ශ්‍රී ලංකා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය
අනුරාධපුරයට රැගෙන යාමට එරෙහිව යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (04 )  පැවති විරෝධතාවයට සහභාගී වූ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට පොලීසිය විසින් බාධා කිරීම හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් බව උතුරේ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
 
මන්ත්‍රීවරයා යාපනය දිසාපති කාර්යාලයට ඇතුලුවීමට උත්සහ කළ අවස්ථාවේදී මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන ඇති අතර මෙහිදී පොලීසිය විසින් මන්ත්‍රීවරයාට බැන වැදී ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.
 
එහිදී පොලිසිය විශාල බල ඇණියක් යොදවා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් එසේ යාපනය දිසාපති කාර්යාලයට ඇතුල්වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කොට තිබේ. 
 
පසුව විරෝධය පෑමට පැමිණි පිරිස යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිට පැය දෙකක පමණ කාලයක් විරෝධය පල කොට යාපනය දිසාපතිවරයාට ලිපියක් බාර දී ආපසු ගොස් ඇත. 

 

gajendra Protest

gajendra 1


 

 

 

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

 

ආණ්ඩුව කරන දේ වැරදි වුණාට අගමැති කියන දේ හරි! - හර්ෂ ද සිල්වා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්