පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව ලබාදී ඇති දඬුවම පෙර නොවූ විරූ අතිවිශේෂ දරුණූ එකක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

ඔහු එබව කියා සිටියේ පෙරේදා (ජනවාරි 19) පාර්ලිමේන්තුව අමතමිනි.
 
එහිදී ඔහු මෙසේ සඳහන් කළේය.
 
''මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි කිරීමට නීතියෙන් හා සම්ප්‍රදායට බැඳී සිටිමි.
 
ගරු රංජන් රාමනායක වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙනී සිටි නීතිඥයා මම වෙමි. පිරිසිදු, අවංක දේශපාලනඥයෙකු වන ඔහු පෙනී සිටීමේ වරප්‍රසාදය මට හිමි වූ අතර ඒ ගැන මම ආඩම්බර වෙමි.
 
 
 
 
 
බරපතල වැඩ ඇතිව වසර 4 ක දැඩි සිර දඩුවමක් පෙර නොවූ විරූ හා අතිවිශේෂයෙන් ලෙස තදබල එකකි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකීමක් ඇත. ඒ අප අධිකරණයට අපහාස කිරීම සඳහා නීතියක් පනවා නොමැති හෙයිනි. 
 
 
විපක්ෂ නායකවරයා සඳහන් කළ පරිදි වසර 2 ක් හෝ ඊට වැඩි දඬුවමක් නියම කර ඇති වරදක් ලෙස සදහන් වුවත් නිශ්චිතව දඩුවමක් නීතියෙන් නියම කර නැත.
 
කෙටුම්පත් සකස් කර ඇති අවස්ථා රාශියක් ඇතත්, අපි ඒවා කර අවසන් නැත. එය එක් කරුණකි.
 
එළෙස නීතියක් සම්මත කිරීමට අපොහොසත් වීමෙන්, එය වල් බූරු නිදහසට සමාන වී තිබේ. එනම් ඕනෑම දඩුවමක් ලබා දිය හැකි බවයි. එය හොඳ දෙයක් නොවේ.
 
නඩුවේ හොද නරක ගැන කතා කිරීමට මට අවශ්‍ය නැත.
 
 නමුත් මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තුව නීතියක් පැනවීමට පියවර ගත යුතුව තිබේ.
 
දැන් ඉංග්‍රිසි (එංගලන්ත) නීතියෙන්ම අධිකරණය අපකීර්තියට පත් කිරීම තවදුරටත් අධිකරණයට අපහාස කිරීමේ වරදක් ලෙස නො සැළකේ.
 
අවාසනාවකට මෙන් අධිකරණය එය නොසලකා හැර නොමඟ ගොස් තිබේ. එය මගේ ස්ථාවරයයි.
 
 
මට අවශ්‍ය වන්නේ අධිකරණ අපහාස නීතියෙහි සම්බන්ධයෙන් බැරෑරුම් හිඩසක් ඇති බව ඔබේ අවධානයට යොමු කිරීමට ය. අවංක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මෙම පෙර නොවූ විරූ අසාධාරණයට හේතු වී ඇත්තේ එම හිඩැසය.
 
 
(රංජන් රාමනායක සම්බන්ධයෙන් එම්. ඒ. සුමන්තිරන් ජනවාරි 19  පාර්ලිමේන්තුවේදී කළ කතාවෙහි සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි.)
 
 
 

 

 

 

සීෂෙල්ස් මහකොමසාරිස් ධුරයට පවුලේ ඥාතියෙක් ?
 

කොන්ෆියුසියස් මධ්‍යස්ථාන ප්ලේ කරන ස්මාර්ට් ගේම් එක
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්