ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුර ගමන්බෑගයක දමා වේල්ල වීදියට රැගෙන ආ
බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයා සිය දිවි හානි කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ පොලිස් කණ්ඩයම් නිවස වැටලීමට ගිය අවස්ථාවේ ඔහු නිවසින් පළා ගොස් තිබු බවයි.
 
අද උදෑසන පොලීසිය කළ සෝදිසි කිරීම්වලදී බඩල්කුඹුර, 5 කණුව ප්‍රදේශයේ නිවසට ආසන්න කෑලෑබද ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදී  ඔහුගේ  සිරුර හමු වී තිබේ.
 
ආසන්නයේ තිබී වස කුප්පියක් ද හමුවී ඇති ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
 
වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හෙළිව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියි.
 
සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර ඇත.
 
පසුව එම පුද්ගලයා පමණක් ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල - පිටකොටුව බස් රථයකට නැග ගමන්ගන්නා ආකාරය ද නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කර සිටියි.
 
ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
 
එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවත්  මියගිය කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වු ප්‍රතිඵලයක් ලෙස එම ඝාතනය සිදුව ඇති බවත්  පොලිසිය සැක පළකර සිටියි.
 

 
 
 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

 

මෛත්‍රිට අධිකරණයකින් දඬුවම් දෙනව නම් මම කැමතියි! - දෙහිවල ශිලනිප සංවිධායක 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්