leader s

 ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ඇය 82 වැනි වියේ පසුවුවාය.
 
ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වේදිකා නට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇති ඇය නාට්‍ය අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට ද සිය දායකත්වය දක්වා තිබුණි.
 
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාසික රැඟුම ප්‍රසංගයෙන් මුල්වරට රංගනයෙන් එක් වූ ඇය මිරිඟුව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපනය කරමින් සිනමා රංගනයට ද අවතීර්ණ විය.
 
විරාගය, යුගාන්තය, යහළු යෙහෙළි, මංගල තෑග්ග, මාරුතය හා භවදුක යන චිත්‍රපටවල ඇයගේ රංගනය කැපී පෙනේ.
 
එරබඳු මල්, නෑදෑයෝ, දූ දරුවෝ, ගිරය, අසල්වැසියෝ, සුර අසුර, ඉරපායා ඇතුළු ජනතාව වඩාත් ආදරය කළ ටෙලි නිර්මාණ රැසකට ඇය රංගනයෙන් දායක විය.
 
1981 දී ඇය ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා වන සම්මානය නවසිය අනු නවය නාට්‍යය සඳහා දිනා ගත්තාය.

 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්