leader s

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනයාට යුක්තිය ඉටු කර දෙන ලෙස බලකරමින් ආගමික නායකයන්ගේද සහභාගිත්වයෙන් යාපනයේදී උද්ඝෝෂණයක්
පවත්වා තිබේ.
 
 යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන පේතුරුතුඩුව, යාපනය ප්‍රධාන මාර්ගය ඔස්සේ කෙටි දුරක් ගමන් කරමින් නැවතත් කන්දසාමි කෝවිල ඉදිරිපිටට පැමිණ විරෝධතාවය දියත් කර ඇත.
 
උද්ඝෝෂණය සංවිධානය කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසිනි.
 
මාර්තු 17 බදාදා පැවැති විරෝධතාවය සදහා අතුරුදහන් වුවන්ගේ පවුල්වල ඥාතීන්ට අමතරව උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් සහ ආගමික නායකයන්ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
 දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් තිලීපන් ගේ   ස්මාරකයකට විරෝධතාවයට එක්ව සිටි ආගමික නායකයන් පුෂ්ප උපහාර දක්වන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ.
 
 
 50484752 Unknown
 
 
ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ගෙනයන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කිරීම සඳහා යුද පීඩිත දෙමළ ජනයා උතුරු හා නැගෙනහිර ස්ථාන තුනක ආරම්භ කළහ.
 
 ආගමික නායකයන්, විශ්වවිද්‍යාල සිසුන් හා සිවිල් ක්‍රියාධරයන් එක්වී යාපනය උපවාසය නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ කර තිබුනේ පෙබරවාරි 28 ඉරිදායි.
 
 නැගෙනහිර ජනයා මඩකලපුව මාමංගම් ගණදෙවි කෝවිල ඉදිරිපිටින් මාර්තු 3 බදාදා දිනත්, මාර්තු 6 බදාදා අම්පාර කල්මුනේ ද්‍රෞපදී දේවාලය ඉදිරිපිටත් ආරම්භ කළ උපවාස දෙකටම දිගින් දිගටම පොලිසිය බාධා කර තිබුණි.
 
 පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ 46 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය අවසන් වන මාර්තු මස 23 වැනිදා තෙක් අඛණ්ඩව එම උපවාසය පවත්වාගෙන යාම යුද පීඩිත දෙමළ ජනයාගේ අපේක්ෂාව බවයි.
 
###############
 
 
 

 

කිව්වේ නම් කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්!
මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?

 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්