රාජ්‍ය සේවයක් නොමැතිව, නොඑසේනම් එය දුර්වල කරමින් රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නොහැකි
බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට පැවතිය නොහැකි බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය පවසයි.
 
ඔහු එබව කියා සිටියේ, රාජ්‍ය සේවය රැකගැනීම සඳහා වූ සම්මන්ත්‍රණය අමතමිනි.
 
රාජ්‍ය සේවය තුළ වර්තමානයේ ඇතිවෙමින් පවතින අසහනය හා දේශපාලනීකරණය කිරීමට ගන්නා උත්සාහය නිසා අන්තර්ජාතික ගෞරවය උපයාගත් මුළු රාජ්‍ය සේවයම මහා ගරා වැටීමකට පත්වීම ගැන බලවත් සේ කණගාටු වන බවද හෙතෙම එහිදී පැවසිය.  
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සිවිල් සේවය, හමුදා සේවය ඇතුළත් මුළු රාජ්‍ය සේවයම විනාශ මුඛයෙන් ගලවා ගැනීම සඳහා පූර්ණ වශයෙන් කැපවන බවද හිටපු කතානායකවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.' 
 
එහිදී තව දුරටත් අදහස් දැක්වූ කරු ජයසුරිය මෙසේද සඳහන් කළේය.
 
efw රාජ්‍ය සේවය හමුදාකරණය කිරීම ගැන චෝදනා...
 
 
''මේ දිනවල රාජ්‍ය සේවය හමුදාකරණය කිරීම ගැනද විවිධ අංශ වලින් චෝදනා නැගෙනවා. ආරක්ෂක හමුදාවත්, රාජ්‍ය සේවයේ කොටසක්. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස අප රටේ යහ පැවැත්ම ආරක්ෂා කරගැනීමට හා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඒ සෑම ආයතන පද්ධතියක්ම ඉතා මැනවින් පාලනය කරගත යුතුව තිබෙනවා.
 
නූතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ සිවිල් සේවය හා රාජ්‍ය සේවය පක්ෂ දේශපාලනයෙන් මෙන්ම එක් පුද්ගල ආධිපත්‍යයකට නතු නොවී ස්වාධීන හා ඊට අනන්‍ය වූ ස්වරූපයකින් ක්‍රියාත්මක වනවා. එවැනි රටවල ආණ්ඩු වෙනස් විය හැකි වුවත්, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ.
 
ඒ නිසා සිවිල් හා රාජ්‍ය සේවය ද ප්‍රජාතන්ත්‍රවාදී මූලික හරයන්ට අනුගතව ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා සැදී පැහැදී සිටිනවා.
 
එමෙන්ම රටක ආරක්ෂක හමුදාවන් ජාතික ආරක්ෂාවට අදාළව මෙන්ම රටේ ස්වාධිපත්‍යය බලය ආරක්ෂා කරගැනීම උදෙසා අත්‍යන්තයෙන්ම බැඳී සිටිනවා. ඊට ආවේනික වූ අසමසම වගකීමකින් හා කැපවීමකින් යුත් සේවයක නියැලෙනවා.
 
එම වගකීමේ දී ඔවුන්ගේද පරම බැඳීම ඇත්තේ රාජ්‍යයටයි.''
 
ඒ අනුව සැලකීමේදී ශ්‍රී ලංකාව යනු මහජනතාවගේ පරමාධිපත්‍යය බලය මත පිහිටා කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බව හිටපු කතානායකවරයා පෙන්වා දුන්නේය.
 
ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේද සඳහන් කළේය.
 
''එහිදී අපට ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන ලොව ඕනෑම රටක ආදර්ශ ගත හැකි ඇමරිකාව, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය වැනි ලොව බලවත්ම ආර්ථික ශක්තියක් ගොඩනගාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් එහිදී අපට ගත හැකි යහපත් ආදර්ශ බොහෝ තිබෙනවා.
 
එම සෑම රටකමද බලවත් වූ ආරක්ෂක හමුදාවල් තිබෙනවා. හමුදා බලය අතින් සලකන විට එම රටවල් අයත් වන්නේ ලොව අංක 01 සිට 10 ඇතුළත් වන කාණ්ඩයටයි.
 
එහෙත් ඒ සෑම රටක්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන්ට අනුගතව සිවිල් සේවය මෙන්ම හමුදා සේවයද ඒවාට අනන්‍ය වූ කාර්‍ය සීමාවන් හි මැනවින් යොදාගනිමින් සිටිනවා. සිවිල් සේවයට ආරක්ෂක හමුදා යොදාගන්නේ හෝ රාජ්‍ය ආරක්ෂාවට සිවිල් සේවය එහිදී යොදාගන්නේ නැහැ.
 
ඒ නිසා අද වන විට අපට මුහුණ දීමට සිදුවන යම් යම් ගැටළු වෙත්නම් ඒවා රටේ යහපත වෙනුවෙන් විසඳාගත යුතු වෙනවා.''
 
යහපත් ආකාරයට රට ඉදිරියට ගෙනයාමටනම්, රාජ්‍ය සේවයේ සියළු කොටස් එකමුතුව, සමගියෙන් ඒ ඒ සීමාවන්ට අදාළව කටයුතු කළ යුතුව තිබෙන බවද හිටපු කතානායකවරයා අවධාරණය කර සිටියේය.
 
 
 
''එසේ නොමැතිව එක් කොටසක් තවත් කොටසක් අභිබවා යන ලෙස සලකන්නේනම්, එය අනිත් පාර්ශවය අධෛර්‍යමත් කිරීමක්. රජය මේ වරද කළ යුතු නැහැ.'' යයි කියා සිටි කරු ජයසුරිය තමා හිටපු හමුදා නිලධාරියකු බවද මෙහිදී සිහිපත් කළේය.
 
''මම හමුදා පසුබිමක් සහිත අයෙකු මෙන්ම, අවස්ථා දෙකකදී රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් සේවය කර ඇති නිසා මෙම ක්ෂේත්‍රයන් දෙකෙහිම ශක්තිය හා කාර්යභාරයන් වගකීමකින් යුතුව සඳහන් කරන්න පුළුවන්.
 
රාජ්‍ය සේවයේ මෑත ඉතිහාසය ගැන කතා කරන විට සමහර සේවා දැඩි ලෙස දේශපාලනයට ප්‍රවිශ්ඨ උනා. සමහර ඉහළ මට්ටමේ නිලධාරීන් දේශපාලන පක්ෂ සම්මේලන වලට පවා සහභාගී වූණා. සමහරු දේශපාලනඥයින් සමඟ ගණුදෙනු කළා.
 
සමහර කඩාකප්පල්කාරී වැඩ වලටත් හවුල් වුණා.
 
මා මේ කථා කරන්නේ ඒවාට ඉතාමත්ම තදින් දායක වූ කිහිප දෙනෙක් ගැන පමණයි.
 
මේ කිහිප දෙනා දැන් නිශ්ශබ්දව සිටියත්, මේ මහා විනාශයට ඔවුන් වග කිව යුතුයි.'' 
 
එය එසේ වුවත්, රාජ්‍ය සේවයේ සිටින අති නිලධාරීන් බහුතරයක් දෙනා ඉතාමත් කැපවීමකින් යුත් දක්ෂ නිලධාරීන් බව ප්‍රකාශ කළ යුතුම බවත්, ඒ බව වගකීමකින් යුතුව කියන්න පුළුවන් බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.
 
 
 
ඔවුන්ගේ හැකියාව මා පෞද්ගලිකව දන්නවා. කෙසේ නමුත්, දැනට විවිධ හේතුන් මත රජය මොවුන්ගේ සේවය නිසි පරිදි ලබාගන්නේ නැහැ. 
 
ඒ ඒ රාජකාරී සඳහා නිලධාරීන් පත් කිරීම ජන ජීවිතයට බලපාන බොහෝ සේවාවන් බිඳ වැටීමට එක හේතුවක් වී තිබෙනවා.
 
මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ද පොලිසිය ද සිදු කර ඇති විශිෂ්ඨ සේවාව අප අමතක කළ යුතු නැහැ.
 
imagen මෑතකදී අප මුහුණ දුන කොවිඩ් වසංගතය මර්ධනයේ දී යුධ හමුදාව  ඇතුළු ත්‍රිවිධ හමුදාව කළ විශිෂ්ඨ සේවාව අපි අගය කළ යුතුයි.
 
 
මෑත යුගයේ දී මුළු රාජ්‍ය සේවයේම එනම්, හමුදා සේවයත් ඇතුළුව සිදුකරන ලද කටයුතු වලදී රටටත්, ජනතාවටත්, සහන සැළසුණු අවස්ථා කිහිපයක් ගැන වගකීමෙන් යුතුව සඳහන් කරන්නේ බලධාරින් ගේ අවධානය ඒ සඳහා යොමු කිරීම පිණිසයි.
 
මා මේ පහත සඳහන් කරන විවිධ අවස්ථා වලදී අමාත්‍ය වරයෙකු වශයෙන් අපගේ දායකත්වයද ලබා දීමට හැකි වුණා.
 
2003 වසරේදී මෙරට දිස්ත්‍රික්ක 05 ක මහා ජල ගැලීම හා නාය යාම නිසා ජීවිත 280ක් විනාශ වුණා. 
 
අර්ධ හා පූර්ණ වශයෙන් නිවාස 43000ක් පමණ හානි වුණා.
 
ආරෝග්‍යශාලා, පාසැල්, රජයේ කාර්යාල, පාලම් හා පාරවල් විනාශ වුණා. 
 
අපේ රටට ආධාර පිණිස හා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝකයේ මිත්‍ර රටවල් රාශියක් ක්ෂණිකව අපගේ උපකාරයට පැමිණියා.
 
මාස 06කින් ජන ජීවිතය යථා තත්වයකට ගෙන ඒමට හැකි වුණේ රාජ්‍ය සේවය සහ හමුදා සේවය සහයෝගයකින් යුතුව වැඩකළ නිසයි. එහිදී  ලංකාව ලබාගත් සාර්ථකත්වය අන්තර්ජාතිකව පවා ඇගයීමට ලක් උණා.
 
පසුව වෙනත් රටවල් ද එය අනුගමනය කළා. 
 
ආපදා කළමණාකරණ පනත සඳහා මූලික වැඩ කටයුතු දියත් කළේ ඉන් පසුවයි.
 
බොහෝ අභිමානයෙන් සඳහන් කළ යුතු තවත් වැදගත් අවස්ථාවක් තිබෙනවා.
 
අපගේ හමුදාව විසින් නැගෙනහිර මුදාගත් පසුව දින 180 ක් තුළ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමේ වගකීම පැවරුණේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට, පාසැල් , රජයේ කාර්යාල, ආරෝග්‍යශාලා, පොලිස් ස්ථාන, ධීවර කර්මාන්තය, කෘෂි කර්මාන්තය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම බිඳ වැටී තිබුණද, මෙහිදී ද රාජ්‍ය ආයතන සහ හමුදාව අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම නිසා දින 180 කින් ජන ජීවිතය යථා තත්වයට පත් වුණා. සිනමා ශාලා ඇරුණා.
 
තරුණ කොටස් සවසට මුහුදු වෙරළට ආවා.
 
sri lanka anthem sinhala tami 
අවසානයේ දී ජාතික ගීයද ද්‍රවිඩ භාෂාවෙන් ගායනය කර නැගෙනහිර ජන ජීවිතය යථා තත්වයට පත් කළ බව සඳහන් සන්නස ජනාධිපතිතුමා වෙනුවෙන් පැවති උත්සවයකදී ජනාධිපති ලේකම් තුමාට ලබා දුන්නා. ඒ 2017 ජූනි 15 දා
 
 
රාජ්‍ය සේවයේ තවත් විප්ලවීය වෙනසක ආරම්භය 2007 වසරේ දී සනිටුහන් වුණා.
 
එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල හා දිසාපති කාර්යාල වල කටයුතු පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් වුණා.
 
සති අන්තයේ දී රාජ්‍ය නීලධාරින් ස්වෙච්ඡාවෙන් පැමිණ කාර්යාල සුද්ධ කර තීන්ත ආලේප කර පරිසරය පිරිසුදු කර මල් සිටුවා අලංකාර කළා පමණක් නොව පුරවැසි පඤ්ප්තිය නමින් එම කාර්යාලයෙන් කෙරෙන රාජකාරී සඳහා ගන්නා කාලය සෑම කාර්යාලයකම දැන්වීම් පුවරුව තුළින් ප්‍රසිද්ධ කළා.
 
දින ගණන් සති ගණන් ගැනෙන සමහර රාජකාරී පැය කිහිපයකින් එක් දිනකින් හෝ දින කිහිපයකින් නිම කිරීමට හැකි වුණා. මෙය රටේ ජනතාවගේ විශාල අගැයීමකට පත් වුණා.
 
ඒ නිසා අද වන විට අපේ සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිසාපති කාර්යාල රටේ මෙන්ම අන්තර්ජාතිකව ද පිළිගැනීමට ලක්ව තිබෙනවා. 
 
 
 
සුදුසු නිලධාරියාට සුදුසු රාජකාරිය :
 
 
 
මේ කරුණු සඳහන් කළේ සුදුසු නිලධාරියාට සුදුසු රාජකාරිය පැවරීමේ වැදගත්කම පෙන්වා දීමටයි.
 
අද රජයේ වැඩ කටයුතු පූර්ණ වශයෙන් අවුල් වී ඇත්තේ රාජකාරිය නිසි අයුරින් පවරා නැති නිසා.
 
සිවිල් නිලධාරීන් ට කළ හැකි හමුදා නිලධාරීන් ට කළ නොහැකි සේවා තිබෙනවා.
 
එමෙන්ම හමුදා නිලධාරීන්ට කළ හැකි සිවිල් නිලධාරීන් ට කළ නොහැකි සේවා තිබෙනවා.
 
මේ අඩුපාඩුව වටහාගෙන අවශ්‍ය පියවර ගතහොත්, ජනතාව මුහුණ දෙන පීඩනය අඩු කරන්න පුළුවන්.
 
ප්‍රාදේශීය පරිපාලනය රේගුව කෘෂිකර්මය අධ්‍යාපනය ආහාර, සමාජ සේවා සෞඛ්‍ය සේවා ආදී රාජ්‍ය සේවයට ආවේනික සමහර ක්‍රියාදාමයන් අවුල් කරගන්න එපා.
 
රාජ්‍ය සේවයක් නොමැතිව නොඑසේනම් එය දුර්වල කරමින් රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නොහැකියි. ප්‍රජාතන්ත්‍රවාදී රටකට පැවතිය නොහැකියි.
 
 
රජය ඒ බව වටහාගත යුතු වෙනවා.
 
එසේ වුණොත් ඇතිවන්නේ ඒකාධිපති පාලනයක්.
 
ඒ ලකුණු අපි දැන් දකිනවා.
 
අපි අද හමුවන්නේ මේ ගරා වැටීම නවත්වන්න.
 
බුද්ධිමත්ව ක්‍රියා කර මුළු රාජ්‍ය සේවයම රැකගන්න.
 
සද්භාවයෙන් අප විසින් ඉදිරිපත් කළ මෙම අදහස් හා යෝජනා බලධාරීන් ගේ අවධානයට යොමු වේවායි ප්‍රාර්ථනා කරනවා.

 

 


 

 

 

ජිනා මැඩම් පොලීසියේ ඇස් පාදයි - SEX WORKERSලට නීතියෙන් තහනමක් නෑ

 

කිංබානට්තුමා ජනාධිපතිතුමා හම්බවෙන්න ගිහින් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්