කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වන අමාත්‍ය විමල් වීරවංශ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ කාරණයේ දී කටයුතු කළ ආකාරය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ)
ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.
දැඩි බැසිල්වාදියකු වන ඔහු එබව පැවසුයේ, බත්තරමුල්ලේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අමාත්‍ය වීරවංශට කැබිනට් සාමුහිකත්වය මත පිහිටා කටයුතු කළ යුතුව තිබූ බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය.
“ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් තමන් සමාජය ඉදිරියේ වීරයන් වීමට පුද්ගලයන් උත්සාහ කිරීම ආණ්ඩුවේ යහපැවැත්මට එතරම් සුබවාදී නැහැ. කෙසේ නමුත් වත්මන් රජය හා ජනාධිපතිවරයා කිසිම කෙනෙකුගේ බලපෑමට යටත් වන්නේ නැහැ. ඔවුන් රට සංවර්ධනය කරන්නේ කිසි කෙනෙකුගේ බලපෑමට යටත් වී නොවෙයි.” යයි පොහොට්ටු ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ 'ජාතිකවාදීන්' වරාය අර්බුදයේදී හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග හා රෝහිත අබේගුණවර්ධන වැනි ආණ්ඩුවේ අමාත්‍යවරුන් ගෙන්ද විමල් ඇතුළු කණ්ඩායමට බලවත් විරෝධයක් එල්ල වෙමින් තිබේ.
පසුගිය සඳුදා (01) පවතී කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දෙපාර්ශවය අතර උණුසුම් මතගැටුමක් සිදුවිය.
'එලියට බැහැල ගහන්න වෙනවා ' : පොහොට්ටුවේ පසුපෙලෙන් තර්ජනයක් !
මේ අතර පොහොට්ටු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගෙන්ද විමල්වාදීන්ට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
ආණ්ඩු පක්ෂයේ සිට සූක්ෂම ලෙස ආණ්ඩුවට පහර දීමේ ක්‍රමවේදයක් ඇතැම් මැති-ඇමතිවරුන් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
මෙම තත්ත්වය දිගින් - දිගටම පැවතුණහොත් එවැනි මැති- ඇමතිවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට සිදු වන බව ද ඔහු අවධාරණය කර සිටියි.
දැඩි බැසිල්වාදියකු වන තෙන්නකෝන් මන්ත්‍රීවරයා එබව පැවසුයේ, නාඋල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
‘බකන් නිලාගෙන’ සිටි අය අද චන්ඩි වෙන්න හදනවා
කෙසේවුවද, පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක අමාත්‍ය විමල් විරවංශ පැවසුයේ, නැඟෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට පෙබරවාරි 01 දා කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල, 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ඓතිහාසික තීන්දුවක් බවත් එය හෑල්ලුවට ලක් කරන්නේ එදා ‘යහපාලන ආණ්ඩුව’ හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන විට ‘බකන් නිලාගෙන’ සිටි පිරිසක් බවත් ය.
''එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණන විට සටන් කිරීමට ඒ ආණ්ඩුව ඇතුළේ කිසිවකු සිටියේ නැහැ. එළියේ සිටින ජනතාවගේ වේදනාව අහන්න එදා ඒ ආණ්ඩුවේ කිසිවකු සිටියේ නැහැ. එළියේ නඟපු ජනතා හඩට එදා නායකත්වය දුන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ හිටි අප පමණයි.'' යයි අමාත්‍ය විමල් විරවංශ අවධාරණය කර සිටියේ, නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට ලබාදීමට උත්සහ කල බව කියන වත්මන් ආණ්ඩුවේ බැසිල්වාදීන්ට ද ව්‍යංගයෙන් පහරක් දෙමිනි.
කෙසේවුවද නැඟෙනහිර පර්යන්තය සුරැකීමේ සටන ඇතුළේ ‘පොහොට්ටුවේ ’වෘත්තීය සමිතිය මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂවල වෘත්තීය සමිති ඉදිරියෙන්ම හිටිබව ද විරවංශ අමාත්‍යවරයා සඳහන් කළේය.
'' ඒ වගේම ආණ්ඩුව ගොඩනැගීමට කැප වූ ජාතික බලවේග මේ සටනේදී පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළා. ඒ වගේම අපත් ආණ්ඩුව ඇතුළේ සිටිමින් ‘නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පූර්ණ වශයෙන් වරාය අධිකාරිය මගින් සිදුකළ යුතුයි’ කියන ස්ථාවරය ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් මේ සෑම කරුණක්ම ඉතාමත් මැනවින් අධ්‍යයනය කරලා, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති උපායමාර්ගික වැදගත්කම නිවැරදිව තක්සේරු කරලා, ඒ වගේම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව අද ගෙන ඇත්තේ ඓතිහාසික තීන්දුවක්.'' යයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
වරාය සංවර්ධනයට විදෙස් ආයෝජන අවශ්‍යයි - මහාචාර්ය රොහාන් සමරජීව
මේ අතර වරාය නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මතුව අර්බුදය පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය රොහාන් සමරජීව යලිත් වරක් අවධාරණය කරන්නේ, කොළඹ වරාය සංවර්ධනය සඳහා විදෙස් ආයෝජන ලබාගැනීම සුදුසු බවයි.
වරාය අර්බුදය දෙස සැබෑ දේශප්‍රේමියෙකු බැලිය යුත්තේ කෙසේද? යන කාරණය සම්බන්ධයෙන් මහාචාර්ය රොහාන් සමරජීව මිට ඉහත දී ද කරුණු ඉදිරිපත් කර තිබිණ.
මෙවර ද ඔහු වත්මන් තත්වය විග්‍රහ කර ඇත්තේ, අන්තර් ජාලය වෙත වීඩියෝවක් මුදා හරිමිනි. 'සැබෑ දේශප්‍රේමියෝ' මාධ්‍ය ඒකකය විසින් එම වීඩියෝව සමාජගත කර තිබේ.
නැගෙනහිර ජැටිය විකුනන්න ගිය හතර දෙනාගේ කල්ලිය
ගෝඨා මලයා නෝන්ඩි කරමින් මහින්ද අයියා ගහපු ගේම...