1200 x 80 DMirror

ලිංගික ශ්‍රමිකයන් කියන්නෙ ජීවිතේ ඉතාම අවිනිශ්චිත තත්වයන්ට මුහුන දෙන පිරිසක්.
 
ලිංගික ශ්‍රමිකයන් කියන්නෙ ජීවිතේ ඉතාම අවිනිශ්චිත තත්වයන්ට මුහුන දෙන පිරිසක්. ඔවුන් කරන රැකියාවට ගෞරවයක් නැති වීම පමණක් නෙමෙයි ඔවුන් අපහාසයට, අපහසුතාවයට, අඩන්තේට්ටම්වලට ලක් කරන
සමාජ සංස්කෘතියක් අපේ රටේ තියෙන්නෙ. 
 
විශේෂයෙන්ම මාධ්‍යයන් පවා ඔවුන් පිළිබඳ තොරතුරු පළකරන්නේ ඔවුන් අවමානයට ලක් කරමින්. 
 
ඔවුන්ගේ මානව අයිතිවාසිකම් පවා නිතර ගානකටවත් නැතුව නොතකා හරින්නේ සමාජ ආරක්ෂාවක් මේ අයට නැති නිසාමයි.
 
පොලිසිය විසින් නිතර මේ ලිංගික ශ්‍රමිකයන් නීතියේ රැහැනට හසු කරන්නට උත්සාහ ගන්නවා. 
 
මේ වන විට අධිකරණයෙන් ඉතාම ප්‍රගතිශීලී තීන්දු කීපයක්ම ලිංගික ශ්‍රමිකයන් විෂයෙහි ලබාදී තිබුනත් මේ පොලිස් පීඩනයේ අඩුවක් නෑ. 
 
වසර කීපයකට පෙර පොලිස් නිලධාරියෙකු අතින් ප්‍රසිද්ධියේ පහරකෑමට ලක්වූ බට්ටි ගැන සිද්ධිය හොඳ උදාහරණයක්. 
 
 1411982448balumgala
 
ඕනෑම කෙනෙක් කොන්ඩමයක් බෑගයේ තියාගැනීම පවා වරදක් කරමින් ගණිකාවක් ලෙස නඩුවකට පැටලැවිය හැකි තරම් ලංකාවෙ නීතිය පීඩාකාරී ස්වරූපයක් ගන්නවා. මේ නඩු වෙනුවෙන් වියදම් කරන්න හෝ නඩු කාලයෙහි ජීවත් වෙන්න හෝ ක්‍රමයක් නැතිව මේ මිනිස්සු අසරණ වෙනවා.
 
 
 
 
අනෙක් අතට රෝගාබාධයක් වැලඳුනු විට පවා මේ අය දිනපතා උපයන අදායම් නතර වෙනවා. රෝහලක නැවතී සිටින කාලය ගත කරන්න හෝ අවශ්‍ය බෙහෙත් හේත් ගන්න හෝ පිලිසරණක් ඔවුන්ට නෑ. 
 
ලිංගික ශ්‍රමිකයන් බහුතරයකට තමන් වෙනුවෙන් ඉතුරු කරපු මුදල් නෑ. ඔවුන්ගේ රැකියාවෙ ස්වරූපය අනුවම ඔවුන්ට ජීවත් වෙන්නෙ අද දවස විතරයි.
 
 
 
Image 
අදාල Image එකක් පලකරන්න 
 
ලිංගික ශ්‍රමිකයන් නැත්නම් ගණිකාවන් රටේ ඉතාම අවශ්‍ය ඒ වගේම දුෂ්කර සේවාවක් ලබාදෙමින් ඉන්නවා කියන එකයි අපේ විශ්වාසය. අන් හැම රැකියාවකට වගේම ඔවුන් කරන රැකියාවටත් නිසි ගෞරවය ලැබිය යුතුයි කියන එකයි අපේ පෙනී සිටීම.
 
 
ෆැකල්ටි ඔෆ් සෙක්ස් ක්‍රියාකාරීත්වය මේ අය වෙනුවෙන් අරමුදලක් ඇති කරන්න තීරණය කළා. 
 
ඕනෑම ලිංගික ශ්‍රමිකයකුට තමන් මුහුණ දෙන නීතිමය අර්බුදයකදී හෝ සෞඛ්‍ය ප්‍රශ්නයකදී මේ අරමුදලෙන් උදව් ඉල්ලන්න පුළුවන්.
 
ෆැකල්ටි ඔෆ් සෙක්ස් ආයතනය කරන හැම ඉපැයීමකින්ම 10%ක කොටසක් ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් නිර්මාණය වෙන ලඳුනේ අරමුදලට බැරවෙනවා. මේ අරමුදල වෙනුවෙන්ම කැපවුනු ක්‍රියාකාරකම් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
 
අරමුදලේ ප්‍රමාණවත් මුදලක් එකතු වුනු සැනින් ඒ පිළිබඳ ප්‍රසිද්ධ දැනුවත් කිරීම් ආරම්භ වනු ඇති.
 
 
(facultyofsex.com)
 
 
නීති සංගම් නිලවරණයේ මඩ කබායක්!
     
 
 
ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය පිටුපස හිටියේ කව්ද ?

     

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය