leader s

 ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නවදිල්ලියේ අධිකරණයකින් ඉන්දියානු රුපියල් පනස් දහසක (50,000) දඩයක් නියම කර ඇත. 
 
 
කාන්තා ලිංගික හිංසනයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු නිලධාරියකුට එරෙහිව නඩුවක පාර්ශ්වකරුවකු ලෙස ජාතික ගුවන් සේවයට මෙම දඩය පනවා තිබේ.
 
‘රැකියා ස්ථානයේ කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම පිළිබඳ 2013 පනතේ ප්‍රතිපාදන යටතේ පැනවිය හැකි ඉහළම දඩය මෙලෙස ගුවන් සේවයට පනවා ඇත. 
 
ගුවන් සමාගමේ හැසිරීම සැලකිල්ලට ගැනීමෙන් පසුව විනිසුරුවරයා මෙලෙස උපරිම දඩය නියම කර තිබේ.
 
 මෙම නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අධිකරණයක් දේශීය හෝ විදේශීය ඕනෑම සේවා යෝජකයකුට එරෙහිව දඬුවම් පැමිණවූ පළමු අවස්ථාව මෙයයි. 
 
මෙයට සමගාමීව පැවැති තවත් නඩුවකදී, ශ්‍රී ලංකාව ගුවන් සමාගමේ කලාප කළමනාකරුවකුවූ ලලිත් ද සිල්වා යන අය 2020 සැප්තැම්බර් 16 වැනි දින එම අධිකරණය විසින්ම වරදකරු කර තිබේ. 
 
ඉන්දීය ජාතික කාන්තා නිලධාරිනියකට ලිංගික අතවර කිරීම සහ අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබිණි.
 
(අරුණ -නයන තරංග ගමගේ)

 

 

 
 
 
සීෂෙල්ස් මහකොමසාරිස් ධුරයට පවුලේ ඥාතියෙක් ?
 

කොන්ෆියුසියස් මධ්‍යස්ථාන ප්ලේ කරන ස්මාර්ට් ගේම් එක
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්