එජාප නායක රනිල් වික්‍රමසිංහ, සැබෑ දේශප්‍රේමියෝ හි මංගල සමරවීර, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් සහ  43
සේනාංකයේ පාඨලී චම්පික රණවකට එක් පෙරමුණකට ගොනුවී ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව මුහුණදීමට මේවනවිට බලකෙරී ඇත.
 
ඒ, ජනාධිපති ගෝඨාභය විසින් 2015-19 අතර කාලයේ සිදුවූ දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට ඇමති මණ්ඩලය තීරණය කිරීමත් සමගය.
 
 ඒ යටතේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ , මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම්, ආර්. සම්පන්දන්, සරත් ෆොන්සේකා වැනි දේශපාලනඥයන්ටද, ජයම්පති වික්‍රමරත්න, එම්ඒ සුමන්තිරන්, ජේසී වැලිඅමුණ වැනි නීතිඥවරුන්ටද, හිටපු ඇගමැති ලේකම් සමන් ඒකනායක, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ, ශානි අබේසේකර වැනි රජයේ නිලධාරීන්ටද, ආනන්ද විජේපාල වැනි දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ හිටපු නිලධාරීන්ටද දඬුවම් දෙන්නට සූදානම් වේ.
 
 
'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇති පරිදි  මේ තීරණය පසුපස කතාව සිත්ගන්නාසුලුය.
 
ඒ, මේ පිරිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩ කර ඇති බවටත්, එහි ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවටත් එරෙහිව කටයුතු කර ඇති බවට සාක්‍ෂි දී ඇත්තේ විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා වීමය.
 
ඔහුගේ ‘කීර්තිමත්’ ඉතිහාසය කවුරුත් දනිති.
 
ඒ ගැන විභාග කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් රටේ නැති බැවින්, ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ යුතු යැයිද ඇමති මණ්ඩලය තීරණය කර තිබේ. 
 
ඊට අමතරව ඉහත කී 22ක් වන පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරවයාට හා අල්ලස් කොමිසමට අදාළ ලිපි ලේඛන යොමු කරනු ඇතැයිද වාර්තා වෙයි.
 
යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය අනුව, දූෂණ විරෝධී කමිටුවක් පත්කිරීමටත්, දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයක් පිහිටුවීමටත්, ඒවාට මුදල් වෙන්කිරීමටත් තීරණය කළේ, ඒ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය විසිනි. 
 
  106812596 de52 1
 
 
 
ඒ විදියට බලනවා නම්, මේ ව්‍යාපෘතියේ පළමු වගඋත්තරකරුවා විය යුත්තේ සමස්තයක් හැටියට එවක ඇමති මණ්ඩලයයි. එහි ප්‍රධානි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මෙහි මුල් පෙළේ වගඋත්තරකරුවකු විය යුතුව තිබුණි. දූෂණ විරෝධී කමිටුවේ බොහෝ සාකච්ඡා ඔහුගේ ජනාධිපති කාර්යාලයේද, පැජට් පාරේ නිල නිවෙසේද සිදුකෙරිණි. 
 
 
 
 
දැන්, ඔහු අතහැර අන් අය පමණක් පළිගැනීමට ඉලක්ක වන්නේ, සිරිසේන මහතාගේ පක්‍ෂය දැන් ආණ්ඩුවේ කොටසක් වී සිටින නිසා විය යුතුය. 
 
 
 
‘අපේ එකා නිවැරදියි, විරුද්ධ එකා වැරදියි’
 
 
 
ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දූෂණ විරෝධයේද මිනුම්දණ්ඩ වන්නේ ‘අපේ එකා නිවැරදියි, විරුද්ධ එකා වැරදියි’ කියන මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේම පිළිවෙතයි.
 
පළිගැනීම් ගැන විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පත්කළ උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත ජනාධිපති කොමිසම, ලංකාවේ එවැනි කොමිෂන් ඉතිහාසයේ දුර්වර්ණම කොමිසමක් හැටියට සැලකිය හැකිය. 
 
 
නීතිය අතට ගෙන, ආණ්ඩුවට වුවමනා එවුන් ආණ්ඩුව කියන විදියට හපා කෑම, හිටපු විනිසුරුවරුන් දෙදෙනකු හා පොලිස්පතිවරයකු මුලසුන ගත් මේ අපකීර්තිමත් කොමිසමේ කාර්යය විය. ඒ ගැන මීට පෙර ලියැවී තිබේ.
 
 
 
 විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් :
 
 
 
දැන් කරන්නට යන්නේ, ඒ කොමිසමේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට, සුදුසු නිර්දේශ ලබා ගැනීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමයි. 
 
 
 
 

z p10 SIRIMAVO

 
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවකට අදාළ වෙනම පනතක් තිබෙන අතර, එය ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා, 1978දී, සිරිමා බණ්ඩාරනායක හිටපු අගමැතිවරිය දේශපාලන වශයෙන් මරා දැමීම සඳහා නිර්මාණය කරන ලද නීතියකි. 
 
 
 
 
ජේආර් ජයවර්ධන ගැන අදත් කියැවෙන හැම තැනකදීම, විශේෂ ජනාධිපති කොමිසමක් හරහා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අවුරුදු හතකට අහෝසි කිරීමේ සිද්ධියේ ලජ්ජාසහගත කළු පැල්ලම ඒ නම සමග එකට සටහන් වෙයි.
 
උත්ප්‍රාසය වන්නේ, පළිගැනීම සඳහා පනත නිර්මාණය කළ ජේආර්ගේ එක්සත් ජාතික පක්‍ෂ වර්තමාන නායකයන් තමන්ගේම ගිලටීනයට හසුවී සිටීමත්, එදා එයින් හිස්ගැසුම් කෑ සිරිමා බණ්ඩාරනායකගෙන් පැවත එන වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ගිලටිනය ක්‍රියාත්මක කරන්නාගේ පැත්තේ සිටගෙන සිටීමත්ය.
 
 ඉතිහාසය සරදම් කරන්නේ එසේය.
 
කෙසේ වෙතත් විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළ යුත්තේ වර්තමානයේ සේවයේ යෙදී සිටින ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සහභාගිත්වයෙනි. ඔවුන්ගේ නිර්දේශ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත හොත්, වගඋත්තරකරුවන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කළ හැකිය.
 
මහජන දේපොළ මංකොල්ල කෑ, අපරාධ කළ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ දේශපාලකයන්ට හා නිලධාරීන්ට විරුද්ධව කටයුතු කිරීමට, විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ හැකිදැයි, යහපාලන ආණ්ඩුවේ මුල් කාලයේද කතාබහට ලක්වී තිබිණ. 
 
 
 
එහෙත්, ඒ ආණ්ඩුවේ මුල් පෙළේ ඇත්තන්ගේ පැහැදිලි නිගමනය වූයේ, විශේෂ ජනාධිපති කොමිෂන් සභා පත්කර, සිරිමා බණ්ඩාරනායක-ජේආර් වැනි අපකීර්තිමත් සිදුවීම් නැවත වීමට ඉඩ නොදිය යුතුය යන්නයි. ඒ යහපාලන ආණ්ඩුව රටට දුන් එක ආදර්ශයකි.
 
2005-2005 කාලයේ මහජන මුදල් මංකොල්ලකෑමේ යෙදුණු තමන්ගේ දේශපාලකයන් හා තමන් යටතේ සිටි නිලධාරීන් නීතිය ඉදිරියට පැමිණවීම ගැන ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ රාජපක්‍ෂ ආණ්ඩුව ඉන්නේ දැඩි තරහකිනි. 
 
ඒ පිළිබඳව පවරා ඇති නඩු ඉදිරියට ගෙන නොයෑමත්, සමහර නඩුවලදී විත්තිකරුවන් නිදහස් වීමත්, තවත් සමහර අභියාචනාවලදී විත්තිකරුවන් නිදොස් කිරීමත් ආණ්ඩුව පෙන්වන්නට හදන්නේ, අහිංසක තමන්ගෙන් දේශපාලන වශයෙන් පළිගැනීමට මේ නඩු පැවරුවා වැනි දෙයකි. 
 
එහෙත්, ඒ සා විශාල වංචා, දූෂණ හා අපරාධ පරණ රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේදී සිදුවුණු බව කවුරුත් දනිති. 
 
ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය මව්පිය කෞතුකාගාරය ඉදිකරන්නට රජයේ ආයතනයකින් මුදල් ලබාගෙන තිබීමත්, ඒ ගැන විමර්ශනය කරන විට එම මුදල් ආපසු ගෙවීමත් අමතක නොකළ යුතු කාරණයකි. 
 
එහෙත් යහපාලන ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව නිසා, අද හොරුන් උපාසකයන් වී අපරාධ විමර්ශකයෝ, පැමිණිල්ලේ නීතිඥයෝ අපරාධකරුවන් වී සිටිති.
 
 
 
 
කොහොම වුණත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැන් දෙන්නට යන ආදර්ශය වන්නේ, හැම ආණ්ඩුවක්ම බලයට ආ පසු මෙලෙස ජනාධිපති කොමිෂන් පිළිබඳ නීතිය අපයෝජනය කර පළිගැනීමේ කොමිෂන් පත් කර තම විරුද්ධවාදීන්ගෙන් පළිගත යුතුය යන්නය. 
 
 
මේ ආණ්ඩුවට පසුව එන ආණ්ඩුවද ඒ පූර්වාදර්ශය අනුව කටයුතු කළ විට, රටේ යුක්තිය කුණුකූඩයට විසිවෙනවා පමණක් නොව, හැම විටම පැරදුණු ආණ්ඩුවේ දේශපාලකයන් එන තුරු බන්ධනාගාර දොරටු විවෘතව තැබෙනවා ද ඇත.■''
 
 
 
කාලි අම්මා වැඩිවිය පත්වීමේ අවස්ථාවක් ?
 
 

Kali Maa 1000x600 1

 
 පසුගිය මාස කිහිපය තිස්සේ ක්‍රියාත්මක වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම සම්බන්ධයෙන් මෙවර සති අන්තයේ 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවී ඇති ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ ගේ දේශපාලන විග්‍රහයක සඳහන් වන්නේ,  ''මේ කොමිසම, කාලි අම්මා වැඩිවිය පත්වීමේ අවස්ථාවක් වශයෙන් සැලකිය හැකියි.'' කියාය. 
 
 
 එහි මෙසේද සඳහන් වේ.
 
''මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ අපරාධ හෝ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වී අධිකරණයට ඉදිරිපත් කර සිටි බොහෝ දෙනා 'දේශපාලන පළිගැනීම්' යන ශීර්ෂය යටතට ගනිමින් අහිංසකයන් සේ එහිදී අලූතින් වෙස්ගන්වනු අපට පෙනුණි. 
 
ඒ අනුව, බැසිල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, යෝෂිත රාජපක්ෂ, නාලක ගොඩහේවා, පිල්ලෙයාන්, ජාලිය වික්‍රමසූරිය, නිශ්ශංක සේනාධිපති, රෝහිත බෝගොල්ලාගම සහ උදයංග වීරතුංග ආදී පුද්ගලයන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට මෙම කොමිසම ගිය සතියේ නිර්දේශ කෙළේය. 
 
කාලි අම්මාගේ ආවේශයෙන් 'පැණිබාස්' වගවීමෙන් නිදහස් කෙරෙන ආකාරයට මෙය සමාන ය. වෙනසකට ඇත්තේ, උද්ධෘතය පමණි. 
 
'කාලි අම්මා' යන සංකල්පය වෙනුවට මේ කොමිසම තුළ භාවිත වූ යෙදුම වුණේ, 'දේශපාලන පළිගැනීම්' යන්නයි. කාලි අම්මා සහ මේ කොමිසම ඒ දක්වා සමපාතයි. 
 
එහෙත් කොමිසම තවත් එහාට ගියේය. 
 
අතීත චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට පමණක් නොව, අතීත චෝදකයන් වර්තමාන චූදිතයන් බවට පත්කිරීමටත් මේ කොමිසම පියවර ගෙන ඇත. 
 
ඒ අනුව, රනිල් වික්‍රමසිංහ, චම්පික රණවක, මංගල සමරවීර, එම්. ඒ. සුමන්දිරන්, සරත් ෆොන්සේකා සහ අනුර කුමාර දිසානායක වැනි දේශපාලනඥයන්ටද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙකු වන තුසිත් මුදලිගේ වැනි රාජ්‍ය නිලධාරීන් පිරිසකටද විරුද්ධව, ඉහත කී 'අහිංසකයන්ට' විරුද්ධව කටයුතු කර තිබීම සම්බන්ධයෙන්, නීතිමය පියවර ගත යුතු බවටත් කොමිසම නිර්දේශ කොට තිබේ. 
 
මහා දඩයම පටන්ගැනීමට ආසන්නයි. 
 
කාලිඅම්මා, 'පැණිබාස්' සම්බන්ධයෙන් එතරම් ත්‍යාගශීලී වුණේ නැත. 
 
ඇය කෙළේ, සියලූ වගකීම්වලින් ඔහුව නොදොස් කිරීම පමණි. 
 
ඒ අර්ථයෙන් ගත් විට, මේ කොමිසම, කාලි අම්මා වැඩිවිය පත්වීමේ අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. ''
 
 
 
සම්පුර්ණ ලිපිය පහලින් 
 
 

##############

 
රටේ ප්‍රශ්න තුනකට පිළිතුරු සොයාගත් මුරුත්තෙට්ටුවේ හිමිගේ උපන්දින සාදය 
 

 
 මක්ක කරන්නෙයි, ප්‍රබල ඇමතිට නින්ද නොයන ලෙඩක් !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්