නීති විරෝධි බව පවසා විනාශ කර දැමූ යාපනය විශ්වවිද්‍යාලයේ මුල්ලිවයික්කාල් ස්මාරකය පිහිටි ස්ථානයේ  නැවත නැවත ඉදිකෙරෙන ස්මාරකය නීති විරෝධි නොවන බවට රජය විසින් තහවුරු කර තිබේ.
යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා යාපනයේ විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ ස්මාරකය පොළොවට සමතලා කිරීම හෙලා දකිමින් එල්ල වන චෝදනා පිළිබදව ජනවාරි 12 අඟහරුවාදා පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විමසු පැනයකට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුනේ අලුතින් එය ඉදි කිරීම නීති විරෝධි නොවන බවයි.
 
"ඒක උපකුලපතිතුමා මැදිහත් වෙලා තමා මුල්ගල තියෙලා තියෙන්නේ අලුත් ස්මාරකයට. ඒක නිසා දැන් නිති විරෝධි වෙන්නෑ. දැන් ඒ ප්‍රශ්නේ විසදිලා තියෙනවා".
 
 
 
යුද්ධයෙන් මරා දමන ලද දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද ස්මාරකයකට ශ්‍රී ලංකා රජයේ අනුමැතියක් ලැබුණු මුල්ම වතාව මෙයයි. 
 
යාපනයේ විශ්ව විද්‍යාලයේ ස්මාරකයක් තිබු බව තමන්ද හරියාකාරව නොදන්නා බව පැවසු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එහිදී වැඩි දුරටත් පවසා ඇත්තේ, විනාශ කළ ස්මාරකය අනුස්මරණය කිරීම සදහා පැවැති එකක් බවට තමන් සිතන බවයි.
 
“මේ විශ්ව විද්‍යාල දරුවන් විවිධ රූප සටහන් නිර්මාණය කර තිබෙනවා. එවැනි නිර්මාණයක්. ඒත් මේක විශ්ව විද්‍යාල අනුමැතිය නැතිව කර නිසයි ඒක කාලාන්තරයක් තිස්සේ තියෙන්න. දැන් උපකුලපතිගේ මැදිහත් වීමෙන් කර නිසා බලධාරින්ගේ එකඟතාවය මත යන නිසා ඒ ප්‍රශ්නය විසඳිලා ඉවරයි. මේක ආණ්ඩුව මැදිහත් වීමක් නැහැ. විශ්ව විද්‍යාලය ස්වාධීනව ගත්ත තිරණයක්."
 
 84ce39b3 susil premajayantha 850x460 acf cropped 850x460 acf cropped
 රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  
 
 
 
රාජ්‍ය අමාත්‍යවරයා නොදැන සිටියත් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය පවසා ඇත්තේ නටබුන් කෙරුණු මුල් ස්මාරකය පිහිටුවන ලද්දේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අනුමැතිය යටතේ බවයි.
 
යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින් සන්නද්ධ හමුදා සහායෙන් ජනවාරි  8 සිකුරාදා රාත්‍රියාමයේ කඩා බිඳ දැමීමට එරෙහිව දෙස් විදෙස් විරෝධය එල්ල වී තිබුනි.
 
 
muli Jaffna 2021.1.11
 
“එතන තිබිය යුතු නැති නීති විරෝධී එකක්” ලෙස ස්මාරකය මුලින් හැඳින්වූ යාපනය සරසවියේ උප කුලපති මහාචාර්ය සිවකොලුන්දු ශ්‍රීසද්ගුණරාජා සිසුන් පිරිවරා ගොස් මඩ දියේ බැස මුල් ස්මාරකයේ නටබුන් අතරින් මතුකරගත් ගල් දෙකක් මත ශුද්ධවූ අළු හා සඳුන් කල්ක ආලේප කොට මල් තබා හින්දු සමයානුකූල ස්තෝත්‍ර සජ්ජායනා කොට මහත් බැතියෙන් යුතුව ජනවාරි 11 සදුදා ආශිර්වාද කර තිබුනේ නැවත ඉදිකිරීම නීත්‍යානුකුල කරමිනි.
 
 
 
###################
 
මහින්ද සුළඟ' බැසිල්ට එරෙහි කුණාටුවක් වෙයිද ?
 
####################

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්