බවට ඊයේ මඩකලපුව අධිකරණයට දැනුම්දී ඇති අවස්ථාවක වීම හාස්‍යජනක බවයි.
 
 

Tanjan Tw 12

 
ඔහුගේ මන්ත්‍රී ආසනයට කුමක් වේදැයි මේ වන විට විවිධ මත පලවන අතර ඒ පිළිබඳව නීති විශේෂඥයන් පවසන්නේ යම් පුද්ගලයකුගේ මන්ත්‍රීධුරය අහෝසිවන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිවීම හේතුවෙන් බවය. ඒ බව ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තියේ සඳහන්වේ.
 
 

Screen Shot 2021 01 12 at 7.42.52 PM

එනම් "යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය:
 
 
එසේ වුව ද, මේ ඡේදය යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යන්නේ ය."
 
අධිකරණයට අපහාස කිරීමේ වරදට දිය යුතු දඬුවමට උපරිම හා අවම කාලයක් නීතියේ නිශ්චිතව සඳහන් කර නොමැති බැවින් මෙම වගන්තියට එය අදාල නොවන බව ඇතැම් නීති විශේෂඥයන් පවසන අතර, තවත් නීති විශාරදයන් පවසන්නේ මෙම තීන්දුවත් සමඟම රංජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවන බවය.
 
 Screen Shot 2021 01 12 at 7.42.57 PM
 
සිව් වසරක සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමට එම ධුරය හිමි වීමට ඉඩ ඇත. 
 
ඒ පසුගිය වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුමට මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමිවීම නිසාය.
 
එම මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව අනුව සමගි ජනබල වේගයට මන්ත්‍රී ආසන හතරක් හිමිවූ අතර ඉන් දෙවන තැනට වැඩිම මනාප ලබා ගනු ලැබුවේ රංජන් රාමනායක වන අතර අජිත් මාන්නප්පෙරුම පස්වන ස්ථානය හිමිකරගෙන ඇත.
 
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන් හෙයින් ඔහුට මේ පිළිබඳව නැවත විමසීමක් කරන මෙන් ඉල්ලා සිටීමට අවස්තාව තිබෙන බව ද නීතිඥවරු පෙන්වා දෙති.
 
 (බීබීසී සිංහල සේවය)
 
 
 
###################
 
 
 
 
මහින්ද සුළඟ' බැසිල්ට එරෙහි කුණාටුවක් වෙයිද ?
 
 
 
####################

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්